නුඹ හින්දා බැහැයි කියා මට ඉවසන්න
නුඹ ගැන හීනෙන් මව මව ගීත ගයන්න
සහසක් කන් පිනු මුත් නුඹ සින්නව තිබුණ
මගෙ කටහඬ නුඹ නැති නම් ගොළු වී යන්න >:(
.
නුඹේ නමට දුසිම් ගණන් කවි කරවන්න
මගේ Timeline එකම නුඹේම වෙන්න
වෙන කා ගැන වත් ප්‍රේමයේ කවි නොහිතෙන්න
දෙවියනෙ මගෙ කවි හිත සුනු විසුනු කරන්න >:(
.
සිතුවම් කල බෝ රූ ඇති මුත් මා අතින
තවමත් මට බැරි වුණානෙ නුඹව අඳින්න
ඒ තරමට සුන්දර නුඹ අහිමි වුණාම
සිත්තරීගෙ සුමුදු දෑත් අහිමිව යන්න >:(
.
ගිටාරයට මං කොච්චර පෙම් බැන්ඳාද
ඒත් එයට නුඹ ඉදිරියෙ කුමන ඉඩක්ද
නුඹ නැති විට මාත් එක්ක ගීත වයන්න
හිතේ ගිටාරෙත් උස්සලා පොලේ ගහන්න >:(
.
නුඹෙ හුරතල් බල බල රස ඇති හැටි වින්ඳ
නුඹෙ මුහුණම බල බල දින සති මස් ගෙව්ව
අන් සිරුරක ඇදයක් මිස හොඳක් නොදකින
දෙවියනි මගෙ ඇස්දෙක උදුරාගෙන යන්න >:(
.
ඉඳලා හිටලා නුඹ බලන්න දුවගෙන එන්න
නුඹ එක්කල මල් වත්තේ ඇවිදන් යන්න
බැරි නම් මට මින් මතුවට කවදාවත්ම
දෙවියනෙ මගෙ දෙපා යුගත් නුඹ අරගන්න >:(
.
නුඹට කියා දුන් සමණලයින් දැනගන්න
කුරුල්ලන්ගෙ හැඩ බල බල අසිරි විඳින්න
කැලෑ ගානේ කඳු හෙල් බිම් පසු කර යන්න
බැරි නම් ඒ ආසාවල් මැකිලම යන්න >:(
.
එහෙට මෙහෙට හරව හරව Photo ගහන්න
නුඹේ රැඟුම් නුඹේ බැලුම් පෙල ගස්වන්න
බැරි නම් මට තව දේවල් Edit කරන්න
කැමරාවයි පරිගණකෙයි කුඩුවෙලා යන්න >:(
.
නුඹේ මතක පොදි ගහගෙන අරගෙන යන්න
1 TB Hard එකත් මදිනෙ අද මට
මාත් එක්ක යන මගකදි මතකය එක්ක
ගිණි අරගෙන මගේ ගතත් පිච්චිලා යන්න >:(
.
අනේ බෑනෙ මට ඔය හැටි හුරතල් වෙන්න
නුහුරේ හුරතල් තව දැක අහගෙන ඉන්න
ලෝකෙම කව්රුන් තිබ්බත් මගේ අභියස
මගෙ තුන් හිත හැමදාටම නුඹේ පාමුල o.O
.
තවත් හිතක සිනා පොදක් හිතින් විඳින්න
ඒ හිතේම මං හින්ඳා සිනා මැවෙන්න
නුඹේ කඳුලු දැක දැක දෑඟිලි පැටලෙන්න
කලින් මගේ හදවත සදහට නවතින්න :(