Pages

Thursday, June 4, 2015

...::: නිවන් දකින්නෝ :::...


තම නැණ පමණිනා,
ඉපිදෑ නෙක කුලේ...
තම තම දේ කියා,
ලොබ බඳිනා සෙයින්...
මෙත් සිත ඉවතදා,
දූ ගති පතුරමින්...
කෙලෙසක කියනුයේ,
අනෙකුට වැදි බණක්?
.
වඳිනා පිළිමයෙන්,
අමතන වහරයෙන්...
බෙදුනවු මියෙද්දී,
උප්පැන්න හැර ගියෝ ...
අලවුන් දමනයේ,
ඉවසු බුදු තරම්...
ඉවසනු බැරි දනා,
සතුෙවෙද බොදු හැඟුම්?
.
අන් දෑ සොයමිනා,
කල් ගෙවනා එවුන්...
දත් දත් දේ නිසා,
අනෙකුන් ගැන කිපෙත්...
ලෝ දම් සිත තියා,
පව් දුරලන එවුන්...
මොන වරිගේ වුනත්,
නිර්වාණේ දකිත්...
.
෴ . විලෝචනා . ෴