Pages

Thursday, December 17, 2020

ආරක්ෂා කිරීම සහ පහදා දීම අවශ්‍යමද?

 බොහෝ විට එදිනෙදා ජීවිතයේ මිනිස්සු චිත්ත පීඩාවට පත්වෙන ප්රධාන කරුණක් තමා අනික් අය කියන දේවල්. හොඳක් කිව්වොත් නම් ඒ හැටි ගැටළුවක් නෑනෙ.

🤷
ඒ නිසා අපි හිතමු අනික් අය අපි ගැන කියන, හිතන ඍණාත්මක දේවල්, වැරදි දේවල්, අවතක්සේරු කිරීම්, වරදවා වටහා ගැනීම් ගැන 🙄
.
අපි පුරුදු වෙලා ඉන්නවනෙ අපි අසලින් හුළඟක් හැමුවත් ඕනවට වඩා ඒක ජීවිතේට ගන්නයි, අපිට ඇහෙන පේන දැනෙන හැමදේටම ඕනවට වඩා අපේ ජීවිත තුළ තැනක් දෙන්නයි... 🤷 එහෙව් අපිට අපි ගැන හරි අපි යන්තම් හරි දන්න කෙනෙක් සමබන්ධව හරි වෙනත් කෙනෙක් මූණටම දෙයක් කිව්වම කොහොමද ලේසියෙන් යන්න ඇරලා ඉන්නෙ නේද 🤣🤦 උත්තර දෙන්නම හිතෙනවනෙ 😁
.
"කවුද අනේ ඔයාට මං ගැන ඔහොම බොරු කිව්වෙ? ඔයා ඉන්නෙ වැරදි වැටහීමක"
"ඔයා එයාව දන්නෙ නෑනෙ. මමයි එයාව දන්නෙ. නොදන්න දේවල් කතා කරන්න එපා"
"ඔයා හිතන විදිහෙ කෙනෙක් නෙවෙයි මම. මම උගත් කෙනෙක්. මට හොඳ පවුල් පසුබිමක් තියෙනවා... මං කාටවත් වරදක් කරලා නෑ... එහෙව් මං ගැන ඔයා ඇයි ඔහොම හිතන්නෙ? "
.
මේ වචන අස්සෙ අපි දේවල් දෙකක් කරන්න උත්සහ කරනවා... 🤔
.
1. අපි අපිවම හෝ අපිට සමීප යම් දෙයක්, යම් කෙනෙක් ආරක්ශා කරන්න, Defend කරන්න... ඒ වෙනුවෙන් පෙනී හිටින්න උත්සහ කරනවා...
2. අපි තවත් පාර්ශ්වයකට අපේ දෙයක් විස්තරාත්මකව පැහැදිලි කරන්න, explain කරන්න උත්සහ කරනවා...
.
අපි යම් කාරණාවක් හෝ අවස්ථාවක් ගැන, යම් පුද්ගලයෙක් ගැන හෝ තමන් ම ගැන තදින් දරණ මතයක් තියෙනවා... අපි උත්සහ කරනවා අනික් අය තුළ ඊට වඩා වෙනස්, වැරදි හෝ අපිට නුරුස්සන මතයක් තියෙන බව දැනෙනවා නම් අපි දන්න හැම විස්තරයම, හැම හේතුවම, හැම අවස්ථාවම, හැම උදාහරණයම අරන් ඒ මතය වෙනස් කරන්න... 🤦
.
සමහර විට සෑහෙන දිග සංවාදයකින් පස්සෙ තමයි ඔබට වැටහෙන්නෙ ඒ මහන්සියෙන් පලක් නැති බව. මොකද බොහෝමයක් මිනිස්සු පිළිගන්නෙ තමන් කැමති දේ. තමන්ගෙ මතය. අපි වැඩියෙන් පහදන්න උත්සහ කරන්න කරන්න ඒ අය ඒකෙත් අඩුවක්මයි දකින්නෙ.🙄
.
සමහර විට මේ අපි එක්ක සංවාදයට එන අනික් කෙනා අපිව හෝ අපි කියන ඔය කාරණාව ගැන හරියට දන්නෙත් නෑ. අපි ඒ අය ගැන දන්නෙත් නෑ. ඒ කෙනාගෙ කෝණයෙන් එයා ඒ අවස්ථාව සමහර විට වෙන විදිහකට දකිනවා අත් විඳිනවා වෙන්න පුලුවන්... එයා උගත් කමින්, සමාජ පසුබිමෙන්, මානසිකත්වයෙන්, අදහස් වලින් අපිට වඩා වෙනස් තැනක ඉන්නවා වෙන්න පුලුවන්... 🤦
අනික් දේ තමා අපිටත් වරදිනවා. 🙄 අපි හිතං ඉන්න දේවල් වරදින්න බැරිද? විවාදයකදි පරාජය භාරගන්නත් ඇත්ත තේරුම් යද්දි ඒක පිළිගන්නත් අපිට ශක්තියක් තියෙන්න ඕන.
.
හරි මේ ඔක්කොම පැත්තක තියලා නිකං මෙහෙමත් හිතලා බැලුවොත්... 🤔
.
" ඕවට උත්තර දෙන්නම ඕනද? අනික් පාර්ශ්වය දරණ මතය වෙනස් කරන්නම ඕනද? ඒ මතය වෙනස් කලා කියලා අපිට ලොකු දෙයක් ලැබෙයිද? මොනවා කිව්වම මොනවා හිතුවම මට මොකද? 😁 ඕන දෙයක් හිතපු දෙන්... ඒ මිනිස්සු 365 දවසෙම, පැය 24 ම ඕක හිත හිත ඉන්නෙ නෑනෙ. එහෙමනම් ඒක මානසික රෝගයක්...තම තමන්ගෙ වැඩ පැත්තක දාලා කාගෙවත් ප්රශ්න හිතන එක 😁 අනේ මට වැඩ නැතුවයෑ ඕවාට හේතු පහද පහද ඉන්න 😁 ඕන එකක් හිතුවදෙන් 🙄🤷"
.
මේ වාක්ය ටික හිතෙනවා කියන්නෙ අර මම උඩින් කිව්ව defending සහ explaining කියන දෙකට අපෙ තියෙන බලවත් උවමනාව අඩු වෙලා 😁 😊 කතාව පටන් ගන්න කලින් කල් තියාම අපි පොඩ්ඩක් එහාට හිතලා, අපෝ ඕක කෙලවර වෙන්නෙ මෙහෙම, ඒක නිසා මේ කතාව මග අරින්න ඕන කියලා ඔලුවට කලින්ම signal එක එනවා 😁 ඔව් ඒ කියන්නෙ අපි චූ...ට්ටක් පරිණත වෙලා... 😊
.
ඔන්න ඔය අපි අපිව #defend කරන්නයි අපි ගැන #explain කරන්නයි තියෙන බලවත් උවමනාව නැති තැන තියෙනවා නේද??? අන්න එතනදි අපිට පුදුම සැනසීමක් නිදහසක් දැනෙන්න ගන්නවා 😊 ඒක අත් විඳලම බලන්න 😊💛
.
~ විලෝචනා ~