
උඹත් මහ යෝධ ග්රහකයක් ...
නොහිතූ වෙලාවක,
මහ වේගෙන් ඇවිත්,
ගැටෙන්නෙම හිත කියන මහා පොළොවෙ,
සිතුවිලි කියන දූවිලි වලාවම අවුස්සගෙන...
ඒ දූවිලි වලාවෙ,
මං කේවල වුණාම...
මුලු විශ්වයම නොපෙනෙන්න තරම්
අවිදුර දෘෂ්ටිකත්වයකින්,
මං පෙලෙන්න පටන් ගන්නවා...
හිරුගෙ කිරණකටවත් ලං වෙන්න නැතුව...
ඉතිං කෝ ශක්තියක්???
උඹ දන්නෙ නෑ ...
ජීවිතේ ගැට ගහගන්නවා කියන ප්රභාසංස්ලේෂණයට,
කොයිතරම් ඒක බාධාවක්ද කියන එක...
උඹ හිතනවද බලාපොරොත්තු කියන ශාක ප්රජාවට,
ඔය දූවිලි වලාව අස්සෙ වැඩිකල් ආශ්වාස ප්රාශ්වාස කරන්න පුලුවං කියලා...???
ඔව්... උඹ හිතුවා හරි...
මැරිලයි නතර වෙන්නෙ...
බලාපොරොත්තු කියන ශාක ප්රජාවට බැඳුණු,
සියලුම අරමුණු මූලික කරගත් ක්රියා කියන ආහාර දාමයම බිඳ වැටුණම...
ජීවිතේ කියන මහා ඩයිනසෝරයා...
සදහටම නෂ්ට වෙනවා...