
අපිට ඉන්න,
ලස්සන ගෙයක් විතරක් නෙවේ...
අපිට ඉන්න,
ලස්සන නිදහස් රටක් ඉතිරි කරලා...
පවුලෙ අය එක්ක...
බොහොම පුංචි කාලයක් ගත කරලා...
යුධ බිමේ සෙබලුන් සමග...
ජීවිතේ වැඩිහරියක් බෙදාගෙන...
මර බිය පසෙක දා...
එඩිතරව සටන් කර...
පිපිරුම් ගණනාවකින් එක් තැන් වී...
දිවිගලවාගෙන...
රට මුදවන තුරු...
හුස්ම අල්ලන් හිටිය...
මියදෙන විටත්...
ඇඟ අස්සෙ යකඩ කෑලි හිර කරන් හිටි...
අපෙ අප්පච්චි වගේම...
යකඩ සවි ඇති...
මෙ රට වෙනුවෙන් ජීවිතේ පූජා කල...
අත පය ඇස් ඉස් අහිමි කරගත්ත...
දිවි ගලවාගත්ත...
මෙකී නොකී සියලුම රණවිරුවන්ට...
මිහි මත පිපෙන මලක් මලක් ගානෙ...
පින් රැස් වේවා!
මේ හෙළ බිමෙන්...
පිපිරුම් හඬට තිබුණ බිය තුරන් කලාට...
නිවන් සුව අත් වේවා, ඒ උතුම් විරුවන්ට 

.
~ විලෝචනා ~