Pages

Tuesday, July 16, 2019

...::: මක්කරන්නද ඉතින්:::..

 
කෙලි සිනා සුරතලෙන්
ගේ පුරා සිරියාව
පැතිර තිබු ඊයෙ මෙන්
අද නෑනෙ එළියක්...
.
හනික හූ හඬ දිදී
ඇදුණු දුම්රියෙ නැගී
වේගයෙන් පෙර දවස්
වෙත ඇදුණි මතකයක්...
.
තේ කහට ජොග්ගුවයි
සමපෝශ ගුලි හයයි
හදන් හරි හරියෙ බැලු
චිත්‍රපටි කන්දක්...
.
කඩිමුඩියෙ කඩ පිලෙන්
ගත් කඩල පැකට්ටුව
තෙවන ස්ලැබ් එකට වැද
රස විඳිමි අහුරක්...
.
සුවසෙවන, නෝ ලිමිට්
පීසා හට්, ප්‍රිම්රෝස්
යායටම නරඹමින්
නහමි සුව පවනක්...
.
චිත්‍රපට ඉතිරි තිහ
ජම්බො පීනට් අහුරු
ෆ්‍රිජ් එකේ දුක් විඳියි
බෙල් පෙපර් ගෙඩියක්...
.
පීසා හැදුමට චීස්
පුඩින් හැදුමට කිරිත්
තිබෙන මුත් නුඹ නැතුව
නැහැ කිසිම ගතියක්...
.
මක්කරන්නද ඉතින්
පාලුව වරයි සැනින්
කලින් ගෙවු තප්පරය
දැන් ගෙවමි වරුවක්... 

💛 ගෝ ච ර 💛

💛
20Hz - 20,000Hz අතර,
ශ්රවණ පරාසය තුළ,
ශ්රව්ය ගෝචර දෑ මිස...
දෘශ්ය ආලෝක පරාසයේ,
නැනෝ මීටර් 400 ත් 800ත් අතර,
තරංග ආයාම අඩු වැඩි වීම් මිස...
නියුරෝන ඔස්සේ ලැබෙන,
සංඥාවන් මිසක...
අන් දෙයක් නොවේ මට ගෝචර...
නො වේ   ම ට   ත ව ම   ගෝ ච ර 😣🙏
.
© විලෝචනා අබේකෝන්