
පොඩි කෙහෙරැලි ඩිංග ඩිංග වැවෙන කොට
ඇන නොකරන් විෂයන් ගොඩ දාන කොට
රස බර තනු දෙතොලතරින් ගැයෙන කොට
උඹ දුන් වේදනා අමතක වුණා මට ...
.
දැන් දැන් කුසට තුන් වේලම සුපුරුදුය
පස් පව් නොවන මසිතට නිති තිසරණය
මහ මෙර උසට පැතුමක් තවමත් නැතිය
නුඹෙ ගති පෙන්නු දෛවෙට මම ණය ගැතිය...
.
ගිනි දැල් නිවූ සිහිලැල් අද අසරණය
සිතනා තරම් සහනය කාටත් නැතිය
නූඹ ගැන සිතේ තරහක් කෙලෙසත් නැතිය
එනමුදු වරද අමතක කරලනු බැරිය...
.
නොදෙනට සමා මට නුඹ නිදොසුත් නැතිය
ගන්නට සමා මා කල වරදක් නැතිය
පින් පව් එලෙස සමබර වන්නට ඇතිය
ජාතිත් දෑස් හමුවට නාවොත් ඇතිය...
.
෴ . ලෝචි . ෴