අනවශ්‍ය දෙයින්, අනවශ්ය මිනිස්සුන්ගෙන් දුරස් වෙන්න අපිට ක්රම දෙකක් තියෙනවා.
.
1. පළවෙනි ක්රමය තමා කුල්ලෙ ක්රමය
ඉස්සර සමහර හාල් වල දහයියා රොඩු බොල් වී එහෙම තිබ්බ ප්රමාණය වැඩියි. දැන් වගේ ගල් වැලි රොඩු ඉවත් කරලා ආවෙ නෑනෙ. තමන්ගෙම කුඹුරෙ හාල් වුණත් කඩෙන් ගත්තත් අම්මලා පුරුදු වෙලා ඉන්නවා ඒ නිසා නිකමට හරි හාල් කුල්ලෙන් පොලන්න. එවිට අවශ්ය හාල් ඉතිරි වෙලා ඉතිරි අනවශ්ය රොඩු දහයියා ඉවත්වෙනවා
ජීවිතේදිත් අපිට බොල් වගේ පේන අය මුණගැහෙන විට අපිට මුලින්ම ඒ දේවල් ඉවත් කරන්න පුලුවන්
අපි ප්රවේශමෙන් ඉතිරිවෙලා අනවශ්ය අය අපේ සීමාවෙන් ඉවත් කරන්න ඕන කල් තියා බොහොම ප්රවේශමෙන් 



2. දෙවනි ක්රමය තමා කොරොස් නෑඹිලි ක්රමය
කොච්චර වී මෝලට දීලා වී කොටලා, ගල් වැලි ඉවත් කරලා කුල්ලෙන් පොළලා බේරලා ගත්තත්, අම්මලා අපිට හාල් ගරන්නෙ නැතුව හාල් ලිපේ තියන්න දෙන්නෙ නෑ. දැන් වගේ නෙවේ ඉස්සර නම් කොච්චර නෑ කිව්වත් ගරලා ගරලා අන්තිම හරියෙ එක වැලි ඇටයක් හරි නෑඹිලියෙ අඩියෙ තියෙනවාමයි. අපේම කුඹුරු වල හාල් ආව සමහර කාල වල මම ගල් වැලි ඇට 30, 40 නැඹිලියේ අඩියේ ඉතිරිවෙනවා දැකලා තියෙනවා
ඉතිං අපිට සිද්ද වෙනවා ඉස්සෙල්ලා හාල් ටික ගරලා බේරලා ඉවත් කරලා අඩියේම හරිය නැවත ගර ගර හාල් ටිකම ප්රවේශමෙන් අයින් කරන් පස්සෙ ගල් ටික සෝදලා අරින්න
ගල් කියන්නෙ කොච්චර බරට දැණුනත් ආහාරයට අගුණ දෙයක් බව අපි ඒ මොහොතෙවත් තේරුම් නොගත්තොත් අවසානයේ අපට නැති ලෙඩ රෝග වලට මුහුණ දෙන්නයි වෙන්නෙ 



.
ජීවිතේ අපිට මුණගැසෙන සමහර අයත් මේ ගල් වැලි වගේ. බරට දැනෙන නිසා අපිට නොදැනීම අන්තිම මොහොත වෙනකල් ලොකු බරක් පෙන්නගෙන ලොකු තැනක් දිනාගෙන රැඳිලා ඉන්නවා. එහෙම අය අන්තිම මොහොත වෙනකල්ම අඳුන ගන්න බෑ. එහෙම වෙලාවට අන්තිම අවස්ථාව ප්රයෝජනයට අරන්, අපි එතනින් ඉවත් වෙලා යන්න ඕන
එක වගේ දේවල් එක ගොඩකට කොයි මොහොතෙ හරි වැටෙනවා. නරක දේ කොයි මොහොතේ හෝ ඉවතට විසිවෙනවා. එහෙම වෙලාවට අපි ඒ අය ඉවත් වෙනතුරු තවත් ඉන්නවට වඩා අපි පරිස්සමෙන් ඉවත් වෙන එකයි හොඳ... 


.
~ විලෝචනා අබේකෝන් ~