Pages

Friday, November 27, 2020

🙄 අපිට නොදැනීම අහිමි වන සැනසීම 🤦

 

💛 කවුරු කොහොම මොනවා කරනවා, කොහොම ඉන්නවා ඇහැට දැක්කත්... ඒ ඕනම කෙනෙක් හෝ දෙයක් දිහා මැදිහත්ව බලන්න, මෛත්රී කරන්න, වැරදි දේකදි එක්කො කරුණාවෙන් කියලා දෙන්න එහෙම නැත්තං මග හැර යන්න පුලුවන් නම්,
කෙනෙක් ගෙ දියුණුව, සතුට, ලස්සන, උගත්කම දැකලා සතුටු වෙන්න, අඩු පාඩු දැක්ක තැන උපහාසයට අපහාසයට ලක් නොකර අපහාසුතාවයට පත් නොකර මග හැර යන්න, නොගැටී ඉන්න පුලුවන් නම්,
අන්න ඒ බලවත් හැකියාවන් ඔස්සේ අපිට ආපිට ලැබෙන ලොකුම තෑග්ග තමා.....
😍 සැ න සී ම ... 😍
මොකද අනවශ්ය දේවල් එක්ක නොගැටී අවශ්ය දේට අවධානය යොමු කරන්න පුරුදු වුණාට පස්සෙ අපි අවට හැදෙන්නෙ අපිට අවශ්ය අයගෙ අවශ්ය දේවල් වල එකතුවක් විතරයි 😍
.
හොඳම උදාහරණය facebook එකේ අපි රසවිඳින බලන react කරන දේවල් සහ add කරගන්න අය... 🤷
.
කැමති එක්කෙනෙක් add කරගෙන බලන්න එයාගෙ දම් වැලක්ම අපිට suggest වෙනවා. Request කරනවා. 😁🤦
ආස දේවල් තියෙන add එකක් click කරලා, like කරලා share කරලා බලන්න ඒ වගේ දේවල් විකුණන තව තව post, pages, groups එකපිට එක suggest වෙනවා... 💁
.
ඔබ ඒ දේවල් බෙදාගන්න කොට, රසවිඳින කොට ඒ දේවල් වලට කැමති පිරිස ඔබ වටේ ඉබේම හැදෙනවා. ඔබේ විනෝදාංශ, හැකියාවන්, කැමති අකමැති දේවල් මේ හැමදේටම crowd එකක් ඉන්නවා... ඒවට ආකර්ශනය වන අය තමා ඊට පස්සෙ නිතරම ඔයාට දකින්න පේන්න සැලැස්වෙන්නෙ...
.
ඔබ ආගමික, සංස්කෘතික, දේශපාලනික ආදී සමාජයේ කුමන අංශයේ මොන පැතිකඩ එක්කද ගැටෙන්නෙ, මොන පැතිකඩද හඹා යන්නෙ... අන්න ඒ විදිහටමයි ඔබෙන්ම භාහිරයට පේන දේවල් අනුව ඇත්ත සමාජෙදිත් ඔබ වටා ඒ ජීවීන්ගේ වළල්ල ඔබ වටා ගොඩ නැගෙන්නෙ.
.
ඒ නිසා කුණු ගොඩක් වගේ නිතරම ඇවිස්සෙන තමා අකමැති දේවල් එක්ක ගැටි ගැටී හඹා යන්න එපා. Fb එකෙත් follow නොකර unfollow කරන්න, unfriend කරන්න, block කරන්න වගේ options තියෙන්නෙ ඒකයි. ඒත් සැබෑ ජීවිතේදි මේක අපිට virtually, automatically කරන්න බෑ. ඒක අපිට manually, realistically කරන්න වෙනවා... 🙄
කා එක්ක හරි ගැටෙන්න, රිදවන්න පහත් කරන්න කොන් කරන්න පාගන්න ඔබ දඟලන හැම අවස්ථාවකම ඔබ තුළ හටගන්න තරහ, ඊර්ෂ්යාව එක්ක ඔබ අවට හැදෙන්නෙත් අර ඔබ ගැටෙන ගැටෙන දේවල් වල එකතුවමයි. ඔබමයි, ඔබේ සිතමයි එයින් දුෂ්ය වන්නෙ 😊 ඔබ වටා ඒකෙන් ඍණාත්මක ශක්තියක් තමා හැදෙන්නෙ.
.
ගැටෙන දේ දැක්ක ගමන් ලෝක ස්වභාවය කියලා තේරුම් අරන් මග ඇරලා යන්න පුරුදු වෙන්න වෙන්න ටික දවසක් යද්දි අර දෙයක් දැක්ක ගමන් පරහට සමච්චලයට, දැනුම පෙන්නන්න වගේ හේතුවක් තිබ්බත් නැතත් නිකං මොකුත් නොකියා නොලියා යන්නම බැරි පුරුද්ද මග ඇරෙනවා... 😁
හදන්න වෙනස් කරන්න බැරි තැන් වල එල්ලි එල්ලි මතවාද ඉදිරි පත් කරන්න Comment කරන්න, react කරන්න, කාගෙ හරි ඇඟේ මාලු නටන විදිහෙ දෙයක් share කරන්න හිතලා ඇඟිල්ල උස්සන කොටම "ඕන නෑහ් " කියලා හිතට එනවා. 😍
මේ හැකියාව අපි තුළ ඇති කරගත්තොත් නිකරුණේ අහක යන ප්රශ්න තමන් කරට එන එකත්, ඒකෙන් තමන් අවුලෙන් අවුලට පත් වෙන එකත් ඉබේම සංසිඳිලා යනවා.
.
විවිධත්වය කවදත් පවතිනවා. සුදු කලු ද්විත්ව ප්රතිපක්ෂ අන්තයන් සමාජයේ ඕන තරම් තියෙනවා. එකක් නිසයි අනික පැහැදිලිව පේන්නෙ. හොඳ නරක තියෙනවා. නරක නිසයි හොඳ ඉලිප්පෙන්නෙ. කවදාවත් සුදුම විතරක් ඉතිරිවෙන්න නෑ. කලුම විතරක් ඉතිරි වෙන්නෙත් නෑ. සත්තු අයින් කරලා පීඩනයට ලක් කරලා මරලා මනුස්සයා ලෝකෙ අල්ලන්න දැඟලුවා පුලුවන් වුණාද??? දැක්කනේ අන්තිමට සත්තු නිදහස් වෙලා අපි ගෙවල් වල හිර වුණා 🤷 ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කොහෙන් ගියත් මේ සොබා දහම හැමදේම සමබරව ගෙනියනවා... 😍 හොඳ නරක balance කරන්න ගිහිං එහෙනම් අපි ලේ පුච්ච ගන්න ඕන නෑනෙ 😁
.
ලෝකයාට ලෝකයේ ස්වභාවයෙන් ඉන්න දීලා ඒ ගැන මැදිහත්ව බලන එකෙත් අමුත් ආතල් එකක් තියෙනවා. 😁😍🤷
.
ඒ හැකියාව සහ පුරුද්ද එක්ක අපි තුළ හැදෙන ධනාත්මක යහපත් ගතිගුණ පිටිපස්සෙ දිර්ඝකාලීනව අපිට නොදැනෙන්නම මං අර ඉස්සෙල්ලා කිව්ව
💛 සැ න සී ම 😊
නිතැතින්ම තමන්ට ආපිට ලැබෙනවා 😊
.
© විලෝචනා අබේකෝන්