Pages

Friday, December 4, 2015

...::: විභාගෙට කලින් සහ පසු :::...


 විභාගෙට කලින් ...
.
දවස පුරා පැය භාගයකට වරක් මූණු පොතට රෝල් කෝල් දීමට පැමිණිය යුතුය...
ඔක්කොම කමෙන්ටු වලට තිතට රිප්ලයි කළ යුතුය ...
අපිව අමතක මිනිස්සුන්ට ඇන ඇන අපිව මතක් කල යුතුය ...
චැට් කරන අයට රිප්ලයි කල යුතුය ...
චැට් නොකරන අයටත් බලෙන් චැට් කල යුතුය...
ෆ්රෙන්ඩ් රික්වෙස්ට් 1000ට කිට්ටු වෙන ගානේ තෝරා බේරා ඇඩ් කරන අය ඇඩ් කර ඩිලීට් කරන අය ඩිලීට් කල යුතුය ...
දුරකතනය බොහෝ වැදගත් ... එයට මුල් තැන දිය යුතුය ... රිංග්ටෝන් එකේ වොලියුම් උපරිම තිබිය යුතුය ...
රෙදි සෝදා කාමරේ අස් පස් කල යුතුය ...
තිතට කෑම වේල ගත යුතුය ... වේල් 3 ... 4ක් 5ක් දක්වා දීර්ඝ විය හැක...
පැය 10 ක නින්ද අත්‍යාවශ්‍යය ... ඊට වැඩි වෙතත් අඩු නම් සොෟඛ්‍යයට හොඳ නැත ...
බලපු නැති චිත්‍රපට රැසකි ... ඒවා බැලිය යුතුය ...
පරිගණකයේ ඩ්‍රයිව්ස් වල අපිළිවෙලට ඇති ෆෝල්ඩර්ස් පිලිවෙලට සකසා වැඩි ඉඩක් ගත් සියළුම ඉමේජස් රී සයිස් කර අනවශ්‍ය දෑ ඩිලීට් කළ යුතුය ...
ජීවිතේට නොඅසන ගීත ඇසිය යුතුය ... ඒවා විශේෂයෙන්ම දුක් ගීත විය හැකිය ...
කවදාවත් නොබලන ටෙලි පෙරහැර බැලීය යුතුය ...
ඇයි??? ගිය මොහොතේ සිට ඉර හඳ දකින්නවත් කාමරෙන් එළියට නොබසින මුත් ගෙදරත් යා යුතුය ...
ට්‍රිප් මිස් නොකල යුතුය ...
ටවුන් යෑමට හේතු රැසකි ... එය ශරීරයට ව්‍යායාමයක් ලෙස පයින්ම යෑමකි ... පයින්ම ඒමකි ...
වයලීනයට වඩා ගිටාරයට මුල් තැනක් දිය යුතුය ... මේ ටිකේ ගිටාර් නොගැසුවොත් ගිටාර් ගැසීම අමතක වීමට ඇති ඉඩකඩ වැඩි විය හැකිය ...
විභාගෙට කලින් එයාට මූණ පෙන්විය යුතුය ... නැත්තන් විභාගෙ දවස්වල දෙන්නාගෙම ඩිග්‍රි පෝස්ට් පෝන් වී ... යුධමය වාතාවරණයක් ඇතිවී ...මෙඩිකල් දමා ගෙදර යාමට සිදුවන තත්වයක් ඇතිවිය හැකිය ...  
කැමරාව අත තිබිය යුතුමය ... බැටරි දෙකම චාර්ජ් කර චිප් යුගලම එම්ප්ටි පිට තිබිය යුතුය ... පරිගණකය ළඟ තිබිය යුතුමය ... ප්‍රින්ටරයේ කාට්‍ර්ජස් රිෆිල් කල යුතුය ... නැති නම් නෝට්ස් පිළිබඳ ගැටළු මතු විය හැක ...
.
.
<3 විභාගයට පසු ...
.
ෆේස් බුක්? අපෝ බෝරින්...
කමෙන්ට්ස්? ඔහේ තිබුදෙන් ...
චැට්? අනේ මන් දැක්කෙ නෑ සොරි ...
ෆ්රෙන්ඩ් රික්වෙස්ට්? අනේ වැඩක් නෑ ...
ෆෝන් එක? අනේ සයිලන්ට් තිබ්බෙ ...
රෙදි ? ආහ් ඒවා නම් එදාට එදාට හේදුවනේ ...
කෑම ? අනේ බඩගිනි නෑ ...
නින්ද ? නිදි මතක් නෑ ...
ෆිල්ම් ? අපෝ හරියන්නෑ ... 100 GB විතර ඩිලීට් කලා ...
පරිගණකේ ?ආහ් ඒක කවදත් පිළිවෙලයිනෙ ...
සින්දු ? කම්මැලියි අප්පා ...
ටීවී ? අපෝ එකම දේ හැම එකේම ...
ට්‍රිප් ? අපෝ බෑ ...
ටවුන් ? අනේ බෑ ...
ගිටාර් එක ? ආහ් ....  
එයා ? ආහ් දවසටම දෙපාරක් වත් කතා කලේ නෑ ...  
ලබන සෙමෙස්ටරේ ??? ආහ් ! ඒකෙ නම් මුල ඉඳලම වැඩ කරනවා ...   
.
෴ විලෝචනා ෴