Pages

Tuesday, August 27, 2013

...::: පණ සරි නුඹ !!! :::...

ලතෝනිය අහවරයි,
පිදේනිය උන් සතුයි,
නමුත් අපි විතරක්ම,
දෙතැනකට වී හඩයි...

මට අහිමි නුඹ නොදත්,
මගෙ කදුලු වල තරම,
මට දුන්නු වේදනා ,
නොදැනුනිද ඔය ලයට,
කාලයේ ඇවෑමෙන් ,
පසු තැවෙන තනි හිතට,
ඉස්සර වගේ ඇවිත්,
සතුට එක් කල මැනව...

නුඹයි පණ සරි සිතූ,
මගෙ සුසුම මගෙ පැතුම,
කිරි කැකුළු සිනාවෙන්,
තත්පරක පණ රකින...

මා ළයේ නුඹ තියා,
නුඹේ ප්‍රති රූ තැනූ ,
නුඹයි මා තැනුම් කරු,
මා තුළින් නොනික්මෙණ...

සසරෙ පෙරුමන් පිරූ,
හද විමණෙ තනි මැකූ,
කදුලෙන් සිනහවෙන්ද,
මට උරුම කම් කියූ,
නුඹයි හද ගී තනුව,
නුඹයි මගෙ හද ගැස්ම,
ජන්මයෙන් ජන්මයේ,

මට හිමි ව අහිමි වන...