Pages

Friday, August 30, 2013

...::: නුඹ නිහඩ වූ දා පටන් :::...

මෛත්‍රී මාවතෙන් මහ පාර වෙත ඇදෙයි
මහ පාර කෙලවරින් පටු මගෙහි පිය මැනෙයි
ජිවුන් වංගුව ලගදි ගේට්ටුව දුර ඇදෙයි

සරසවිය හැර දමා දුර යන්න මට සිතෙයි!
 

නුවර සීතල හිතට හොරණෙ දුක දැනුනෙ නෑ!
රෑ දවල් ගත උනා එළි වෙනව දැනුනෙ නෑ!

සිනමාව ගැන කිව්ව කතා මට අහුනෙ නෑ!
රස මිහිර වේල් ගණනක් දිවට දැනුනෙ නෑ!

ඇරුණ්දතියේ හොරෙන් තෙල නොකා ඇඩුව මං!

නුබ දීපු දුක හින්දා දරණු බෑ මේ හැඩුම්!
බඩගින්න හිත ගින්න පහුකරන් ගියා නම්!
සත්තකය් බඩ පැලිල මැරෙනකල් කනව මං!

...::: පූර්ණ අප්‍රත්‍යක්ෂ හැගීම :::...


ආයෙත් ආවද සුළි කුණාටුවක් වගේ ???
බුදු අම්මෝ !!!
ගැහුණා ...
ඔව් !
ගැහුණා මගෙ සරුවාංගෙම...
තබ්බීරි වෙලා බලන් හිටියා...
සති ගණන් නොකා නොබී ඇකිළුනු
මගෙ සෛල විසින්ම සෛල ගොදුරු කරගෙන...
මට හයිය දුන්නා...
මේ ඇස් දෙකින් ඔය වචන ටික දකින්න...
තැලෙන යකඩෙ උඩ පැන පැන තලන,
නුඹේ ඔය ගල් හිතේ නැද්ද මං ගැන අනුකම්පාවක්...???
අංශක අනූවෙ පඩිපෙළ යාන්තමට වගේ ජිවුන් වංගුවෙ ආනතියට පරිපූරක වුණා...
ඒත්,
තවමත් මම අරුන්දතියෙ තනියම...
ඔව් ඒ හැගීම පූර්ණ අප්‍රත්‍යක්ෂයි...
ඒකයි මෙච්චර දුක...

...:::
ලෝචි :::...