ඒකට අපිටම එක එක ක්රම හොයාගන්න වෙනවා. කෑම එකට ප්රෝටීන් වැඩි ධාන්ය වලින් ගෙදරදිම හදාගත්ත Vege Sausage එකක් කට්ලට් එකක් වගේ එකතු කරනවා මම නම්
Youtube එකේ බලන්න දැන් ඕනම කෑමක් හදන එක එක විදි තියෙනවා.

හැමදාම එකම රසට හදන්නෙ නැතුව එක එක recipes try කරනවා. රස වගේම කෑම ඇසටත් ප්රිය වෙනවා නම් මම කැමතියි. ඉතිං හැකි විදිහට රස ගුණ වගේම පාටත් ගලපනවා. එතකොට Husband වුණත් කෑම කන්නෙ හරිම ආසාවෙන්. මේ photo වල තියෙන්නෙ මම එයාට හදපු කෑම

ඔයා ගෑණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් විවාහක අවිවාහක කොහොම ඉන්න කොයි වයසෙ කෙනෙක් වුණත් ඔයාම හදාගන්න රස කෑමකට පුලුවන් ඔයාගෙ mood එක fix කරන්න. එක බතක් සම්බෝලයක් හරි ලස්සනට පිළිවෙලට හදලා කන්න බලන්න.
කෑම හදන එක වදයක් කර ගන්නෙ නැතුව කැමැත්තෙන් කරද්දි කෑමත් රස වෙනවා. හුරු වෙද්දි පැයක් හෝ ඊට අඩු කාලෙකදි කෑම වේලක් හදාගන්නත් හැකි වෙනවා. වෙනස් කඩචෝරුවක් ගෙදරම හැදුවම නිර්මාංශද කියලා නෑ රසට කන්න පුලුවන්.