නොකා නොබී වරු ගණනක්,
සොයා ගියෙම් අහිමිවු දෑ...
දිවියට සම නැතිවම බැරි,
ඇස් ඉදිරියෙ නැති වූ දෑ ...

.
නැති නම් දිවි පල නැති කී,
ක්ලාන්තයට ගෙන ගිය දෑ...
රෑ දෙගොඩහ බෝඩිම තුල,
කඳුලු ගඟුලෙ ගිල්වුණු දෑ...

.
සියල්ල නැතිවෙයි කීවත්,
මගේ මිණියට පෙර ගිය දෑ...
අහලක නැති මගෙ මලගම,
මගෙ දෑහැට පෙන්වූ දෑ...

.
හඳ ගත්තත් ඉර ගත්තත්,
සම්මතේට ගත නුහු දෑ...
තවමත් පපු තුළ කටු කටු,
ඇනි ඇනි මට රිද්දන දෑ...

.
සිතු සිතු දේ දෙන්නෙකුටත්,
මවලා වත් දෙනු බැරි දෑ...
මැරි මැරි උපදින්නට හැර,
මට පෙර පරලොව ගිය දෑ...

.