ඉපදුන ගමන් ...
කකුල් දෙකෙන් උස්සලා පිට කොන්දට ගහපු පළවෙනි පහරින්, මම කෑ ගහලා ඇඬුවේ... රිදවන්න එපා යකෝ මට රිදෙනවා,මට පණ තියෙනවා කියන්න පොඩි කලේ ඉඳන්, මේ වෙනකන් මගේ වැඩ ටික තනියම බලාකියාගෙන පැත්තකට වෙලා හිටපු මට වත් මේ නපුරු මිනිස්සු ඉන්න පාඩුවේ නොදුන්නම මම කෑ ගැහුවේ රිදවන්න එපා යකෝ මට රිදෙනවා,මටත් තියෙන්නෙ ලේ මස් නහර කියන්න මුළු ලෝකයත් දෙමව්පියොත් සහෝදරයොත් එරෙහි වෙද්දි මුළු ලෝකයක් කිව්ව දේ නාහෙට ගත්තෙ නැතුව ඒ හැම දේම අත ඇරලා ඔයා වෙනුවෙන් මේ මම විතරක් කෑ ගැහුවේ රිදවන්න එපා ඒ මනුස්සයට රිදෙනවා ඒ ඉන්නෙත් මනුස්සයෙක් කියන්න ඔයා වේදිකාවේ ඉන්නවා බලන්න එන්න කලින් නිහඬයි කියන ඔයාම මට කෑ ගහද්දි මම කෑ ගැහුවේ යාන්තං වැවීගෙන ආව කොණ්ඩේ හිතක් පපුවක් නැතුව කපා ගත්තේ දරාගන්න බැරුව හැපි හැපී ඇඬුවේ රිදවන්න එපා වස්තුව මට රිදෙනවා, සල්ලි හොයාගෙන මම ඔයා බලන්න එනවා කියන්න... මගේ වස්තුව, ඇයි මට කතා කරන්නේ නැත්තේ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා අහද්දි ඔයා මගේ ජීවිතේට අඩිය තියන වෙලේ මට කිව්ව දේවල් මතක් කලේ මම කෑ ගැහුවේ ... රත්තරන් මට කව්රු රිද්දුවත් දුක නෑ ඔයා රිදවන්න එපා වස්තුව මට රිදෙනවා, වෙන කාටවත් දැන් මාව රිද්දන්න බෑ කියන්න මේ හැදදේම වෙලා අද අන්තිමට මම කෑ ගහන්නේ ඔයා කෑ ගහන්න එක්කෝ අඬන්න හයිය තියේ නම් ජීවත් වෙන්න නැත්නම් කාළකණ්ණි වෙන්න මට රිදෙන්නෑ දැන්,දැන් මම ගලක් ... ඔයාට තියා කාටවත් දැන් මාව රිද්දන්න බෑ කියන්න |
Thursday, June 12, 2014
...::: ගල් හිත :::...
Subscribe to:
Posts (Atom)