♥ :* :) ^_^ :v ♥ :*
සරසවියේ විරාමයක
මං එන්නම් නුඹ බලන්න
තුරුල් කරන් මගේ ලයට
තාලෙට කවි ගී ගයන්න
.
දුරස් කරන් මං ආවට
හිත තිබුණේ නුඹෙ ස්වර ළඟ
ආරංචියි නුඹට තිබුණු
කඩතොලු දැන් සනීප වග
.
අත ගාද්දි නුඹෙ වත දැන්
ඉස්සර වගෙ රිදෙන්නෑලු
රිදුනත් මගෙ ඇඟිලි තුඩග
නුඹ නොවයා ඉඳින්නෑලු
.
පුංචි අලුත්වැඩියාවට
මගෙ පන දැන් හරිම හැඩයි
නුඹ වය වය ගී කියන්න
හරි හරියට මටත් හිතයි
.
මගේ පුංචි ගිටාරයට
දුන් විරාමෙ හොඳටම ඇති
කවුරු නැතත් මගෙ තනියට
නුඹ හිටියොත් හොඳටම ඇති
.
♥ To My Beloved Guitar .... France Crusader ♥
සරසවියේ විරාමයක
මං එන්නම් නුඹ බලන්න
තුරුල් කරන් මගේ ලයට
තාලෙට කවි ගී ගයන්න
.
දුරස් කරන් මං ආවට
හිත තිබුණේ නුඹෙ ස්වර ළඟ
ආරංචියි නුඹට තිබුණු
කඩතොලු දැන් සනීප වග
.
අත ගාද්දි නුඹෙ වත දැන්
ඉස්සර වගෙ රිදෙන්නෑලු
රිදුනත් මගෙ ඇඟිලි තුඩග
නුඹ නොවයා ඉඳින්නෑලු
.
පුංචි අලුත්වැඩියාවට
මගෙ පන දැන් හරිම හැඩයි
නුඹ වය වය ගී කියන්න
හරි හරියට මටත් හිතයි
.
මගේ පුංචි ගිටාරයට
දුන් විරාමෙ හොඳටම ඇති
කවුරු නැතත් මගෙ තනියට
නුඹ හිටියොත් හොඳටම ඇති
.
♥ To My Beloved Guitar .... France Crusader ♥