කොල පිරී අතුනැවී පල බරයි සරු සාර ...
රස පිරියි ගුණ පිරියි අනු දශමයක් නෑර ...
කඩවසම් කොලු පැටව් ගන්න පෙර කරකාර ...
කළු කෙල්ලො සුදු වෙන්න ගානවලු අලි පේර ...
.
අත දුරින් නැති වුණත් කඩිමුඩියෙ මේ පාර ...
තෙවන මහලින් බැසිමි ලීය ගෙන වැට මාර ...
දෙවන මහලේ වහල සිරියා ගලයි දෝර ...
අම්මපා අත මානේ මහ ගොඩක් අලිපේර ...
.
දම්මි අක්කා බලයි දුර ඉඳන් කෙලි වීර ...
කෙල්ලටත් නෑ බයක් හිතට දැනුනම මීර ...
පණ බයෙන් පහු කරත් වහලෙ එකිනෙක දාර ...
කැඩුවා මං උරයකින් එකක් රස අලිපේර ...
.
෴. ලෝචි .෴ 
රස පිරියි ගුණ පිරියි අනු දශමයක් නෑර ...
කඩවසම් කොලු පැටව් ගන්න පෙර කරකාර ...
කළු කෙල්ලො සුදු වෙන්න ගානවලු අලි පේර ...

.
අත දුරින් නැති වුණත් කඩිමුඩියෙ මේ පාර ...
තෙවන මහලින් බැසිමි ලීය ගෙන වැට මාර ...
දෙවන මහලේ වහල සිරියා ගලයි දෝර ...
අම්මපා අත මානේ මහ ගොඩක් අලිපේර ...

.
දම්මි අක්කා බලයි දුර ඉඳන් කෙලි වීර ...
කෙල්ලටත් නෑ බයක් හිතට දැනුනම මීර ...
පණ බයෙන් පහු කරත් වහලෙ එකිනෙක දාර ...
කැඩුවා මං උරයකින් එකක් රස අලිපේර ...

.

