Pages

Tuesday, September 11, 2018

...::: කොල්ලෙක් :::...

'♥️ 
අනේ නිකං බොරු කියන්න ඕනෙ නෑනෙ... 

මට ඕනෙ මගෙ අප්පච්චිගෙ පාරෙ ගිය මගෙ අයියලා දෙන්නා වගේම කොල්ලෙක්...
එයාලා වගේම කන්න කොහෙට ගියත්, ප්ලේස් එක සයිවර් ද පොශ් ද කියන එක නෙවෙයි... 
තැනට සුදුසු විදිහට නීට් එකට ඉඳගෙන කන්න දන්න කොල්ලෙක්... 
.
මට ඕනෙ මගෙ අයියලා දෙන්නා වගේම...
හෙන ලොකුවට විභාග පාස් කරපු සුදු ලස්සන උගත් මහත්තයෙක් තමයි... 
හැබැයි ඒක ඔලුව උඩ තියාගෙන ඉන්නෙ නැතුව... පිස්සුවක් කෙලින්න ඕන වෙලාවට... මං එක්ක හිතුමතේ කන බොන ඇවිදින කෑ ගහන, විහිලුවක් කරන් ජීවිතේ විඳින්න පුලුවං කොල්ලෙක්...
.
මං ලස්සන කෙල්ලෙක් පෙන්නුවොත්... මූනිච්චාවට කැතයි කියලා මං නැති වෙලාවට කෙල්ලො දිහා බලන කොල්ලෙක් නෙවෙයි... මං ඉද්දිම බය නැතුව ලස්සන දේ අගය කරන කොල්ලෙක්... 
.
සුදු ෂර්ට් එකට බාටා බැරිනම් සපත්තු බැරි නම් මොකක් වුණත් කමක් නෑ... පිළිවෙලට ඇඳෙගන ඇවිත් මාත් එක්ක පන්සල් ගිහින් අත් එකතු කරලා වැඳලා... අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරන කොල්ලෙක්...
.
පොෂ් ද හයි ෆයි ද මොන ලයිෆ් එකක් ගෙව්වත්... මං නිසා සම්පූර්ණෙන් වෙනස් නොවී... මං එක්ක ඉන්න වෙලාවට ඕන කැලේක, ඕන දිය ඇල්ලක, ඕන කන්ඳක ලස්සන විඳින්න දකින්න පුලුවං කොල්ලෙක්... 
.
වැරදි අඩු පාඩු කියලා හදාගන්න බැරි නම්... බොරුවට උඩින් සතුටින් බව පෙන්නලා ජීවිත වරද්ද ගන්නෙ නැතුව, රවට්ටන්නෙ නැතුව අවංකවම ඒක කියලා කෙලින් තීරණයක් අරං අයින් වෙන්න හයිය තියෙන කොල්ලෙක්... 
.
මමයි කෙනා කියලා තේරුම් ගත්තා නම්... මොන ප්‍රශ්නෙ ආවත් හිනා වෙලා එකට ජීවිතේට මූණ දෙන්න පුළුවං කොල්ලෙක්... 
.
♥️ කොල්ලෙක් !!! 🤭'

♥️
අනේ නිකං බොරු කියන්න ඕනෙ නෑනෙ...

මට ඕනෙ මගෙ අප්පච්චිගෙ පාරෙ ගිය මගෙ අයියලා දෙන්නා වගේම කොල්ලෙක්...
එයාලා වගේම කන්න කොහෙට ගියත්, ප්ලේස් එක සයිවර් ද පොශ් ද කියන එක නෙවෙයි...
තැනට සුදුසු විදිහට නීට් එකට ඉඳගෙන කන්න දන්න කොල්ලෙක්...
.
මට ඕනෙ මගෙ අයියලා දෙන්නා වගේම...
හෙන ලොකුවට විභාග පාස් කරපු සුදු ලස්සන උගත් මහත්තයෙක් තමයි...
හැබැයි ඒක ඔලුව උඩ තියාගෙන ඉන්නෙ නැතුව... පිස්සුවක් කෙලින්න ඕන වෙලාවට... මං එක්ක හිතුමතේ කන බොන ඇවිදින කෑ ගහන, විහිලුවක් කරන් ජීවිතේ විඳින්න පුලුවං කොල්ලෙක්...
.
මං ලස්සන කෙල්ලෙක් පෙන්නුවොත්... මූනිච්චාවට කැතයි කියලා මං නැති වෙලාවට කෙල්ලො දිහා බලන කොල්ලෙක් නෙවෙයි... මං ඉද්දිම බය නැතුව ලස්සන දේ අගය කරන කොල්ලෙක්...
.
සුදු ෂර්ට් එකට බාටා බැරිනම් සපත්තු බැරි නම් මොකක් වුණත් කමක් නෑ... පිළිවෙලට ඇඳෙගන ඇවිත් මාත් එක්ක පන්සල් ගිහින් අත් එකතු කරලා වැඳලා... අපි වෙනුවෙන් ප්රාර්ථනා කරන කොල්ලෙක්...
.
පොෂ් ද හයි ෆයි ද මොන ලයිෆ් එකක් ගෙව්වත්... මං නිසා සම්පූර්ණෙන් වෙනස් නොවී... මං එක්ක ඉන්න වෙලාවට ඕන කැලේක, ඕන දිය ඇල්ලක, ඕන කන්ඳක ලස්සන විඳින්න දකින්න පුලුවං කොල්ලෙක්...
.
වැරදි අඩු පාඩු කියලා හදාගන්න බැරි නම්... බොරුවට උඩින් සතුටින් බව පෙන්නලා ජීවිත වරද්ද ගන්නෙ නැතුව, රවට්ටන්නෙ නැතුව අවංකවම ඒක කියලා කෙලින් තීරණයක් අරං අයින් වෙන්න හයිය තියෙන කොල්ලෙක්...
.
මමයි කෙනා කියලා තේරුම් ගත්තා නම්... මොන ප්රශ්නෙ ආවත් හිනා වෙලා එකට ජීවිතේට මූණ දෙන්න පුළුවං කොල්ලෙක්...
.
♥️ කොල්ලෙක් !!! 🤭