Pages

Sunday, December 31, 2017

...::: නව දිනක් අරඹන්න :::...

Vilochana Abeykoon's photo.


ඩිංගකට ඇවිත් මේ
පැත්තකින් ඉඳගන්න
කියන්නම් කතාවක්
අද හොඳින් අහගන්න
ගෙවුණු පහුගිය වසරෙ
කෙරු අවැඩකම් ටිකම
එපා එන වසරටත්
අනේ අරගෙන යන්න
.
එපා වෙනකුගෙ පණක්
නසන මරුවෙකු වෙන්න
එපා වෙනකුගෙ දෙයක්
අයිති නැති නම් ගන්න
එපා රවටන මැයින්
මුස බස් තෙපලන්න
එපා මත් වෙන දෑට
සේසතම දන් දෙන්න
.
පිනට පසුබට නොවී
හොඳ දේම වපුරන්න
නුඹ වැපිරු අස්වැන්න
නුඹට බව දැනගන්න
කරන දෑ කිම වුනත්
යහපතට මුල් වන්න
සිදුවු හැම කරුණක්ම
හොඳට යැයි පිළිගන්න
.
ගෙවුණු ඒ අතීතයෙ
හොඳම පමණක් ගන්න
පාඩමක් ඉගෙන ගෙන
අතීතය වලලන්න
නොවිසඳුම් විසඳන්න
කාලයට ඉඩ දෙන්න
හෙට ඉඳන් නව වසක්
නව දිනක් අරඹන්න
.
...::: © විලෝචනා :::...

Saturday, December 23, 2017

...::: මගෙ අහිංසක රැප් එක :::...

අඳ වික්ශිප්ත අසරණ සරණ නොමැති
පටු සිතුවිලි රජයන ලෝකේ 😠
වෙද මැසිවිල්ල හඬ හඬ කුමටද
ගිලෙන්නෙ කිසිදින නොමියෙන ශෝකේ 😔
ගනු කඩු කිණිසි හෙලි මුගුරු දවනුය
පෙලනුය වලලනු හිත බිය ශ්ලෝකේ 😕
ගෙන විරිය නැගෙනු බලනු විඳිනු අන්ධකාරෙන් නොපෙලුණු ජවේ ආලෝකේ 😊
.
...::: ලෝචි:::...

Thursday, December 14, 2017

...::: පෙර පව් :::...


පෙර අත් භවයක
උඹත් ඉන්න ඇති
ගිණි මද්දහනේ
නගරය මැද්දේ
බර මලු උස්සන්
එන බස් ගැන ගැන
විපරම් කර කර
කොයි මොහොතේ හෝ
මගෙ රුව එද්දැයි...

Tuesday, November 28, 2017

...::: තනුවක් වෙලා රැඳියන් මේ දෙතොල් මත :::...


අල්ලා රඳා ගනු බැ‍රි මුදු සුළඟ නුඹ
එති එති කළඹ කළඹා මා දුර ඇදෙන
අකලට විත් නොරැඳි ඇදෙනා වසත් කල
නුඹමය සදා උමතුව මතුවී මැකෙන
.
හී සර නුඹේ නෙතු මා හද රුහිර විද
පසාරු කර ඇදෙයි ඩැහැ ගන්වා ලෝම
එක් සඳවතක් සිප ගත්තෙමි සිහිනයක
තනුවක් වෙලා රැඳියන් මේ දෙතොල් මත

Saturday, November 18, 2017

...::: From the Hell :::...


නොදුටු නොහැඳිනු හිතවතුන් ...
තනිව ළබැඳුණු රස වතුන් ...
හාන්කවිසිය මගැන නොදැනම ...
දුරින් පෙම් බැඳි පෙම්වතුන් ...
.
පෙමට හැඳිනුම් ලියනවුන් ...
හැඟුම් කවිකොට ගයනවුන් ...
කවිය මගකදි එළිසමය බිඳ ...
අතීතය සිහිකරනවුන් ...
.
අලුත් මුහුණින් ඇදෙනවුන් ...
අලුත් ආරෙට රඟන වුන් ...
අලුත් අරුතින් සිහින පෙන්වා ...
පරණ පාරෙම ඇදෙනවුන් ...
.
කොමළ වත තොල් රත්වනුන් ...
බොළඳකම් පෑ රන්වනුන් ...
තැලී පෑරී ගියෙන් මෙහි නෑ ...
නුඹේ වන්නට සුරඟනුන් ...
.

෴ විලෝචනා ෴

Friday, November 10, 2017

අනේ කොල්ලො ඇයි ඔය හැටි බඩ ජාරී 😜

උජාරුවට ඇන්ඳට නම් නෑ කාරී 😏
යන යන හැමතැනම දා ගත්තත් ගෝරී 😠
එහෙත් මෙහෙව් කරුණක් නෑ මට තේරී 😤
අනේ කොල්ලො ඇයි ඔය හැටි බඩ ජාරී 😜

Thursday, November 9, 2017

...::: පණිවිඩ :::...


දැක්කත් නොදුටු සේ ඉන්නේ ඉවත බලා
ආඩම්බරකමට නොව ඇස් වෙහෙස වෙලා
හැම පණිවිඩේටම හිටියොත් අතවනලා
නැති වෙයි කලක් ඉන්නට කාලා ඇඳලා
.
සංවාදයක් එකකින් කෙලවර නොවෙන
එකකින් එකක් තව තව බස් පෙළ ගැසෙන
සිතනුය කෙසේ හැමටම පිළිතුරු ගෙනෙන
යන්තම් ඇයි හොඳැයි කීමෙත් පල නොවන
.
එක දෙක පැයට පණිවිඩ ගොඩ ගැහෙන්නේ
ඇතැමෙක් හොඳින් ඇතැමෙක් දෙස් තියන්නේ
කොහොමද හැමට එක දේ යලි කියන්නේ
ඒකයි අනේ මේ පාඩුවෙ හිඳින්නේ

Saturday, November 4, 2017

...::: බස්සා :::...


හොස්ස අහලින් මැස්සා යන්නැති 😍
වැස්ස වැස්සත් උස්නෙ අඩු නැති 😂
දිස්වු කෙලි ගති රිස්සුවේ නැති 😖
බස්සා මගෙ මට ගස්සගෙන යති 😒
.
...::: ලෝචි :::...

Sunday, October 22, 2017

...::: ගොළු වූ ගායිකාව :::...


අසන්නෙකු නැති සඳ...
ගයන්නේ කුමටද???
ගායිකාවකි එහෙව්...
සදහටම ගොළු වූ,
රසිකයා වියෝවෙන්...

Saturday, October 21, 2017

...::: ඔහු හමුවන මගේ, ඇති නිවනෙත් අගේ :::...

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
තරුපති තරු වරා,
දිස්නෙට නුබ පුරා...
නෙත් වැසු සැටි දරා,
වසරක් නිම කරා...
.
දින සති නික්මුණා,
රෑ දහවල් වුණා...
ගැලු කඳුලක් විනා,
පෙර මෙන් නොම වුණා...
.
උන් කල දැරු වෙරේ,
නැති වුව පල දැරේ...
සැම තැන ගේ දොරේ,
පිය සෙනෙහස පිරේ...
.
යස දරුවන් වෙතේ,
කිසි අඩුවක් නැතේ...
රිදුමට නුඹ හිතේ,
කිසි කරුණක් නැතේ...
.
මියැදුනු සඳවතේ,
නුඹෙ මතකය සිතේ...
උණු වුව අප නෙතේ,
දුක නම් අඩු නැතේ...
.
එනමුදු නුඹ ගියේ,
දෙව් ලොවටැයි රැයේ...
සිතෙනා සැම පැයේ,
සැනසෙමි නෙත් දියේ...
.
අප්පච්චිගෙ මගේ,
නැත නිරයෙහි රඟේ...
ඔහු හමුවන මගේ,
ඇති නිවනෙත් අගේ...

Monday, October 16, 2017

...::: සුදු මූණ :::...

😍
වාත්තු කල ඉටි රූපෙ වගේ,
කිරි පාටට උඹ දිලිහෙනකොට... 😘
කියාවි උන් මං ආදරේ,
උඹෙ සුදු මූණට වග... 🙄
හේත්තු වෙද්දි උඹෙ පළල් පපුවට,
උඹෙ හෘද ස්පන්දනේ,
වැඩි වෙච්ච හැටියට... 🤗
ඇත්තටම උඹයි මට ආදරේ වග,
පපුව හිරි වැටීගෙන... 😲
මට දැණුනු හින්ඳම,
මම උඹට වහ වැටුණු බව නොදැන... 🤭
කියාවි උන් මං ආදරේ,
උඹෙ සුදු මූණට වග... 😏
.
...::: © විලෝචනා :::...

Sunday, October 1, 2017

...::: යස්සනි මං :::...

'❤
නිස්කාරන යක් ආතුර 
වෙස් රැගෙන.................... 😠
ඇස් අග්ගිසි තෙත් කර 
ලේ පැහැ ගෙනෙන.............. 🤯
ගස්සාගෙන ගොස් 
රහසෙම දොස් නගන...............🤬
යස්සනි මං 
දෙව් රුවකට පෙම් බඳින...........😍
.
...::: © විලෝචනා :::...'


නිස්කාරන යක් ආතුර
වෙස් රැගෙන.................... 😠
ඇස් අග්ගිසි තෙත් කර
ලේ පැහැ ගෙනෙන.............. 🤯
ගස්සාගෙන ගොස්
රහසෙම දොස් නගන...............🤬
යස්සනි මං
දෙව් රුවකට පෙම් බඳින...........😍
.
...::: © විලෝචනා :::...

Tuesday, September 26, 2017

...::: අනියත :::...


ඉරත් යයි අවරට
සඳත් නැත තනියට
වෙතත් දුක කරුමෙට
මගක් නෑ නිවනට
.
අනියතය නුඹ මම
අනියතය ලොව සැම
ඉතින් අපි අපිටම
දොස් කියනුයේ කිම
.
යන දින කය අතැර
ධනය සැම පසු කර
ගෙන යනු අන් කවර
කරගත් පිනම හැර

Wednesday, September 20, 2017

...::: ඒ පිරිමි හදවතත්, නැවතිලා වසරක් :::...

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.

ගෙවුණි පැය ගණනක්,
නැහැ පුරුදු ඇමතුමක්,
අප්පච්චි අමතකද,
කිරි දෝණි ගැන යමක්... 😒
.
එදත් නෑ ඉඳලා නුඹ,
ඇරෙනවිට මගේ ඇස්,
දැනගද්දි මගෙ උපත,
ගෙවිලා දින දෙක තුනක්... 😢
.
අප්පච්චි අපෙ අම්මි,
ගෙනල්ලා නංගියෙක්,
කියද්දිත් අයියලා,
නුඹට විය පුදුමයක්... 😳
.
විසි ගණන් ගෙවුණු හැම,
බිනර මස විසි දිනක්,
මෙතෙක් නෑ මග හැරී,
එක් සොඳුරු ඇමතුමක්... 😚
.
නුඹෙ මුවින් සෙනෙහසින්,
දුන්නු ඒ සුභ පැතුම,
නැතිව මුල් වර ගෙවමි,
කරුම වූ සුභ දිනක්... 😵
.
වෙනදාට මේ දිනට,
පින් දහම් බෝ කරන
ඒ පිරිමි හදවතත්,
නැවතිලා වසරක්... 😔

"කිරි දුව ! සුභ උපන්දිනයක් වේවා! මම සල්ලි දැම්මා පොතට. ඇඳුමක් ගන්න. හැමදාම වගේ අදත් මම ලොකු දානයක් දුන්නා"
.
 හිටියා නම් කියන්නෙ මෙහෙම. අද දවස අප්පච්චිට තරම් වැදගත් වෙන තවත් පිරිමියෙක් නෑ... කවුරුත්ම නෑ... අනේ හිටියා නම් අද එක එක දේවල් හදලා දෙයි... ගිය අවුරුද්ද තමයි අප්පච්චි හිටිය මගෙ අන්තිම උපන්දිනය... අප්පච්චිට නිවන් සුව !!! 😔
 — feeling down.

Monday, September 18, 2017

...::: තනිය :::...


තනියි මගෙ සඳ ඇවිත් තනියට
කවක් වත් පද බඳියි නම් 😋
නිවෙයි මගෙ හිත මැකෙයි තනි කම
දැහැන් ගත වෙයි නුඹෙන් මං 😍
සුදෝ සුදු අත මගේ හිස මත
තියා කියනා පෙම් වදන් 😒
අහන් ඉන්නට අනේ කවදද
නුවර එන්නේ මගෙ මචං 😂

Monday, September 4, 2017

කවි වල නැති එළි සමයට, බය වී බෑ කවි ලියන්න...

ලස්සන නැති මගෙ අත්වල,
වළලු වලට හැඩ කොහින්ඳ...
හැඩ නැති ඉඟ සුඟ දැක්කම,
ආල හිතුනෙ මොන හිතටද...
අඩි ගණනක් උඩින් ඇදෙන,
සුරංගනාවියො දැක්කම...
දුක හිතෙන්නෙ මට නුඹ ගැන,
වැඳිරි රුවට පෙම් බැන්ඳට... 😖
.
පාට පාට සෙරප්පුවට,
ගැලපෙන ඇඳුමින් සැරසෙන...
පාට පාට ගෑ කොණ්ඩෙට,
නේක මෝස්තර දමන්න...
නැතුවම මට උවමනාව,
එපා වේවි නුඹට මාව...
නාවත් මට ඒ හැඩ වැඩ,
යන්නෑ බැරි වැඩ කරන්ට... 😒
.
කවි වල නැති එළි සමයට,
බය වී බෑ කවි ලියන්න...
උඹ ළඟ සුර ලියක් වෙන්න,
නැති ගති බෑ ඇඟට ගන්න...
එපා වුණොත් මේ පිස්සිව,
නැතේ කාරි දමා යන්න...
කවුරු ගියත් මා තනි කර,
ගිටාරෙ 🎸 ඇති තනි රකින්න... 😍
.
© විලෝචනා අබේකෝන්

...::: මුර පදය :::...

මේ මගේ මූහුණු පොත,
හැමතිස්සෙ දොස් අසන... 😁
මට කිවිසුමක් ගියත්,
දහස් ගණනින් දන්න... 😄
නොකීවයි නොකියනුය,
මේ තමා යථ අරුත... 😒
මං නොදත් මුර පදය,
දනී සැම නිවැසියම... 😂
.
විහිලුවට ගැරහුමට,
ප්රේමයට නුඹ දොඩන... 😉
සංවාද කවුලුවට,
එවන හැම පණිවුඩය... 😄
පුංචි පාතාලයත්,
භාරකාරත්වයත්...😆
ඒ සැනින් දකින බව,
දැන ප්රවේසම් වනුය... 😂

Monday, August 28, 2017

...::: කන් විද්ද දෝණිගෙ විලාපය :::...

රිදුනෙ නෑ මට මෙවන් රිදුමක්,
අනේ මෙතුවක් කිසිමදා... 😖
ඇස් පියන් ඇරි දිනේ සිට,
මව් කිරියි බීවේ ඈ බදා... 😌
සුරඟනාවියො මගේ සිහිනෙට,
ඇවිත් මං සිටි විට නිදා... 😋
කවුද ඇන්නා කටුවකින් කන්,
කඳුළු පැන්නා මට රිදා... 😓
.
පුංචියේ මං උපන් සැටියේ,
තෑග්ගට නුඹ ගෙනාවේ... 😍
රතුම රතු පෙට්ටිය කුමක්දැයි,
නිච්ච්යක් මට නම් නොවේ... 😕
අද උදේ කඩි මුඩියෙ අම්මලා,
කොහේටද මං ගෙනාවේ... 😱
ආදරෙයි කී පුංචියේ ඇයි,
අනේ මේ හැටි රිද්දුවේ... 😥
.
කනත් රතු වී උණත් වාගෙයි,
හුඟක් රිදුණා පුංචියේ... 😞
ලස්සනයි ලස්සනයි කිය කිය,
සැවොම හිනැහෙයි පුංචියේ... 😒
නුඹ ගෙනත් දුන් කරඹුව,
හරි හැඩයි කිව්වත් පුංචියේ... 😫
ආයෙ ආවොත් හරිම තරහයි,
දෙනවා ගුටි මමපුංචියේ... 😠
.
දැන් තමයි භීෂනේ පටන් ගත්තේ 😖😂

Sunday, August 20, 2017

සරසවි වරුණ


පෙළකට ඇතිරු මුත් සම කලෙහිම නොවණ
එක සරසවි මවක තුරුළෙන් ........නික්ම වුණ
රක්තව දිලි හුදෙක් ........වර්තුලයන් නොවණ
බල එක කැණි මඩල යට.........සරසවි වරුණ
.
 මගෙත් අයියගෙත් අක්කිගෙත් උපාධි සහතික | UNIVERSITY OF COLOMBO 
😋 All together...Under one roof... 😍
.
© විලෝචනා අබේකෝන්

Sunday, July 30, 2017

....::: ආසයි මට:::...


අත් අල්ලන් සරසවියේ,
මායිමටම රැගෙන යන්න,
යළි එනකල් දොරටුව ළඟ,
තරහ නැතුව නතර වෙන්න,
ගෑටුව ඔරලෝසුවෙ කටු,
නොදැනි නොදැනි කරකැවෙන්න,
ආසයි මට මං එන මග,
බලන් උන්නු නුඹ දකින්න... 😚
.
රුපියල් පහළවෙ තේකත්,
නුඹ එක්කල බෙදා ගන්න,
ලයාන් ගලේ මද පවනේ,
නුඹ එක්කල ඉඳන් ඉන්න,
පුංචි පුංචි බත් කටවල්,
ගුලි කර කර මට කවන්න,
ආසයි මං බලාගන්න,
නුඹ දුක් විඳි සැටි දකින්න... 😘
.
ගිණි අව්වේ කාස්ටකේ,
ඕන එපා දේ ගෙනෙන්න,
දිනකට තුන් හතර වරක්,
කපුගල කන්ඳට නගින්න,
කොච්චර වෙහෙසක් දැණුනත්,
දවසම මග තොට ගෙවන්න,
ආසයි මට ඒ හිත ළඟ,
හැමදාටම නතර වෙන්න... 😍
.
පුදුම හිතෙනදෑ කරවන,
කුමරියකට සේ සලකන,
ඉඳ හිට මගෙ නපුරු කමට,
තරවටු කර මෙල්ල කරන,
සුදු මූණේ සිරියාවට,
මගේ ඉහේ මල් පිපෙන්න,
පොරොන්දුවක් දෙනවද මට,
සංසාරෙම මගෙම වෙන්න... 😋

Sunday, July 23, 2017

හරි මං දැක්කා 😂

'<3 හරි මං දැක්කා 😂
.
හම්බ කෙරුව පනම් වලින් අප්පච්චියේ 😕
ලී බඩු මුට්ටු කොතෙකුත් ගෙයි තැනිච්චියේ 😌
ගෙයි ලොකු දූට වඩු සිත් පෙම් කෙරිච්චියේ :O
කොටලා ගිහින් නොවැ ඒ පෙම කවිච්චියේ 😷'


.
හම්බ කෙරුව පනම් වලින් අප්පච්චියේ 😕
ලී බඩු මුට්ටු කොතෙකුත් ගෙයි තැනිච්චියේ 😌
ගෙයි ලොකු දූට වඩු සිත් පෙම් කෙරිච්චියේ 
කොටලා ගිහින් නොවැ ඒ පෙම කවිච්චියේ 😷

Tuesday, July 18, 2017

...::: එනවද :::...

දවල් තිස්සෙ ඉඩ අල්ලන්,
පාර අයිනෙ බස් ගැන ගැන,
හරි වෙලාව ආපු හැටියෙ,
මං එක්කල අලි ගණින්න... 😍
.
නුඹ කිසි දින ඇහින් නුදුටු,
උඩරට දළදා පෙරහැර,
කුලුඳුලේම පේ වීලා,
එනවැයි මා හා බලන්න... 😂
.
උජාරුවෙන් පෙන්නන්නම්,
අපේ ආසනේ වග තුග,
අත් අල්ලන් එදාට හැකි,
සෙංකඩගල සිරි බලන්න... 😘
.
සෙනග අස්සෙ හොරෙන් එපා,
මගෙ උරහිස පැහැර ගන්න,
එහෙම කියල ඉඩ දෙන්නෑ,
පින්නට නුඹෙ හිස තෙමන්න... 😕
.
මුදු සුළඟක් නුඹ වෙලද්දි,
කඩුගන්නාවෙන් එනවිට,
රක්ත පලස් තව කුමටද,
නුඹ එන මග එළි කරන්න... 😚
.
වෙන කිසිදිනකටත් වඩා,
සෙංකඩගල බැබලෙනකොට,
හික්කඩුවට අත වනන්න,
නුඹට තවත් හිතෙයි ඔන්න... 😏
.
නුවර ළඳුන් හරිම හැඩයි,
ඒත් එපා නුඹ බලන්න,
බණ්ඩාරෙලා මටත් කුමට,
මගෙ හිත ගත් නුඹ ඇරෙන්න... 😒
.
උඩරට මැණිකෙගෙ අගයත්,
අන්න එදාටම දකින්න,
ජාති ජාති හිතාවි නුඹ,
නුවරින් කරකාරෙ ගන්න... 😚
.
ගැටඹෙදි දිය දෙබෑ කරන්,
කඩු පහරක් කෙටෙන විගස,
නුඹේ පැතුම් මෙනෙහි කරන්,
තුන් සිතින්ම භාර වෙන්න... 😊
.
හකුරු පිරුණු කිරි බත් වල,
සිත් සැටියේ රස බලන්න,
දිය කපනා තොට පුන් සඳ,
එළියෙන් මගෙ සඳ බලන්න... 😘
.
මගෙ පම්පෝරිය අසන්න,
සඳ එළියේ පෙම් කරන්න,
සැණකෙලි වල පැල් බඳින්න,
ලබන සතියෙ නුවර එන්න... 😍

Sunday, June 18, 2017

...::: හිමි වැනුම :::...


.
රෝස පෙති තෙත් හීන් දිගැටිය,
සයක් අඩි සුදු හැඩැති සිරුරය,
දෙව් ලොවින් බට සුර කුමරුවනි,
කිම්ද තට මනු ලෝ සැපා...
.
සඳේ රිදිමුව ලියවැලක සිරි,
මැදිව දිලෙනා තරු යුගල් සරි,
නයන යුග මා සසල කල,
උවනට උවම් මිහිපිට නැතා...
.
අසුර නිර්දය නුඹව පෙලුමට,
සත්වනක් පර්වත හෙලූවද,
මහාමෙරුවත් වසා මතුවූ,
පෙම් කඳක් නුඹ සුරකිනා...
.
පියනු නෙතු නිදි මරත් ම නයන,
වෙමින් හිප් කඩු රකිත් තුන් යම,
නුඹට නුඹවත් නොමැති මොහොතක,
ඇදෙමි සෙංකඩගල ඉරා...
.
දහස් බල පිරි දෙයත් යුග මත,
මටත් මා බර නොදී ඉසිලුව,
විඳත් බෝ දුක් වෙහෙස පැහැරිය,
නුඹට දිවියම වෙමි කැපා...
.
  : ...::: © ViLoCHaNa :::..