ඇහි පිහාටු........
තොල් පෙති කිති කවන,
සුසුම් කුණාටු........
උණුහුම ගෙල සිඹින,
තත්පර කටුව දමා........
වේගෙන් හද දුවන,
මේ ඒ හෝරාවයි........
.
කඳුළු ලෝදිය........
උරහිස හිරි වට්ටන,
නුහුරු ඉකි ගැසුම්........
මිස වදනක් නොවන,
සිහිල් දිය ඉරි........
ළය උණු කර දිවෙන,
මේ ඒ් හෝරාවයි........
.
සිතිවිලි රළ පෙරලි........
සිත් වෙරළම බිඳින,
තෙරපෙන හැඟුමන්........
වාරණයට නොයෙන,
පෙම් වෘතාන්තයේ........
සාරංශය දකින,
මේ ඒ හෝරාවයි,
මේ ඒ අවසන් හෝරාවයි........
.
෴ ලෝචි ෴
තොල් පෙති කිති කවන,
සුසුම් කුණාටු........
උණුහුම ගෙල සිඹින,
තත්පර කටුව දමා........
වේගෙන් හද දුවන,
මේ ඒ හෝරාවයි........
.
කඳුළු ලෝදිය........
උරහිස හිරි වට්ටන,
නුහුරු ඉකි ගැසුම්........
මිස වදනක් නොවන,
සිහිල් දිය ඉරි........
ළය උණු කර දිවෙන,
මේ ඒ් හෝරාවයි........
.
සිතිවිලි රළ පෙරලි........
සිත් වෙරළම බිඳින,
තෙරපෙන හැඟුමන්........
වාරණයට නොයෙන,
පෙම් වෘතාන්තයේ........
සාරංශය දකින,
මේ ඒ හෝරාවයි,
මේ ඒ අවසන් හෝරාවයි........
.
෴ ලෝචි ෴