😍
මුලම ටික හොඳ නම්...
එන්න අපි අරඹමු,
ආයෙමත් මුල සිට,
නන්නාඳුනන විලසින්...
පින්තූරෙක කොමෙන්ටුවක...
"Cover එකක් කරමුද? "
අහලා... 😁
දිගින් දිගට දැමූ...
කොමෙන්ටු වලින් මිදී...
කෙටි පණිවිඩ එක එක එවලා...
රෑ දිවා මග තොටේ,
ජිම් එකේ, ඔෆිස් එකේ,
එදිනෙදා විස්තර දොඩලා... 😘
නොගැලපීම් දහසක් අතර,
ගැලපුණ පාලුව,
හත්වෙනි කොටුවෙ
උච්චව, සවක්ශේත්රව රජයද්දි,
කාලයාගෙ ඇවෑමෙන්...
පාලුවට පයින් ගසා...
සිකුරට හතේ කිරුළ පලඳලා... 💏
එන්න දවසක ආයෙමත්,
රැජිණ හෝටලේ අභියස,
දළදා මාලිගාවෙ දොරටුව ලඟට...
සුදු ඇඳන්,
සුදු නෙලුම් වට්ටියක් අතින් ගෙන...
ඉන්නම් මං,
බඹයක් උස සිරුර දෙස මිස,
මුහුණ දෙස එකවර නොබලා.... 🙊
සංසාරෙ මෑත භව කිහිපයක...
මතක එක පිට එක අවධි කරගෙන...
මේ භවයෙත්...
මුලින්ම මුණ ගැහෙණ දවස,
ආයෙම පෙළ ගස්වලා... 😍
දින එක දෙක ගෙවෙද්දි,
කෙටි පණිවුඩයක ලියා එවන්න...
මීට වසර ගණනාවකට පෙර,
නුඹ මට නොකියාම...
දුර ඉඳන්...
මේ දවස වෙනුවෙන්,
සිහින මැවුවා කියලා...🤦
එන්න...🏍️💏
කඳු දිය ඇලි වල, 🌿🏞️
පා සටහන් ඉතිරි කරන,
ගිටාරයේ තත් අතර අතරමන් වන 🎸🎶
දහසකුත් අසරණ හිත් සනසන... ♿
එකිනෙක බලාපොරොත්තු,
මුදුන්පත් වෙන ජීවන පෙළහරේ,
සුන්දර ඇරඹුම සනිටුහන් කරලා... ️💏
මුලම ටික හොඳම ටික නම්...
එන්න අපි ආයෙ ආයෙ අලුත් වෙමු... 🤷
ආයෙ ආයෙ මුල ඉඳන් අරඹමු...
නීති කඩදහියේ පමණක්...
"2018" තියෙන්න හැරලා... 😘
.
© විලෝචනා