Pages

Thursday, July 30, 2020

💛 සාර්ථකත්වය සහ සතුට 💛

💛 බහුතරය පිළිගන්නා පරාමිති වලින් පෝෂණය වූ #සාර්ථකත්වය තුළ #සතුට හිමි වීමට ද, අහිමි වීමට ද, ඉඩ ඇත... සමාජයීය, සංස්කෘතික, ආගමික පසුබිම් වැනි විවිධ හේතු පදනම් කොට ගෙන, සාර්ථකත්වය ලෙස අර්ථදක්වන දේ කෙනෙක්ගෙන් තවෙකෙකුට වෙනස් විය හැක.

පිරිසක් සතුට පසෙක ලා බහුතර මතයේ සාර්ථකත්වය පසු පස හඹා යනු ඇත...

පිරිසකට, බහුතර මතයේ සාර්ථvs කත්වය ම සතුට වනු ඇත...

නමුත්... බහුතර මතයේ සාර්ථකත්වය තම මතයට අනුව සාර්ථකත්වය ලෙස නොහැඟෙන සුලු පිරිසක් උඩුගම්බලා පිහිනනු ඇත...

මෙම සාර්ථකත්වය වාස්තවික ද? මනෝමූලික ද? නැතිනම් ඒ යුගලේම සම්මිශ්රණයක් ද? 🤔 එය ද, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක... 🤷

එබැවින් #සාර්ථකත්වය තුළ සැම විට ම සැමදෙනාට ම සතුට හිමිවීමට හෝ නොවීමට ද අවකාශ ඇත.

නමුත් #සතුට තුළ බහුතරයකට සාර්ථකත්වය හමුවීමේ සම්භාවිතාව වැඩිය... 💛

මා, මෙය සමාජයේ කලු සුදු අභිප්රායන් පිළිඹිබු කරන්නා වූ ද්විත්ව ප්රතිපක්ශ ප්රකාශනයන් පිළිබඳ අදහස පසෙක ලා පොදුවේ හුවා දක්වන්නක් පමණි... 😊

අප ද පරිපූර්ණ නොවන බැවින්, ඒ ඒ ඒකෛයික ජීවියා තුළ සාර්ථකත්වයේ බලාපොරොත්තුව හොඳ ද නරකද යන්න තීරණය කිරීමට අපට නොහැක... නමුත් පුද්ගලික මතයක් අප තුළ පැවතිය හැක... 😊

මා තුළ ද, ඔබට මෙන් මට ම ආවේනික වූ මතයක් ඇත...

මම සාර්ථකත්වය ඔස්සේ සතුට සොයනවා වෙනුවට, සතුට ඔස්සේ සාර්ථකත්වය සොයමි... 🤗

"මම සතුටු වුවහොත්, මම සාර්ථක වුණ බව පිළිගනිමි...."

එය හුදු අනියමාර්ථයේ අසම්භාව්ය ක්රියාවක් බව දනිමි... නමුත් එයත් මට සතුටක්ම වනු ඇත... එය මට සාර්ථකත්වය ම වනු ඇත 😍
.
© විලෝචනා අබේකෝන්


💛 රහස් සංයෝගය 💛

💛
සිහිලැල් සිහිලාරෙන් ඔසවා...
ප්රේමයෙන් දවා,
මවා සුදු මිහිදුම... 🤗

නීල තුරු හිස් වසා,
සීත පැහැයෙන් උමතු කරවා...
අවදි කර,
වනස්පති කරලියම... 😍

රූප පෙලහර අරඹා...
නිහඬ කර...
ආඛ්යානය කුමක් වුව...
සිත මේ තරම් මත් කරවන 😱
රෝමාන්තික බවක්...
කතාන්දරයට මුසු කරන්නට...

අහස් කුස සිඹින,
"කුලු ශිඛර"
නුඹ,
ඔහුගේ රෝමාන්තික බවේ,
රහස් සංයෝගය ලියූ...
කඩදාසිය සොරාගත් හැටි මතකද? 🙄

© විලෝචනා අබේකෝන්