ෆේස්බුක් මිතුරු ලයිස්තුවට තහනමක් නෑ. ඕන කෙනෙන්කට Friendlist එකට එකතු වෙන්න හෝ Follow කරන්න ඉඩ දෙන්න පුලුවන්. ඒත් ඔබ මුලින්ම අලුත් මිතුරාව මිතුරියව ටික කලක් නිරීක්ෂණය කරන්න. ඔබ පිරිමි ළමයෙක් වුණත් ගැහැණු ළමයෙක් වුණත්... තරුණ වැඩිහිටි කොයි වයසේ පසු වුණත් Messenger ඇමතුම් හෝ පණිවිඩ තැබීමට පෙර මදක් සිතා බලන්න.
Message එකකින් කියන්න, අහන්න, දැනගන්න අවශ්ය දේ About Section එකේ නැති, ඔබට දැනගැනීමට පලක් ඇති අත්යාවශ්ය දෙයක්ද කියලා හිතන්න...
පුද්ගලයා හරිහැටි හඳුනාගන්නත් කලින් ෆේස්බුක් තුල දුටු ගමන් කියන්න හිතෙන දේ කියන්නම අත්යාවශ්යද කියලා කල්පනා කරන්න...
.
Messenger ඇමතුම් ලබාගැනීමට තරම් ගැහැණු පිරිමි ඔබ කිසිවෙකු ඔබ සිතන තරම් ආරක්ශිත නැත. හොඳින් දන්න අයෙකුට හැර නොදන්නා අයට Audio සහ Video ඇමතුම් දීමෙන් වැලකී සිටින්න...
.
ඔබ පල කරන Comment එක ඔබගේත් අලුත් මිතුරා හෝ මිතුරියගේ ආත්ම ගරුත්වයට සහ ඔබ දෙපාර්ශ්වයේ යහපත් මිත්ර සම්බන්ධතාවයට ගැටලුවක් නොවේදැයි සිතන්න... 

.
ඔබ Reaction button එක භාවිතයේදී පෝස්ටුවට ගැලපෙන දේ යෙදීමට උත්සහකරන්න.
කැපී පෙනෙන මිතුරෙකු මිතුරියක නොව, අවුරුදු 5ක් 10ක් එක Message එකක් වත් නොදැම්මත් නම දැක්ක ගමන් "මේ හොඳ කෙනෙක්" කියලා මිත්ර පාර්ශ්වයට දැනෙන ප්රතිචාර දක්වන්න.

.
ඔබේ වචන සහ ක්රියාව තුළ ඔබ ඔබවම යහපත් ලෙස නියෝජනය කරන්නේ නම් එය ඔබ සතු සුවිශේෂ හැකියාවකි. එය ඔබ තුළ නැති නම් එය පුරුදු කර ගැනීමට තරම් නම්යශීලී වන්න 

.




.
ඔබේ කැමැත්තට එපිටින් යන කෙනෙක් ඔබේ මිතුරු ලයිස්තුවේ සිටිනවා නම් මග හරින්න. අනවශ්ය වාද විවාද, පැහැදිලි කිරීම් සහ ඒත්තු ගැන්වීම් සඳහා නොහඳුනන අය වෙනුවෙන් කාලය කැප කිරීම අනුවණ ක්රියාවකි. ඉවත් කරන්න. බ්ලොක් කරන්න
තාක්ෂණයෙන් සහ ඔබට ලැබී ඇති ආරක්ශිත ක්රම වලින් උපරිම ප්රයෝජන ගන්න 


.
ඔබ රඳවගන්න කැමති අයට හොඳ පෞරුෂයක් ඇති, ආදර්ශවත් මිත්රයෙක් වන්න. 5000 ක් නොව... හොඳම 500ක් රඳවගන්න... හොඳම 500න් කෙනෙක් වන්න 
