
අත් අල්ලන් සරසවියේ,
මායිමටම රැගෙන යන්න,
යළි එනකල් දොරටුව ළඟ,
තරහ නැතුව නතර වෙන්න,
ගෑටුව ඔරලෝසුවෙ කටු,
නොදැනි නොදැනි කරකැවෙන්න,
ආසයි මට මං එන මග,
බලන් උන්නු නුඹ දකින්න... 😚
.
රුපියල් පහළවෙ තේකත්,
නුඹ එක්කල බෙදා ගන්න,
ලයාන් ගලේ මද පවනේ,
නුඹ එක්කල ඉඳන් ඉන්න,
පුංචි පුංචි බත් කටවල්,
ගුලි කර කර මට කවන්න,
ආසයි මං බලාගන්න,
නුඹ දුක් විඳි සැටි දකින්න... 😘
.
ගිණි අව්වේ කාස්ටකේ,
ඕන එපා දේ ගෙනෙන්න,
දිනකට තුන් හතර වරක්,
කපුගල කන්ඳට නගින්න,
කොච්චර වෙහෙසක් දැණුනත්,
දවසම මග තොට ගෙවන්න,
ආසයි මට ඒ හිත ළඟ,
හැමදාටම නතර වෙන්න... 😍
.
පුදුම හිතෙනදෑ කරවන,
කුමරියකට සේ සලකන,
ඉඳ හිට මගෙ නපුරු කමට,
තරවටු කර මෙල්ල කරන,
සුදු මූණේ සිරියාවට,
මගේ ඉහේ මල් පිපෙන්න,
පොරොන්දුවක් දෙනවද මට,
සංසාරෙම මගෙම වෙන්න... 😋