Pages

Monday, September 4, 2017

කවි වල නැති එළි සමයට, බය වී බෑ කවි ලියන්න...

ලස්සන නැති මගෙ අත්වල,
වළලු වලට හැඩ කොහින්ඳ...
හැඩ නැති ඉඟ සුඟ දැක්කම,
ආල හිතුනෙ මොන හිතටද...
අඩි ගණනක් උඩින් ඇදෙන,
සුරංගනාවියො දැක්කම...
දුක හිතෙන්නෙ මට නුඹ ගැන,
වැඳිරි රුවට පෙම් බැන්ඳට... 😖
.
පාට පාට සෙරප්පුවට,
ගැලපෙන ඇඳුමින් සැරසෙන...
පාට පාට ගෑ කොණ්ඩෙට,
නේක මෝස්තර දමන්න...
නැතුවම මට උවමනාව,
එපා වේවි නුඹට මාව...
නාවත් මට ඒ හැඩ වැඩ,
යන්නෑ බැරි වැඩ කරන්ට... 😒
.
කවි වල නැති එළි සමයට,
බය වී බෑ කවි ලියන්න...
උඹ ළඟ සුර ලියක් වෙන්න,
නැති ගති බෑ ඇඟට ගන්න...
එපා වුණොත් මේ පිස්සිව,
නැතේ කාරි දමා යන්න...
කවුරු ගියත් මා තනි කර,
ගිටාරෙ 🎸 ඇති තනි රකින්න... 😍
.
© විලෝචනා අබේකෝන්

No comments:

Post a Comment

leave your comment here...