
දැක්කත් නොදුටු සේ ඉන්නේ ඉවත බලා
ආඩම්බරකමට නොව ඇස් වෙහෙස වෙලා
හැම පණිවිඩේටම හිටියොත් අතවනලා
නැති වෙයි කලක් ඉන්නට කාලා ඇඳලා
.
සංවාදයක් එකකින් කෙලවර නොවෙන
එකකින් එකක් තව තව බස් පෙළ ගැසෙන
සිතනුය කෙසේ හැමටම පිළිතුරු ගෙනෙන
යන්තම් ඇයි හොඳැයි කීමෙත් පල නොවන
.
එක දෙක පැයට පණිවිඩ ගොඩ ගැහෙන්නේ
ඇතැමෙක් හොඳින් ඇතැමෙක් දෙස් තියන්නේ
කොහොමද හැමට එක දේ යලි කියන්නේ
ඒකයි අනේ මේ පාඩුවෙ හිඳින්නේ