Pages

Thursday, November 15, 2018

🌈❤ මගුල 🤣

රන්මුදුව පළඳාලා පෝරුව උඩ
අෂ්ටකද මගුල් කවි සෙත් සිරි ගෙන
ජාති ජාතිත් පතා හරි නැකතට
මට ඕනෙ උඹෙ වෙන්න අපෙ සිරිතට 😍
.
කලු මූණෙ පොටි නොගා සුදු නොකරම
උඹ දකින වල බොඩැලි යට නොගහම
පැය පහට ලක්ස ගණනක් නොදීම
මගුල් දා පෙන්නමුද මේ මුහුණම 🤭
.
ඇඳුම් ආභරණ බොරු වියදම් කර
පළඳින්න ඕනෙ නෑ මගෙ සඳ මට
දුන්නොතින් හැඳිවතක් නැති එකෙකුට
ජාති ජාතිත් උඹට පින් රන් කඳ 😘
.
චාම්වට ඔසරියෙන් සැරසී මම
නිලමෙ ඇඳුමෙන් සැරසි නුඹ එක්කම
කැරකෙමින් නුඹ වටේ නුඹ තුරුලෙම
ගන්න පින්තූර ටික ඇති හොඳටම 😍
.
මගෙ වාහෙ ඩැහැ ගන්න සිරිතෙන් එන
දෙවන මනමාලි ඕනැන් නෑ මට
කැරකිල්ල සිහි මදය මට නෑ බොල
උඹට මේ මං මිසක් තවෙකු මොටද 🙄
.
හැමදාම කන උන්ගෙ බඩ සරුකර
නැටුමකුත් බෙර පලුත් නැති කරගෙන
තරඟෙකට කන මගුල් හිස් බව දැන
ණය නොවී මගුල් කමු මගෙ රන් කඳ 🤣
.
හෝටලේ පිඟානේ සිව් දහසට
හිස් බඩින් වේල් තුන හතර නැතිව
ඉන්න උන් හට පුදා රස මසවුල
දානයක් දුන්නොතින් ඇති මේ මට 😊
.
මස් මාලු නම් කොහෙත් කන්නෑ මම
කේක් නෑ කන්නෙ මං කිරිබත් මිස
හතර ගාතෙන් වැටෙන මත් පැන්වල
හතුරෙක්ය ඔහු, ඒවා නෑ අපි ළඟ 😠
.
අපෙ මුණූ උඹෙ පයට පෑගෙන්නට
ස්තූති පත් ගහලා දෙන්නෑ මේ මම
එපා කිව්වත් කාලා මත් වෙන්නම
වෙඩින් කේජුව දෙනව මදි නොවෙන්න 😂
.
බඳින්නේ අපි, උඹලා වෙන දවසක
බැඳපල්ලා ඒ දවසෙ පොටි උලපිය
අපෙ දවසෙ පොටි සේද වල වියදම
පිනට දීපන් උනුත් පින් දෙයි බොට ☺️
.
තියෙන ඇඳුමක් හොඳට පිළිවෙලකට
ඇඳන් වර උඹලා ඒ ඇති හොඳටම
ඇද නොකියා දෙන දෙයක් කා බී විඳ
සත පහක් එපා මට පල ගෙදරට 😜
.
ලෝකෙටම පෙන්නන්ට උජාරුවට
අමනාප වෙයි බයෙන් සිව් වරිගෙට
අඬගහලා ඒ චිත්රපටියෙ රඟන
නිළිය නම් නෙවෙයි මං නුඹෙ පණ මිස 😒
.
නැට්ටුවන් මග සැරසි හෝටල් නැත
මං හැඳුනු වැඩුනු ගේ ඇති මගුලට
කැමති නම් උඹ මගේ හිඟන පෙමට
කුමරියක් සේ නුඹට සලකමි මම 🤗
.
සඳ නුඹේ මාමණ්ඩි වෙහෙසීගෙන
සැදුව මාලිග නැතුව නොව මේ මට
මා පැතුව සරල කම උඹගෙන් මිස
අනෙකු ළඟ නැති නිසයි හිත ගියෙ මට 😍
.
නැන්දම්මා කැමති නම් මේ කවියට
දෙකක් නෑ ඇය ඉන්නෙ මගෙ මතයෙම
කැන්ඳගෙන යනවා නම් මේ විදිහට
ලෑස්තියි මං එන්න එන මහේම 🤭
.
...::: © විලෝචනා :::...