Pages

Thursday, June 15, 2017

...:::බැඳුණෙමි තව:::...


බස් රථයෙදි එදා,
අමනාපෙන් නිසා,
නුඹ ළඟ නොරැඳිලා,
පරතරයක් තියා...😒
.
උන් ඒ කණිසමේ,
වෙනකෙකු වම් පසේ,
සිට ගත් ඒ සැනේ,
මූණම දෙක වුනේ...😂😠
.
බැලු බැලු හැම වරේ,
නුඹෙ ඇස් ඔහු වෙතේ,
පුපුරණ නුඹ කෙරේ,
බැඳුණෙමි තව අනේ... 😄😍😘