❤ කරුණාව, දයාව, සැලකිල්ල යන වචන වල අරුත් මට තේරුම් ගන්න පුලුවන්.
නමුත් ආදරයට හරිම නිර්වචනයක් මම අදටත් දන්නෙ නෑ. ඒ නිසා මං ආදරය කියලා හිතන දේ ඇත්තටම ආදරේද කියන්නවත් මං දන්නෙ නෑ.
මේ ලෝකෙ අනික් හැම මනුස්සයෙක්ටම අඩු වැඩි වශයෙන් මම කරුණාව දයාව සැලකිල්ල දක්වනවා.
ඒත් ඉන් ඉතා ඔබ්බට, විශාල පරතරයක් ඇතිව මං ඔහු කෙරේ කරුණාවක් දයාවක් සැලකිල්ලක් දක්වනවා... මං ඒ සීමාවෙන් එහාට ඇති හැඟීමට තමා ❤ ආදරේ ❤ කියන්නෙ. ඒ නිසාම විහිලුවකටවත් වෙන කිසිම කෙනෙක්ට මං නොකියන, එකම එක්කෙනෙක්ට පමණක් කියන මගෙ ශබ්දකෝෂයේ වටිනම වචන ටික තමා
" මං ඔයාට ආදරෙයි ❤"
කියන වචන ටික... 🤭
මං තුළ පවතින ඒ විශේෂ හැඟීම මම හඳුන ගන්නෙ පුංචි පරාමිති වලින්. සමහර විට මම වැරදි වෙන්න ඇති.... නමුත් මේ මගේ විදිය...
කවදාවත් කිසිම දේක හොඳම හරිය, එයාට නොදී මට ගන්න හිතෙන්නෙ නෑ. රසම පීසා කෑල්ල, ලොකුම චීස් කෑල්ල එයාට ලැබුනෙ ඒකයි. රසම හරිය හොඳම හරිය එයාට දුන්නම තමා මගෙ බඩ පිරුණෙ.
මං කොච්චර වැටුණත් දුක් වුණත් වෙහෙස වුණත් මට ඒ සියල්ල අමතක කරලා පහුවදා අවදි වෙලා අලුතෙන් දවස කාර්‍යක්ෂමව ගෙවන්න පුලුවන්. ඒත් එයාගෙ පේන මානයට දුකක්, වේදනාවක් ,සිත් රිදීමක්, අනතුරක සේයාවක් වත් එනවා කියලා හිතන්නවත් මට බෑ... එහෙම අවස්ථාවකදි කල්තියාම මං එයාගෙ ඉස්සරහින් හිටගන්නෙ ඒකයි.
මට දාහක් ගැටලු ආවත්, මගෙ හිත උත්සහ කරන්නෙ ඉස්සෙල්ලම ඒ හිත නිදහස් කරන්න. ඒ ශරීරයට සැප පහසුව දෙන්න. ඒ අවකාශය පිරිසිදුව පිලිවෙලක් කරලා ලස්සන කරලා දෙන්න. ඒ කුස පුරවන්න. මට දැරිය හැකි මූල්‍යම සීමාවෙ උපරිමයටම එයාට ඕන දේවල් සපයලා දෙන්න... ❤
මට මමත් නැති මොහොතක පවා එයාට 'මං' ඉන්නෙ කොහොමද කියන දේ මට හිතා ගන්න බෑ... 😊 ඒත් මං එක දෙයක් දන්නවා........
" මාතා යථා නියං පුත්‌තං - ආයුසා එක පුත්‌ත මනුරක්‌ඛෙ" ......... මව තම එක ම පුත්‍රයා ජීවිත පරිත්‍යාගයෙන් වූවත් රක්නේ යම් සේද........... එසේ මම සෑම අවස්ථාවකදිම ඔහුව රකිනවා... ❤
~ මාතෘ භාර්‍යා ~
© විලෝචනා