Pages

Saturday, December 12, 2015

නුඹ නිසා

♥ Do you feel her like this ??? ♥ I wish someone feel me like this ... ♥ In my next life :*

එක කෙල්ලෙක් දැක්කම මෙහෙම දැණුනා ... ♥
පිපීගෙන එන රෝස මලක් වගේ,
කවියෙක් දකින හීනයක් වගේ,
දිලිසෙන කිරණක් වගේ,
කැලේ මුව පැටික්කියෙක් වගේ,
සඳවතියගෙ රැයක් වගේ,
මුදු වදනක් වගේ,
මන්දිරයක දිලෙන පහනක් වගේ ..... :*
.
එක කෙල්ලෙක් දැක්කම මෙහෙම දැණුනා ... ♥
උදෑසන සුන්දරත්වය වගේ,
ශිශිර ඍතුවේ හිරු එළිය වගේ ,
වීණාවේ තානාලංකාරයක් වගේ,
සියල් වර්ණ වල සාරයක් වගේ,
එතෙන වැලක් වගේ,
සුවඳ අරන් එන සීතල හුළඟක් වගේ..... :*
.
එක කෙල්ලෙක් දැක්කම මෙහෙම දැණුනා ... ♥
රඟන මොණරියක් වගේ,
සේද නූලක් වගේ ,
සුරංගනාවියන්ගේ රාගයක් වගේ,
සඳුන් ලීයක ගින්නක් වගේ,
සුන්දරත්වයේ සොලොස් විධි වගේ ,
නැවත නැවත නැවුම් වෙන මීදුමක් වගේ ,
හෙමින් හෙමින් වැඩි වෙන මත් බවක් වගේ..... 

2015-04-07  12.07 AM
-------------------------------------------------------------------



♥ :( :/ o.O ♥ :( :/ o.O ♥
.
රෑ දාවල් නින්ද නැතුව,
♥ වෙහස වුණා දෙයියා................... :(
කොයි කවුරුත් එය හොඳ හැටි,
♥ දැන උන්නනෙ දෙයියා..................... :/
ඒ තියෙද්දි ගජ රාමෙට,
♥ හිත බින්ඳනෙ දෙයියා...................... o.O
දැන නම් මට ඔය සේරොම,
♥ එක ගානයි දෙයියා..................... :/
.
ආදරෙ ආදරෙ කිය කිය,
♥ හද රිද්දුවෙ දෙයියා.................. o.O
අැස් රතු වී කම්මුල් හරි,
♥ මලානිකයි දෙයියා.......................... :/
අැසූ හරස් පුරස්නයට,
♥ හිත පෑරුණි දෙයියා......................... >:(
ආයෙත් හිත හදාගන්න,
♥ බැරි වෙයි මගෙ දෙයියා................ :(
.
පුට්ටු වෙන දත් කුට්ටම,
♥ ගැලෙවයි මගෙ දෙයියා............... >:(
හිස අස්සේ රුධිර නාල,
♥ පුපුරයි මගෙ දෙයියා....................... :/
ඔය හැටි මට දුක් ගින්දර,
♥ දරන්න බෑ දෙයියා......................... :(
දැන් වත් මට මගෙ පාඩුෙව,
♥ ඉන්න දෙන්න දෙයියා................o.O


2015-03-09  08.47 PM
-------------------------------------------------------------------


♥ ♥ ♥ ♥ ♥
චුට්ට චුට්ට රෑ වෙද්දි...
පරිසරය නිහඬ වෙද්දි ...
බෝඩිං කාමරේ වහලේ
උළු කැට අතර වීදුරුවෙන්
මට උඹව පේන්න ගන්නවා ...
මම උඹ දිහා බලාගෙන කඳුලු හලනවා ...
♥ පිරුණු සඳ ... ♥
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි !!!


2015-03-06  08.57 PM
-------------------------------------------------------------------




<1 ... <2 ... ♥ ... <4 ... <5 ෴ හැම අංකෙටම හදවත සම්පූර්ණ කරන්න බෑ ...
:! ... :# ... :% ... :* ... :$ ... :^ ෴ හැම සංඛේතයටම එක හැඟීමක් දෙන්න බෑ ...
!_! ... ^_^ ... #_# ... *_* ෴ හැම සංඛේතයටම මුණට හිනාවක් දෙන්න බෑ ...
:!( ... :#( ... :'( ... :$( ... :*( ෴ ඒ වගේම හැම සංඛේතයටම මාව අඬවන්නත් බෑ ...
.
- ලෝචි -

2015-03-02  10.20 PM
-------------------------------------------------------------------


:( ♥ :(
සිත් ගත් නදකට සවන් දිය නොහැකි ...
සිත් ගත් දසුන් නැරඹිය නොහැකි ...
සිත් ගත් තැනක එනු යනු නොහැකි ...
කිසිදු කිසිවෙකු ඇසුරු කල නොහැකි ...
කිසිවෙකු හා ඇයි හොඳැයි අසනු නොහැකි ...
තම දෙවියන් ඇදහිය නොහැකි ...
සිත් සේ දිවි ගෙවිය නොහැකි ...
හුදු තමන්ගේම දින චර්යාවකට උරුමය කිව නොහැකි ...
කිසි දින නුඹට හිමි කර ගත නොහැකි ...
මම ...
නුඹ තැනූ එක්ටැම් දිව්‍ය මාළිගාවේ ...
සිරකාර දෙවඟන ...

2015-02-04  2.58 PM
-------------------------------------------------------------------


කන්ද උඩරට,
සෙංකඩගල පුරවරයේ ,
ගඟවට කෝරලයේ,
කවි කාරියක් ...
රුහුණු පුරවරයේ...
කවි කාරයෙකු හා...
පෙමින් බැඳුණු වගයි ...
201-01-08  12.53 PM
-------------------------------------------------------------------


Love you my Banded Peacock ...
- yours psyche - :*
 2014-12-20  2.16 PM
-------------------------------------------------------------------

කැළඹුනු මහ සයුර ගොඩ ගලා ...
පව් කඳ සෝදන්න වෙර දැරුව මුත් ...
හැමදාම මහ සයුර කැළඹුනා ...
පව් කඳේ අඩුවක් නොවීම ...

වෙරළ කොණ හිඳ බලා උන්නා දුර සිතිජය දෙස ...
දුටුවේ අහසත් සයුරත් මිතුදමින් වෙළී සිටි බව ...
රුවල් ඉරුණු නෞකාවේ නැගී එය නැරඹීමට ගියමුත් ...
දැණුනා අහසෙත් සයුරෙත් එහෙව් මිතුදමක් නොවුණු වග ...

එදයි අහස දුටුවේ ...



මහා පව් කඳ ...
කෙමෙන් කෙමෙන් පිණි වැසි වස්සවා ...
ටිකෙන් ටිකම සෝදා හළ පව් කඳ ...
නොබෝ කළකින් විය පින් කඳ ...

හිතවත්ය ... තැන්පත්ය ...
රූබරය ...ප්‍රියමනාපය ...
පින් කඳ ...
හදිසියේ අහස කැළඹුණා ...
පින් කඳ නිසල විට ...
දුරක සිට අතපෙවිය නොහී වැළපුණා පින් කඳ...
කිසිවක් කර කියා ගත නුහුණුව ...
පින් කඳ බලා උන්නා දුර අහස දෙස ...
කඳුලු ගංඟා සොයා ඇදුණා මහ සයුර ...
කැළඹුණ සයුරට සුව පත් කළ නොහුණු පව් කඳ සොඳය ...
කැළඹුණ අහසට අත පෙවිය නොහැකි පින් කඳට වඩා...

ඔබ යන්න ... ඔබ යන්න ...


2014-12-11  08.52 AM

-------------------------------------------------------------------
" සුදු අම්මි " :* ... අපේ චූටි නංගි සාමාන්‍ය පෙළ ලියනවා ...
" සුදු අම්මා " :* ... My Love ... Sitting for his final University Exams ...
♥ May triple gem bless both of you ... ♥


2014-12-07  09.59 AM

-------------------------------------------------------------------

සතුට යනු ... මං ආදරේ කරන පිස්සු හුරතල් කෝච්චිය,
මටත් එලෙසම ආදරේ කිරීමය ... :*

2014-12-04  07.27 PM

-------------------------------------------------------------------

නුඹ දුන්න වේදනාව දරාගැනීම...
ලබන සෙමෙස්තරේ විෂයන් 10ක් සමග ...
පසුගිය සෙමෙස්තරයට අදාල විෂයන් 5 ක් එක්කොට ...
විෂයන් 15ක් එකවර ලිවීමටත් වඩා අපහසු හෙයින් ...
ලබන සෙමෙස්තරයට සතුටින් මුහුණ දෙමි ... :D

මුහුණු පොතේ දි නුඹේ පුරුදු මුහුණ
අද නුහුරට පෙනීමට වඩා ...
කවදත් නුපුරුදු මුහුණු වලින් ගැවසි
සරසවිය සොඳ යැයි සිතේ ... (y)

- ‍ලෝචි -

2014-12-02  06.47 PM

-------------------------------------------------------------------
සතුට යනු... එකම එක දවසක් වත් සහභාගී නොවුණ ලෙක්චර් එකක Exam එකට ඒ Subject එකේ නම වත් නොදන්න කෙනෙක් කියලා දුන්න උත්තර ලිවීමය ... කොහොම හරි උදාහරණයක් එක්ක හොඳ සවිස්තරාත්මක පිළිතුරක් ලැබුණා.තුති ... !
2014-11-30  08.19 AM

-------------------------------------------------------------------


:O ♥ :* :O ♥ :* :O ♥ :*
අම්මේ ... :O
ලස්සන කොල්ලෙක් ... ^_^
අහල ගම් හතක් සුවඳයි එ් සුවඳට ... :v
කවි සිතුවිලි එනවා :D
ගිණි මද්දහනේ බස් හොල්ට් එකේ හිටියත් ... :v
එහෙ මෙහෙ බල බල බස් එකක් එනකල් :/
ඒ කොල්ලා ඒ කොල්ලගේ ලෝකේ ... :p
මට ඉතින් බස් ගැන සිහියක් නෑ ... ;)
ගිටාර් එක තිබ්බා නම් කියනවා සින්දුවක් ... :*
හින්දි Film වල වගේ ... :D


අයියෝ ... :O
ඔන්න ආවා බස් එකක් ... :/
එ්කේ එල්ලිලා ... නොපෙනී යන කල් මං දිහා බලාගෙන ගියා ... :(
කෙලින් පාරක් වුණා නම් ගෙදර යන කල්ම Zoom කර කර බලනවා ... :D :v
දැන් ඉතිං Lap එකේ Wallpaper එකට වෙලා හිටියා ඇති ... :/
මේවා එයත් දැනගන්න ඕන ... >:(
ඔව් ... :/
අඩුගානේ මගේ Wallpaper එක එයා කියලා ... :v
අයියෝ එයා ... :* ♥


2014-10-27  04.59 PM

-------------------------------------------------------------------


තරු කැට දෙකයි ^_^ ^_^
ජුජුබ්ස් කෑලි එකයි ♥
චීස් කෑලි දෙකයි :* :*
බොම්බයිමුටයි :v


2014-10-15  06.55 PM


-------------------------------------------------------------------


♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥

සින්දුවක් කියාගෙන උය උය මම කුස්සියේ ඉද්දි ... :D
බෝඩිමේ කෙල්ලක් ඇහුවා මෙන්න මෙහෙම ... :O

"දැන්ද උඹට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ???" :)
මම හිනාවෙලා බිම බලා ගත්තා ... O:) 

ලොකු දෙයක් තිබුණා ඒ වචන ටිකේ ...
මටම මං ගැන වත් නොතේරුණ ... :/

ගඩොලින් ගඩොල මේ ජීවිතේ ගොඩනැගුව නුඹ ...
දැන් මේ හදන්නේ කපරාරු කරන්න නේද ???
මම දන්නවා ... o.O
ලඹ කැටේ තියලා බලද්දි විෂම තැන් හුඟක් තියෙයි ...
ඒ නුඹ ගොඩනැගුව විදිහේ වරද නෙවේ ...
අත්තිවාරම වෙනස් කරන්න නුඹට බෑ නෙ... :(

මට ඕන නෑ ඕන නෑ ...උඔ පලයන් කියද්දි ...
කාගෙදෝ ගරා වැටුණ ගෙදරක් නුඹ හදන්න උත්සහ කරන්නේ ...
උඹට පින් ... o.O
දෙයියනේ කියලා මේ කොණ්ඩෙ වැවෙයි ...
මම කාලා බීලා නාලා ඉඳියි ...
හිනා වෙලා සින්දු කියලා ඉඳියි ...
ලෙක්චර්ස් යයි ...^_^
ඒත් උඹට දොස් කියයි ... දහසක් දෙනා ...
අහිංසක නුඹ ගත් තීරණය ගැන හරි වගතුගක් නොදැන ... :(

අර කෙල්ල බෝඩිමේ බිත්තියේ මෙහෙම කොලයක් අලවලා තියෙනවා ... :/

" සියල්ල අවසානයේ ඔබ පසු තැවෙන්නේ
ලබා නොගත් අවස්ථා
ඇති කර ගැනීමට බිය වූ සබඳතා සහ
ගැනීමට ප්‍රමාද වූ තීරණ ගැන පමණි "

(y) (y) (y)

♥ ♥ ♥

ප්‍රමාද නොවී යන්න නුඹ ...
සාප කරනවුන් සාප කරාවි මට ...
උනුන් ගැන නොදැන ...
ඒත් දැන් මට ඕන උඹේ සතුට ...
උඹ කවුරු උනත් ...
දැන් ඇති ...
යන්න ... නුඹ ...

^_^ ^_^ ^_^

2014-10-05  01.54 PM

-------------------------------------------------------------------

(y) ♥ >:( >:( >:( ♥ (y)

ඕන දෙයක් ඉවසන්න පුළුවන් ...
බූරු කතා ඇරෙන්න ... :O
සල්ලි වලට කාට හරි කැමති වෙන්න අහේනියද?නෑනේ ???
අධ්‍යාපන මට්ටම් වලට , පට්ටම් වලට කෙනෙක්ට කැමති වෙන්න ඒ නිසා කොහෙත්ම ඕන නෑ...

අපේ අයියා කියන්නේ ... :D
නංගි , ඉන්ජිනේරුවො හොයන්න එපා ,ඩොක්ටර්ස්ලා හොයන්න එපා ...
එයාලා ඕන තරම් සමාජෙ ඉන්නවා ...ගෙදරට ඕන , තමන්ට ඕන ස්වාමිපුරුෂයෙක් ...
හොඳයි හොඳයි ලේසියි නියමයි කිය කිය ඉස්පිරිතාලෙයි පෙට්‍රෝලියම් එකයි විදුලිබල මණ්ඩලෙයි ටෙලිකොම් එකයි වරායයි වගේ ඔක්කොම ගෙදර ගෙන්න් ඕන නෑ,

අන්න අයියලා :D (y)

කොල්ලෙක්
කැම්පස් ගියා නම් හොඳයි ...
වැඩි දුර ඉගෙන ගන්නවා නම් හොඳයි ...
ඔය සේරටම වඩා හොඳ පොළවෙ පය ගහලා ඉන්න දන්නව නම් තමයි ...
අම්මා තාත්තාගේ සල්ලි පෙන්නලා මොකටද ?
ඒවා හම්බ කරන්න පුළුවන් ...හම්බ කරපුවා කළමණාකරණය ගන්න මොලේ ඕන...
ඔක්කොටම කලින් කාටවත් පේන්න කාර් එකක් නෙවෙයි ...
කාර් එක පාර්ක් කරන්න ගෙදරක් ඕනේ ...
බාල පුතා කියලා ගෙදර මටනෙ කියනවා නම් අපෝ ඒ පුතා වැඩක් නෑ...
අක්කට නංගිට ඒවා ලියලා පොළවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් හොයා ගන්නයි ඕන...
ඒ කෙල්ලට මොලේ ඕන කොල්ලගේ පොකට් එක බලාගන්න...
ඔයාගේ අම්මා එක්ක මට ඉන්න බෑ කියන කෙල්ලො එපා ...
ඒ කෙල්ල දවසක මිනිහත් පන්නයි ...
අම්මටත් ආදරේ කරනවද බලන්න ඕන ...
මාව එපා නම් ,
කෙල්ලෙක් එක්ක යාළු වෙද්දි ඒවත් හිතන්න ...
ඔයා නම් මාරයි ...
යාලුවොන්ට පේන්න ලස්සනට අරන් යන්න නෙවේ ...
මනුස්සයා හැමදේම දෙපතුලට ගෙනත් දෙනකල් බලන් ඉන්න කෙල්ලෝ හොඳයි හුරතලේට...
ඒත් කවදා වෙනකල් ඒ හුරතලේ තියෙයිද?
මෝඩ කතා ... :D

මට ඕන කලේ බූත කොල්ලෙක් නෙවේ ...
දෙයියනේ කියලා සින්දු අහන, ගිටාර් ගහන ,කඳු නගින,නටන,සෙල්ලම් කරන,උදැල්ලක් පිහියක් අල්ලද්දි කර ගැට නොඑන ... අලුත් දේ හොයලා ඉගෙන ගන්න,
දෙයියනේ කියලා අපේ කුඹුරු වලින් ගේන වී ගෝනියක් උස්ස ගන්න පුළුවන් හයිය තියෙන , බොළඳ වෙන්න ඕන වෙලායට ඒකත් දන්න කෙනෙක් ...විශේෂයෙන් මට වගේ පිස්සුවක් තියෙන කෙනෙක් ...
දෙයියනේ කියලා ඒ සේරම ඔයාට තියෙනවා නම් මට මොකටද තව
ඔයා ඔය ලොකුයි කියන අතු ???
ඔයා ඉන්න ඕන මේ ලෝකෙ කොහෙ හරි හොඳින් ...
මා එක්ක බැරි නම් කා එක්ක හරි හොඳින් ඉන්න ...
සතුටින් ...
කාලා බීලා ...
ඔයා හොඳින් ඉන්නවා කියන්නේ අන්න මට ඕන එච්චරයි අප්පා ...
හතුරො නෙවේනෙ ...
පණ දීලා ආදරේ කලේ ළඟ ඉඳලා දුරස් වුණාම හෙණ ගහපිය කියන්න නෙවේ ... :/

ඒත් කවදා හරි මගෙ වෙන කෙනාට මම කියන්නේ මෙච්චරයි ... (y)

" ඔයාට නගින්න බැරි කන්දක් තියෙනවා නම් ...
ඒ කන්ද මට නගින්න පුළුවන් ,ඒත් ඔයාට බැරි නම් ...
මම ඒ කන්ද නගින්න ඔයාට උදව් කරනවා,
උපරිමයෙන් ...
බැරිනම් ...
මමත් ඒ කන්ද නගින්නේ නැතිව ඉන්නවා ...
ඒක කඩුගන්නාව කන්ද නම් ...
ඒ කන්ද නගින අදහසත් මම අත අරින්නම් " :*

♥ ♥ ♥


2014-10-03  9.30 PM

-------------------------------------------------------------------


නුඹ කන බොන දෑ නොදැන...
නුඹ අඳින පළඳින දෑ නොදැන...
නුඹට අවැසි දෑ නොදැන...
නුඹ යන මඟ නොදැන...
නුඹ කාගෙ කව්ද නොදැන...
නුඹ කොහිද නොදැන...
නුඹ ගැන කිසිත් නොදැන...
අන්ධ නොවූ නෙතු පියා ,
ඉසව්වක් නොදැන ආ මඟ...
සිහි විකල්ව සැනෙකින් පියවි සිහිලා,
නෙතු පියන් හැරි සඳ ...
ගව් ගණනක් දුර ,
කිසිවෙක් නොදන්න...
මහ සයුර මැද තනිවූ ,
රුවල් බිඳි ඔරුවක ඉරණම මට උරුම කළා ...


2014-9-22 9:41 PM

-------------------------------------------------------------------
:* ...::: නුඹ රැගෙන ගියා නැවත මා වසර ගණනක් අතීතයට :::... :*

දිවිතුරා පුස්තකාලයකට නොගිය මං එදා ගියේ පුස්තකාල සහ පොත් කඩ වල ඉංග්‍රීසි පොත් තියෙන තැන් වලට ... Butterfly Guides හොය හොය Bird Guides හොය හොය John Banks,Judy Banks ,John Harrison  යන්නවුන් වන්දනාමාන කල,දකින දකින සමනල්ලු පස්සේ දුව දුව උන්ගේ වග තුග හොයන , අහල පහල අයගේ Camera Phone ඉල්ලන් බෝක්කු අස්සේ,කැලෑ අස්සේ වෙල් ගානේ ඉබාගාතේ දුව දුව සමනල්ලු Identify කරගන්න හිතුණ පුදුමාකාර උණක් එක්ක, දකින caterpillars ලව ගහේ කොලේ උඩ අත ඇරලා එන්න බැරි තරම් තිබුණ sick එක මට ඔයා නිසා මතක් උනා. :D

කෙල්ලෙක් කියලත් අමතක වෙලා ගියාට පස්සේ අම්මෝ :O මේ කොහෙද මේ කියලා හිතුණ තැන් තරණය කලා ... හා හා පුරා කියලා දැක්කා ලස්සන caterpillar කෙනෙක් ... දැන ගත්තා ඌ Mime කෙනෙක් කියලා ... දැම්මා බෝතලේකට ... මං නොකෑවත් දුන්න ඌට කන්න වෙලාවට :D ...දවස් ගාණකින් එයා කෝටු කෑල්ලක් වගේ කෝෂේ බැඳලා ... ඒත් මං නැති දවස් ටිකේ හේමකාන්ති මැඩම් අයියෝ මගේ පණ එළියට දාලා ඌව කූඹි කාලා. :(

බෝතල් ගොඩක් කාමරේ ගොඩගහගෙන කියලා අම්මි බනිනවා.පැල වලට බෙහෙත් ඉහිනවා.
කරපිංචා,කුරුඳු,දෙහි ගස් එකක වත් කොල නෑ.සමනල්ලු විතරක් නෙවේ අනුකම්පා හිතුණා වතුසුද්ද ගස් වල ඉන්න Moth ලටත්.යක්කු 3 දෙනෙක් ගෙනල්ලා හැදුවා බෝතල් වල දාලා වත්තේ වතුසුද්ද ගස් සේරම සුද්ද වෙලා අනික් වත්තෙත් ගස් වල කොල ඉවර වෙනකල්.Commanders ලා තුනක්.එකම දවසේ Hatch වෙලා බය වුණා යක්කු තුන් දෙනාට මම එකසිය ගාණට...

ඊට පස්සේ හම්ඹුණා Bluebottle,Tailed Jay,Common mormon both male female... Blue mormon වගේ එවුන් අපේ වත්තෙ ඉඳලා.ලොකුම ආසාව තිබුණෙ Crimson Rose සහ ලංකාවේ විශාලම butterfly Common  Birdwingව හදාගන්න.ගෙන්න ගත්තා සප්සඳ පැලයක් බොහොම අමාරුවෙන් ...මල් පැලයක් වත් හිටෙව්වෙ නැති මම ඔන්න උදේ හවා පැලේකට සාත්තු කරන්න පටන් ගත්තා.කොල එක දෙක හැදෙද්දි පුදුම සතුටක් දැනුනේ...අඩි ගාණක් වැවුණ පැලේ දවසක් වත්තේ වැඩ කරන මනුස්සයා දන්නේ නැතුව උදළු ගාලා.මට කියන්න වචන නෑ ඉතින්.

:D පණ්ඩිතයා වගේ පොඩි crew එකක් එක්ක නැග්ගා හැටන් පැත්තෙන් සිරීපාදේ.ගියේ නුවර ඉඳලා කෝච්චියෙන්.හැටන් පැත්තෙන් බහින්න යද්දි පොඩිවෙලාවකට පාර වැහුවා.කතා වෙලා බැස්ස රත්නපුරේ පැත්තෙන්... ඒ පැත්තනේ බලන් යද්දි ලස්සන... :) ඔහොම බහිද්දි බහිද්දි අම්මට සිරි මෙන්න ඉන්නවා Blue Oak leaf කෙනෙක්... Tree Nymph කෙනෙකුත් ආවා.Ceylone Rose
කෙනෙකුත් දැක්ක... මට ඊට වැඩි දෙයක් නෑ.අන්න ඒ Trip එකෙන් මට වැඩක් උණේ කවදාවත් දැකලා නැති Butterflies ලා තුන් දෙනෙක්ම දැක්ක හින්ඳයි. :D

ඔන්න පළවෙනි වතාවට Crimson Rose කෙනෙක් දැක්කේ ඇතුගල නගිද්දි.පළවෙනි පාරට Common Birdwing දැක්කේ Campus එකට යන පාරෙදි. :*

මම ආසයි Banded Peacock කෙනෙක් බලන්න.ඒත් මේ පාරේ යන්න තනියම බෑ.මේ පාරේ යන්න මේ උණ තියෙන මනුස්සයෙක් ඕනේ... මම මේවා කියද්දි තේරෙන්න ඕනේ.මට අමතක නම් මතක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.කඳු බාගයක් නගිද්දි අම්මෝ කියන අය එක්ක මේ පාරේ යන්න බෑ. :/ ඔයා මගෙන් උණ බෝ කර ගත්තට කමක් නෑ.දැන් මටත් කියලා දෙනවා ... නෑ නෑ මම දැක්කේ Painted-Saw-Tooth නෙවේ Jezebel කෙනෙක් කියලා. :p

ඒක නියමයි.මගේ උණ තියෙන කෙනෙක් හම්බුන එක.මට ඔයාගේ අලුත් වෙනස දැක්කම මාර සතුටුයි.2009 Telecom Diary,Telecom calenders,Pocket calenders ඔක්කොම හොයා ගත්තා...ඇයි කියලා දන්නේ ඒ උණ තියෙන අය තමයි. ;)

මට යන්න බැරි වුණ දුර ඔයා යයි...කැමතියි! සතුටුයි ! :* (y)

මීට -
ලෝචි :*

2014-8-28 3:09 PM

-------------------------------------------------------------------






Vers Libre



You are someone else's love and somebody else loves you.
You are someone else's desire and somebody else is wanting you.
You are in someone's sight but somebody else looks at you.
You are someone's life and somebody else knows you.



------------------------------------------------------------------

Finally !
You measured my love in Waves ...
You measured my love in bauds ...
You measured my love in Bits ...
Text and Binary Non-Text Short messages...



------------------------------------------------------------------------- 

Professor ...
Please don't read first letters to get the implication !!!
Read carefully ...
Then decide whether it's true or false ...
You didn't help me to meet him...
Yep...I got him without you...
Do you think that you helped me to get him?
Absolutely ... Yes !!!
Eventhough ...
Now you've made a reason to our separation too...
What do you want me to think about you...
What do you want me to tell you...
All I have to say is...
You are responsible for our separation
Professor Alexander graham bell !!! 


-------------------------------------------------------------------------- 

Please switch on ...
Wake up :(
It still says ...
This Number is not reachable ...
Tell me ...
Is it necessary to leave you ...?
:(
Oh ...
Please ...
^_^ :p :D :) :/ o.O :o :( :'(
Stay with me like Dawn Jay :(
Please Wakeup ...
As it is too late to leave you...
I can't live without your smile ...




-------------------------------------------------------------------------- 



Winsome Thoughts

 තමන්ගෙ හර්ද සාක්ෂිය හා සමානව හැමදේම දන්න විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම්... කිසි විටක ඔහු හෝ ඇයට බොරු නොකල යුතුයි. සත්‍ය වහන් නොකල යුතුයි... එය ඔබ ඔබවම හෙලා දකින අසරණ කරන දිනයකට මං හෙලි කරනු ඇත...  ...:::ලෝචි:::...

Apr 26, 2017, 2:17 PM

_______________________________________________________


මල් ... සුරංගනාවියෝ ... 🌸 💃
කාර් ... බයික් ...  🚙
බල්ලෝ ... පූසෝ ... 🐱 🐹
කොඩි ... වැකි ... 🏁
නළු නිළියන් ... :putnam: 👩
විරුද්ධ ලිංග නාමයන් ... 👅
පෙරටු කොට ගෙන ...
නොහිඳිනු මැනවි ...
ඔබ කෙබඳුදැයි අනුමාන කර 
ඔබ හා මිත්‍ර වී ...
ඔබ හා සංවාදයේ යෙදීම ...
අසීරු ක්‍රියාවලියක් වන බැවින් ...
ගැත්තියට අනුකම්පා කල මැනව ...  
.
෴ විලෝචනා ෴
.
Dec 05, 2015 1:58pm
_________________________________________________________

  
බූරුවා උඩ කවුරු ගියත් වැරදී ...
බූරුවා උඩ නැගලා ගියත් වැරදී ...
බූරුවා කරේ තියන් ගියත් වැරදී ...
.
මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වලට කොහොමද පොදු නිර්වචන දෙන්නේ ... ඒවා එක් එක්කෙනාට සාපේක්ෂයි ... කාගෙවත් පෝස්ට් තමන්ට ගලප ගන්න එපා ... තමන්ගෙ නිර්වචන තමන් ගැන තේරුම් අරන් හදා ගන්න ඕන ...
.
කොල්ලා - සඳමාලි නම් හරියට පතිරණ ගැන හොයලා බලනවා ... කොයි වෙලේ බැලින්නම් ෆෝන් එකේ ... පතිරණ නෙවේ සත පහකට ගණන් ගන්නේ ... මාව ඔයාට හොඳ වැඩියි ... මමත් පතිරණ සඳමාලිට හොරෙන් අඩිය ගහලා තව කෙල්ලොන්ට චැට් කර කර බොරු කෝටියක් කිය කිය ඉන්නවා වගේ හිටියා නම් ඔයාටත් තේරෙයි ...
.
කෙල්ල - සඳමාලි කව්ද මං කව්ද? මම ගෙදර නිකං ඉන්න කෙනෙක්ද ? මතක තියා ගන්න මම කවදාවත් සඳමාලි වගේ ඔයාගේ ෆෝන් එක චෙක් කරන්නේ නෑ ... වේටින් වෙද්දි එක පිට එක කෝල් ගන්නෙ නෑ ... පොඩි දේ මිස් වුණ ගමන් එපා වෙන්න අඬන්නෙ නෑ ... ඔයාට අරක කරන්න එපා මේක කරන්න එපා අරයා ආශ්‍රය කරන්නෙපා කිය කිය නීති දාන්නෙත් නෑ ... එහෙමයි කියලා ඒ කොලු නිදහස මම ඉල්ලන්නෙත් නෑ ... ඔයත් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් ... මමත් අත උස්සලා හරි කැම්පස් ආවානෙ නේද ? දවස තිස්සේ ෆෝන් එකේ ඉන්න පුළුවන් වැඩ නැත්තං ... ඉදිරි වැඩ පිළිවෙලක් නැතුව ඒ මොහොත ගැන විතරක් හිතනවා නම් ... හැමදාම මම කියනවා වගේ කොල්ලෙක්ගෙ හොඳම කාලෙ පටන් ගන්නෙ අවුරුදු 24න් ... මොකද එතකොට යමක් කමක් තේරෙනවා වගේම වයසත් තියෙනවා ... අවුරුදු 35 ක් වෙනකල් පිරිමියා කොල්ලෙක් තමයි ... ඉතිං නටන්න තියෙන කාලේ නටන්න ඉඩ දීලා තියෙද්දි සීමාව තියාගෙන මිනිස්සු ආශ්‍රය කරලා කෙල්ලෝ ආශ්‍රය කරලා සතුටෙන් ඉන්න බලන්න ... ආස දේවල් හොයලා කරන්න ... අලුත් දේවල් අලුත් තාක්ෂණය හොයලා ඉගෙන ගන්න ... ඇවිදින්න ... කෙල්ලෝ එක්ක කතා කරලා කෙල්ලො කොහොමද කියලා දැනගන්න ... ඊට පස්සේ මමද එයාලද හොඳ කියලා බඳින්න කලින් තීරණය කරන්න ... බැන්ඳට පස්සේ අප්සරා හොඳයි ... කියන්න ලෑස්ති වෙන්න එපා ... පස්සේ නිදහස හොයන්න ලෑස්ති වෙන්න එපා ... එතකොට වගකීම් ගොඩ ගැහෙනවා ...මේ වගේ රටවල් වල මිනිස්සුන්ගේ අවුරුදු 13 විතර ඉඳන් අවුරුදු 30 ක් විතර වෙනකල් හොඳම කාලය ගෙවෙන්නෙ හරි ආදරේ තෝරගන්න ... බහුතරයක් කරන්නෙ ඒකම විතරයි ...
1. ආදරේ කියන්න කාලයයි
2.ආදරේ කරන්න කාලයයි
3. ගෙදරින් කැමති කර ගන්න කාලයයි
4.වෙන් වෙලා දුක් විඳින්න කාලයයි
.
ගෙදරින් කැමති වුණ ගමන් ඒක අම්මලාගේ මගුලක් වෙනවා ... ඊට පස්සේ අම්මලා ඕන බඳින්න කලිනුත් ප්‍රශ්න විසඳන්න ... අන්තිමට මගුල් හෙට කියලා අද වෙන් වෙලා ආයේ දුක් විඳලා සෙට්ල් වුණ ගමන් ඒක අමකක කරලා අංක 1 ට යනවා ... ඔහොම තමයි අපි නාකි වෙන්නෙ ...සීමිත පිරිසක් තමයි මීට වඩා වෙනස් වෙන්නේ ...
.
මිනිස්සු හැමෝම එක වගේ නෑ ... හැමෝගෙම හැම දවසම එක විදිහට ගෙවෙන්නෙත් නෑ ... කෙනෙක් ඉගෙන ගන්නවා ... කෙනෙක් රැකියා කරනවා ... රැකියා කරන අයත් කරන්නේ විවිධ රැකියාවන් ... කෙනෙක්ට නිවාඩු තියෙන්න පුළුවන් ... කෙනෙක්ට නැති වෙන්න පුළුවන් ... කෙනෙක්ගේ ගෑණු ළමයෙක් නිවසට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ... තව කෙනෙක් ඉගෙන ගන්නවා හෝ රැකියාවක් කරනවා වෙන්න පුළුවන් ... ආදරේ හැමෝටම ඕන වුනත් හැමෝටම එකම විදිහට ආදරේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න බෑ ... එකම අම්මගෙ දරුවොත් වෙනස් වෙන එකේ කොහොමද කාගෙවත් ක්‍රමයක් අපි අනුගමනය කරන්නේ? අන්තිමට මම දෙයක් මතක් කරන්නම් ....  මම සඳමාලි නෙවේ ... 
.
Nov 25, 2015 12:26pm

_______________________________________________________________


 .....................෴ හැඟීම් ෴ ....................... 
.
අපි මිනිස්සු.අපිට විවිධාකර හැඟීම් තියෙනවා.ඒවා හොඳ හැඟිම් සහ නරක හැඟීම් කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.අපි නරක හැඟීම් අමතක කරලා හොඳ හැඟීම් ගැන හිතලා බලමු.ඒ කියන්නේ කිසි කෙනෙක්ට කරදරයක් නොවන පවකට මුලක් පාදන්නෙ නැති හැඟීම් ගැන.මිනිස්සු ගොඩක් කැමතිම හැඟීමක් තමයි ආදරේ කියන්නෙ.ආදරේට නිර්වචන ගොඩක් ඇති.ඒත් ඇත්තටම ආදරේ මොකද්ද කියන්න ගොඩක් අය දන්නෙ නෑ .
.
ආදරේ කියන හැඟීම හැඟීම් ගොඩක එකතුවක්.දයාව,අනුකම්පාව,උවමනාව,සැලකිල්ල වගේ හැඟීම් ගොඩක් ආදරේ කියන හැඟීම ගොඩ නැගෙන්න ඕන කරනවා.
.
"මට එයාව නිතරම මතක් වෙනවා...මට එයාව බලන්න ආසයි ...කතා කරන්න ආසයි ...එයා එක්කම ඉන්න ඕන.එයා දිහා බලන් හිටියත් මට ඇති...අනේ එයත් මාව බලන්න එනවා නම් ..."
.
අපි ආදරේ කරන්න ගියාම නිතරම හිතෙන දේවල් තමයි ඒ.ඒත් චුට්ටක් හිතන්න ආත්මාර්ථය නොගෑවිච්ච එක වාක්‍යයක් මෙතන තියෙනවද කියලා.අපි ආදරය කියලා රැවටෙන්නෙ අපේ ආසාවල් වලට."ආදරේ කියලා හිතෙන්න" මේවා උදව් වෙනවා ඇති... ඒත් "ආදරේ කරනවා" කියන්නෙ වෙනම දෙයක්.ඒක හිතලා ඉවර කරන්න බෑ.අපි ආදරේ කියලා හිතන් ඉන්න මේ වගේ ආදරේකින් තමන්ට වැඩකුත් නෑ . අනික් කෙනාට වැඩකුත් නෑ .මේ කියන ආදරෙන් ඇත්තටම තමන්ට සතුටු වෙන්න බෑ ...ආදරේකින් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ උඩ තිබ්බ වාක්‍ය ටිකට දයාව,අනුකම්පාව,උවමනාව,සැලකිල්ල, කියන හැඟීම් ටිකත් එකතුවුණාමයි.
.
අම්මට තාත්තට ආදරෙයි කියන ඔයාට පුළුවන් උනානම් එයාලගේ උපන් දිනේ දවසට එයාලට තෑග්ගක් දෙන්න ... ඇත්තටම ඔයා එයාලට ආදරෙයි. "මම ජොබ් එකක් කරනවද ?තෑගි දෙන්න බැරියැ ජොබ් එකක් කරන කාලෙක." ගෑනු ළමයට පිරිමි ළමයට කතා කරන්න සල්ලි අනන්ත වියදම් කරද්දි,යාළුවො එක්ක එකතු වෙලා බොද්දි,ස්මාර්ට් ෆෝන් ගද්දි තමන් ජොබ් එකක් කරන්නෑ කියලා අමතකයි.දවසකට රු.2.00 ගානෙ එකතු කලා නම් අවුරුද්දට රු.730 ක් එකතු වෙනවා. මම හිතන්නෙ නෑ රු.730 කට තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වෙයි කියලා.ඇත්ත ආදරේදී අපි කැප කිරීම් කරනවා.කැප කිරීමෙන් ඉතිරි කරන කීයෙන් හරි ආදරේ කරන කෙනෙක්ට දෙයක් දීලා ලැබෙන සතුට කවදාවත් නැති වෙන්නෙ නෑ . හැමදාම කීය කීය හරි දාලා ගෑණු ළමයට පිරිමි ළමයට කතා කරන වෙලේ ඒ මුදලින් වැදගත් යමක් කරන්න සැළසුම් කරන්න.
.
(අපෙ අම්මි අප්පච්චිගෙ උපන් දින දවසට මම අදටත් ගෙදර බැලුන් එල්ලලා සරසනවා.පුංචි කේක් එකක් ගෙනත් සාලෙ මැද්දෙ තියලා පහල ගෙදර පුංචිලාට එන්න කියලා කේක් කපලා තේ පැන් සංග්‍රහයකුත් කරනවා.අන්තිමට ලස්සනට ඔතපු මොනවා හරි පුංචි තෑග්ගක් ඔක්කොම ඉස්සරහ අතට දෙනවා . ඒ වෙලාවට ඒ මූණෙ තියෙන ආඩම්බරෙයි සතුටයි මට ජොබ් එකක් කරන කාලෙක විසි තිස් දාහක් වියදම් කරලා වත් දෙන්න බෑ.ඔයා කවදාහරි මෙහෙම කරලා තියෙනවාද?තමන් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ??? ඔව් ඔයා එහෙනම් එයාට ඇත්තටම ආදරෙයි)
.
මේ දීපු උදාහරනෙ ගැනම නොහිතා විවිධ අවස්ථා සහ පුද්ගලයන් සම්බන්ධව මේ අදහස යොදලා බලන්න.එවිට ආදරේ මොකද්ද කියලා ඇත්තටම දැනෙයි.අතට හම්බ වෙන කීය හරි නාස්ති නොකර මේ වගේ සතුටක් ලබාගන්න උත්සහ කරන්න...
.
යුතුකම් ඉෂ්ඨ කිරීම,දයාව,අනුකම්පාව,කලගුණ සැලකීම වගේ හැඟීම් නැත්තන් ඒ වගේ මනුස්යෙක්ගෙ හිතේ තියන ආදරේ හුදෙක් එක ආත්මාර්තකාමී හැඟීමක් විතරයි ...
.
෴ .ලෝචි . ෴
.
Aug 25, 2015 6:36pm


_____________________________________________________________

ආදර ක්ෂේත්‍ර දෙකක් ...
එකට ගැටෙද්දි
ඒ ක්ෂේත්‍ර දෙකේ
එකඟතාවක් නැතිනම්
එකක් අනිවාර්යෙන්
කැප කරන්න වෙනවා
කැප කරන ආදරේ
ආය සදහටම අහිමි වෙනවා
කැප කළ ආදරේ හිතේ තියෙන තුරු
ජීවිතේ අසම්පූර්ණයි ...
.
Aug 23, 2015 8:08am
_______________________________________________________________


උඹ උසද ? උඹ සුදුද ? උඹ උගත්ද ?
මට වැඩක් නෑ ...
උඹට වයස කීයද ? රැකියාව මොකද්ද ? උඹට සල්ලි තියේද ?
මම ඕවා හොයන්නේ නෑ ?
උඹට කලා හැකියාවන් තියේද? උඹ බුද්ධිමත්ද ? උඹ සමාජශීලීද ?
මෙච්චර කල් ඒවගෙන් වැඩක් වුණේ නෑ ...
.
උඹ උඩරටද ? උඹ බොදු ගොවිද ? උඹෙ හඳහන මට ගැලපෙනවද ?
අන්න එහෙනම් ඒකයිලු හොඳ ...
ඔන්න මම උඹව බඳිනවා ...
හ්ම් ! එහෙනම් උඹයිලු අයිතිකාරයා ...
.
මේ කෙල්ල මුකූත් කිව්වේ නෑ ...
.
Aug 15, 2015 6:18pm 
________________________________________________________________

 මොනවා ???  ඔයා මට ආදරෙයි   ???
.
ඉස්සෙල්ලම කියන්න ඔයාගෙ ආගම මොකද්ද කියලා ? ඔයාගේ ජාතිය,කුලය? අනේ මන්දා කෝටියක් ප්‍රශ්න ... හරි හරි ... ඇත්තටම මේක ආදරේ ගැන ප්‍රශ්නයක් නෙවේ ... හිතේ ගොඩක් කල් ඉඳන් තියෙන දෙයක් ... මට විවිධ මිනිස්සු මුණගැහිලා තියෙනවා ... විශේෂයෙන්ම ආගම් ජාති අතින් ගත්තොත් ... බෞද්ධ,ඉස්ලාම්,හින්දු වගේ අය ... සිංහල දෙමළ මුස්ලිම් වගේ විවිධ ජාතීන් ,ඒ වගේම අනාත්මවාදීන් ... භෞතිකවාදීන් වගේ විවිධාකාර අය ඒ අතරේ ඉන්නවා ... මේ එකිනෙකා අනික් දේ විශ්වාස කරන්නෙ නෑ ...
පාපය කියන වචනය සින් (Sin),පාප් (पाप) පාවම් (பாவம்) කියලා හැම භාෂාවකම මොකක් හරි වචනයකින් පෙන්නුම් කරනවා ... විවිධ ආගම් වල පාපය කියන ක්‍රියාවට විවිධ දේවල් නම් කරලා තියෙනවා ... ඒවට විවිධ දඬුවම් නියම කරලා තියෙනවා ... ඒවා හඳුන්වලා දීපු නායකයෙක් ඉන්නවා ... ආගමෙන් ආගම ගොඩක් වෙනස් වෙන්නේ මේ කරුණු වලින්.කව්රු මොනවා කිව්වත් දැන් බහුතරයකට තේරෙනවා ඇත්තටම පව කියන්නෙ මොකද්ද කියලා ... ඒක තේරෙන්නෙම නැති අයට පුළුවන් තමන්ට රිදෙන්නේ මොන විදිහටද, තමන්ට අසාධාරණයක් අවැඩක් වෙන්නේ මොන විදිහටද ඒ දේ තමන් වෙන කෙනෙක්ට කලොත් පව පින කෙසේ වෙතත් ඒ ක්‍රියාව කෙනෙක්ට වේදනා පමුණුවනවා කියන එක ...මේ වගේ ඕනම මනුස්සයෙක්ට වේදනාවක් ගේන කරුණු කීපයක් තියෙනවා ...
.
1.මත්පැන් සහ මත් ද්‍රව්‍ය - - - කාටද මේවගෙන් හොඳක් වුණේ ...? ඔව් සමහර වෙලාවට බෙහෙත් විදියට යොදා ගන්නවා ... ඒක කමක් නෑ කියමු ... ප්‍රශ්න වලින් පැනලා යන්නයි විනෝද වෙන්නයි අධික විදිහට මේවා භාවිතා කලාම ඇඟට ගුණයිද?සල්ලි ඉතිරි වෙනවද ? අසිහියෙන් පාරෙ යද්දි බස් වල යද්දි තමන්ගේ සහ පවුලේ අයගේ අභිමානයට හොඳද?මිනිස්සුන්ට හිරිහැර වෙන විිදිහට හැසිරුණාම... වාහන එළවන් ගිහින් මිනිස් ජීවිත බිළිඅරන් පවුල් පිටින් අනාත කලාම තමන්ට සතුටුද ?

2.බොරුව - - - හොඳ හිත් සහ සබඳතා බිඳවන්න , නිදොස් අය නීතිය හමුවෙ සදොස් කරන්න, සදොස් අය නිදොස් කරන්න ... සල්ලි,බලය,වාසි වෙනුවෙන් වෙන කවුරු හරි බොරුවක් කියලා තමන්ට විඳවන්න වුණ දාට තමයි බොරුව පවක් කියලා දැනේන්නේ...

3.ජීවිත හානි - - - තමන් ආදරේ කරන අයට සීරිමක් වත් වෙනවට කැමති නෑ ... මැරුණොත් තමනුත් මැරෙණ තරමට දයාව ... කිරි අම්මා කියලා කිරි ටික හම්බ වෙන හින්දා ගවයන් වෙනුවෙන් කතා කරන අපි කවුරුවත් හාල්මැස්ස‍ො ගැන හිතන්නෙ නෑ ... ලොකු පොඩි සත්තු කාටත් පණ වටිනවා ... රිදෙනවා ... අම්මා තාත්තා සහෝදරයා අදුරන්නෙ නෑ ... ලේ හොල්ලන්න බය නෑ ... තමන්ව අමානුෂික විදිහට වදයට පාත්‍ර වුණොත් යන්තම් තේරෙයි අනික් අයටත් ස්නායු තියෙනවා රිදෙනවා කියලා ...

4 කාම මිත්‍යාචාරය - - - බලෙන් හරි කැමැත්තෙන් හරි තව කෙනෙක්ගේ සෙවනේ පෝෂණය වෙන නැතිනම් නීතියෙන් තව කෙනෙක්ට අයිති පුද්ගලයෙක් එක්ක කම් සැප විඳීම නිසා අහිංසක ළමා තරුණ ජීවිත කොයි තරම් විනාශ වෙනවද? පවුල් ජීවිත කොයි තරම් බිඳ වැටෙනවද? දොස්තර කෙනෙක්ට යාළුවෙක්ට කියන්න බැරි බෙහෙත් පවා නැති ලෙඩ කොච්චර හැදෙනවද? මානසිකව කොච්චර දූෂණය වෙනවාද? සමාජ තත්වය වගේම තම අභිමානයට මොන තරම් හානි වෙනවද?

5 හොරකම- - - තමන්ගේ දේවල් තමන්ට වටින තරමට අනුන්ට ඒ ඒ අයගේ දේ වටිනවා ... දැහැමින් වෙහෙස වෙලා කෙනෙක් හිමි කර ගන්න දේ හොරෙන් ගත්තම ලැබෙන්නෙ තාවකාලික සතුටක් ... ඔබ කැමතිද ඔබේ දෙයක් නැති වෙනවට ???
.
මොන ආගමේ හිටියත් මොළයක් තියෙන අයට මේවා තම නැණ පමණින් තේරෙන්න ඕන ... මේ එක පවකින් සෙසු පව් ආරම්භ වෙනවා ... මත්පැන් නිසා ජීවිත හානි වෙනවා ... හොරකම් කරලා බොරු කියන්න වෙනවා ... කාමයේ වරදවා හැසිරිලා ... අසම්මත ගැබ් ගැනීම් ඇති වුණොත් මිනී මරන්න වෙනවා ... ලියලා ඉවර කරන්න බැරි තරම් මේ කරුණු පහේ ප්‍රතිඵල වගේම ඒ ඒ වැරදි දාමයක් ගොඩනැගෙනවා ... ඔව් ! මම බෞද්ධ ... ඒත් කාටද මේවා බොරු කියන්න පුළුවන් ... ? අනික් ආගම් වලත් යාළුවෙක් පුලුවන් නම් මේ වගේ මොන ආගමකටත් පොදු වෙන වැරදි පෙන්නලා උදව් කරන්න ... ප්‍රශ්නෙ ආගම නෙවෙයි ... අපි මැරිලා ඊළඟට මොන ආගමේ ඉපදෙයිද ? ඒ මොකේ වුණත් මේ වැරදි 5න් වැළකුණොත් කවුරු කොහේ ගහ මරා ගත්තත් තමන්ට සතුටින් ඉන්න පුළුවන් වෙයි ...
.
(අපේ ගමේ මම සතුටින් අත් විඳින දෙයක් තියෙනවා ... මීට අවුරුදු දෙකකට උඩදි මේ ගමේ සිංහල දෙමල මුස්ලිම් ළමයි ඔක්කොම එකතු වෙලා අවුරුදු උත්සවයක් කරන්න කතා වෙවී හිටියා ... වැඩිමල්ම ළමයත් හයේ හතේ ඉන්න ඇති ... පුංචියට කරන්න හිටිය මේ උත්සවේට මම සහාභාගී වුණා ... මමයි පොඩි මල්ලියෙකුයි ටවුන් ගිහින් තෑගි භෝග ගොඩක් අරන් ආවා ...පොඩිවට පටන් ගත්ත මේ උත්සවේ එන්න එන්නම ලොකු වුණා ... මම පුංචි පෝසටර් කීපයකුත් තැන තැන ඇලෙව්වා ... ගමේ දෙමළ මුස්ලිම් වගේම අමනාප වෙලා හිටපු ලොකු පොඩි හැමෝම මේ උත්සවේ බලන්න ආවා ... පොඩි හැමෝම තරඟ වලට ආගම් ජාති භේද නැතුව සහභාගී වුණා ... කලින් ඉඳන් පුරුදු වුණ ප්‍රසංගයට එදා දවස වෙනකල් වේදිකාවක් තිබුනෙ නෑ ... ඒත් හවස හදිසියෙම වේදිකාවක් වගේම Sounds පවා ගමේ අයගේ එකතුවෙන් අපිට ලැබුණා ... පුංචි වේදිකාවේ මම නිවේදිකාව වුණා ... පුංචි නංගිලා මල්ලිලා ලස්සනට තමන්ගේ ඉදිරිපත් කිරීම් කලා ... මම ගෙනාපු තෑගි බෝග අම්මලා සහ නංගිලා කීප දෙනෙක්ගෙ සහයෙන් ලස්සනට ඔතලා ඒ වෙලාවෙ බෙදුවා ... අපෙ සතුටට ආගම් බේදයක් තිබුණෙ නෑ ... ඉස්ලාම් දමිල අවුරුදු වලදි අපිටත් කෑම පිඟානක් ලැබෙනවා ... වෙසක් වලට මුසලිම් අයත් එකතුවෙලා ගම මැද වෙසක් කූඩු හැදුවා .. දන්සැල් දුන්නා ... කොටින්ම භක්ති ගීත කණ්ඩායමේ ලස්සනටම සින්දු කිව්වේ මුස්ලිම් ගෑනු ළමයෙක් ... කවුරුත් බාධා කලේ නෑ ... කිසිම ප්‍රශ්නෙකුත් නෑ ... මිනිස්සු එකට ජීවත් වෙද්දි ඇතිවෙන ප්‍රශ්න මොන විදිහකට හරි කණ්ඩායම් බේදයක් නිසා ඇතිවුණා කියලා හංවඩු ගහන වෙලේ මොලේ කල්පනා කරලා ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙන්න පුළුවන් වුණා නම් ආගම් නෙවේ ... මිනිස්සුයි දිනන්නේ ... )
.
.
.
හරි ... ඔයා මට ආදරෙයි කිව්වනේ ??? මම උත්තරේ දෙන්නම් ...
.

මම ඔයාට ආදරෙයි
I love you
நான் உன்னை காதலிக்கிறேன்
मैं तुमसे प्यार करती हूँ
.
ඒ නිසා තමයි මේ ඉබි ගමනින් තේරෙන සිංහලෙන් මෙච්චර දිගට ටයිප් කලේ ...මොන ආගමේ වුණත් මොන ජාතියේ වුනත් මම පෙන්නපු වැරදි වලින් වැලකෙන්න ... ඔයා ඒ වැරදි කලොත් ඔයාට විපාකය ලැබිලා තමයි මොන ස්වර්ගෙටත් මොන භවයටත් මොන නිවනටත් යන්න වෙන්නේ. අපායක් තියෙනවද නැද්ද ... දිව්‍ය ලෝකයක් තියෙනවද නැද්ද මම දන්නෑ ... එක පාරක් කෑමට සත්තු මරණ වීඩියෝ එකක් බලන්න ... ඒ සත්තුන්ට ඊටත් වඩා අපායක් තියේද ? එහෙම වෙන්න ඒ සත්තු මොන මොන වැරදි කරලා ඇද්ද ? අපේ ඇඟ වෙනස් වෙයි ... හිත පවතියි... මේ හිත ඌරෙක් වගේ මරණ බය අත්වින්දොත් මොනවා වෙයිද? ... හොඳ , නරක අපි කරන හැම දේකම විපාක අපට අනිවාර්යයෙන් ලැබෙනවා ... වැරදි කරන්න කලින් මම කියපු දේවල් ගැන හිතන්න ... නැත්තන් ඔයාට මොන ඉරණමක් අත් වෙයිද දන්නෑ ... මගේ ආදරෙන් ඔයාට දෙන්න තියෙන ලොකුම දායාදය තමයි මේ වචන ටික ... පරිස්සම් වෙන්න ! 
.
෴. ලෝචි .෴
.
Aug 04, 2015 1:56pm

______________________________________________________________

  
දිනකට මිනිත්තු 10-30 ත් අතර කාලයක් පයින් ගමන් කරන්න.ඒ අතර තුර සිනාසෙන්න.
දිනකට අවම මිනිත්තු 10 ක් නිදහසේ නිහඬතාවයේ අසුන්ගෙන සිටින්න.
භාවනා සහ වන්දනාමාන කිරීමට කාලය කැප කර කාර්ය බහුල ජීවිතයට ඉන්ධන සපයන්න.
ඊර්ෂ්‍යාව කාලය අපතේ යැවීමකි.ඔබට උවමනා සියල්ල දැනටමත් ඔබ සතුව ඇත.
දිනකට තිදෙනෙක් හෝ සිනාසී සතුටු කරවීමට යමක් කරන්න.අනික් අයට යමක් දෙන්න.
සීමාව ඉක්මවා ක්‍රියා නොකරන්න.ඔබේ සීමාව රැකගන්න 
ඔබ හැම තර්කයකින්ම ජය ගත යුතු නැත.ඔබ එකඟ නොවන දෙයටත් එකඟ වන්න.
ඔබේ අතීතය සමග සමගි වන්න.එවිට අතීතය නිසා ඔබේ වර්තමානය නාස්ති නොවේවි.
ඔබේ ජීවිතය සහ ඔබේ සහකරුවා අන් අය හා සැසිඳීමෙන් වලකින්න.මන්ද ඔවුන්ගේ ගමන කුමන ආකාරයේ දැයි අදහසක් ඔබ සතු නොවන නිසා .
ඔබේ සතුට හසුරවන්නා ඔබ මිස අන් කිසිවෙකු නොවේ.
අන් අය ඔබ පිළිබඳව සිතන දෙය ඔබට අදාල නොවේ. 
හොඳම දෙය ඉදිරියේදී පැමිණීමට නියමිතය. 
යම් තත්වයක් කොතරම් හොඳ වුවද නරක වුවද එය ඒ ආකාරයෙන් නොපවතී. එය වෙනස් වේ.ඔබට ප්‍රයෝජනයක් නොවන,සුන්දර නොවන,ප්‍රීතිමත් නොවන කුමන දෙයකින් වුව ඉවත් වන්න.  
.
Jun 24, 2015 5:41pm
__________________________________________________________

 මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න ... 
ඊට කලින් දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතන්න ... 
හැබැයි ඔන්න මග රැකගෙන ඉඳලා ... 
ආයෙ ත්‍රිකුණාමලය හරියෙදි අහුලන්න නම් ලෑස්ති වෙන්න එපා ...   
.

෴ හන්තාන මානයේ සිට ලෝචි ෴

Apr 24, 2015 8:37pm
___________________________________________________________


When you Send Requests ...
When you Confirm Friends ...
Facebook gets an idea about your choice ...
Through their mutuality ...
" People You May Know "
Option is the best example ...
You know what I mean ??? ^_^

2014-11-08  9.05 AM

____________________________________________________________

Please switch on ...
Wake up :(
It still says ...
This Number is not reachable ...
Tell me ...
Is it necessary to leave you ...?
:(
Oh ...
Please ...
^_^ :p :D :) :/ o.O :o :( :'(
Stay with me like Dawn Jay :(
Please Wakeup ...
As it is too late to leave you...
I can't live without your smile ...
2014-6-9 9:24 AM
____________________________________________________________


Something is wrong
Or Something is Happening
Anybody up there???
Don't know what to do :'(

Dear something goes wrong...
Oh please ... I never mean it
Nothing else than I mentioned...
Trust me I dont lie

2014-5-27 8:26 PM



____________________________________________________________


I am Coming ... Mom gave permission ...I love you baby ...
So I can hear & watch you sing Live...In front of me ... On the stage ...
5 dAYs- ------->
102 HoUrs= ------->
6120 Minutes --------->
367200 Seconds --------->
367200000Milliseconds----->
3.672e+8 Microseconds ------->
3.672e+14 Nanoseconds ----------> You drive me crazy :D

YaaHooooooooo !

2014-5-1 11:29 AM

Just a single comment helps me to measure your
- personality
- heredity
- and your family background.
It will decide who will remain in my friend list...
And who will be added to the block list and reports category...
That's why I always accept your each and every comment...

- I my self -

2013-9-22  12:25 PM
____________________________________________________________


^_^ ...............♥ ♥ ♥............. ^_^

...Eye brows are like Rainbows ...
......Eyes are like a Rainy Night......
....Cheeks are like Rose Petals....
......Lips are like Rain Clouds......
.......Oh I'm in Love With You.......

>>>><<< :* :* :* >>>>><<<<

2014-7-15 1:55 PM

____________________________________________________________

A lovely comment for a gorgeous photograph!

If I can "like" your photo more than one time...
There may be Billions Trillions Quadrillions
Quintillions Sextillions Septillions Octillions of  likes...
From me...
I have the capability of commenting such times...
But I am poor with my language...

Therefore...

NO WORDS TO EXPLAIN MY FEELING.!

____________________________________________________________





එකමත් එක දවසක




















...::: ප්‍රතිචාර :::...





❤️ සමහර අදහස් තියෙනවා. එක පාරයි කියන්න වෙන්නෙ. සමහර reactions තියෙනවා. ඒක පාරයි react කරන්න වෙන්නෙ. 😊 සමහර Comments තියෙනවා එක පාරයි දාන්න වෙන්නෙ. ඒ හින්ඳම සමහර යාලුවො add වෙනවා. දන්නෙම නැතුව තත්පර ගානයි රැඳිලා ඉන්නෙ. 😊 මොකද ප්රතිචාර දැක්වීමේදී තිබෙන නොසැලකිල්ල හෝ පරිණත බව අඩු නිසා. 😊
.
අපි වත් දන්නෙ නෑ නොහිතා කරන කියන දේවල් වලින් අපිට අහිමි වෙන්නෙ මොන වගේ දේවල් ද කියලා. සමහර විට හොඳ ඇසුරක්, හොඳ යාලුවෙක් අහිමිවෙන්න පුලුවන්. සමහර විට අපි කෙනෙක්ව විවේචනය කරන විදිහෙන්ම අනික් අයට අපේ වරදක් පෙනෙන්න පුලුවන්. ඒ නිසාම දෙයක් දැක්ක පමණින් අදහස් ප්රකාශ නොකර හොඳට ටික කලක් අධ්යනය කරල, විමසා බලලා තමයි අවශ්යම නම් පමණක් අදහස් ප්රකාශ කරන්න ඕන. 😊
.
දකින දකින සෑම දෙයටම අපි ප්රතිචාර දැක්විය යුතු නෑ. තමන්ගෙත් අනුන්ගෙත් හිත් අපහසුතාවයට පත් නොකර හිටියම දවසම හරිම සැනසීමෙන් ඉන්න පුලුවන්. 😍 හැමෝම අපේ මතයට එකඟ වෙන්න ඕන නෑ. විවිධත්වය තමා ලස්සනක් ගේන්නෙ. 😊 ඒ නිසා තමන්ට උපමා කරලා කාටවත් හිරිහැරයක් කරදරයක් දුකක් නොවන විදිහට ජීවත් වෙන්න හිතන්න කතා කරන්න, ක්රියා කරන්න තමා අපි දක්ෂ වෙන්න ඕන. 😊 තෙරුවන් සරණයි 😊🙏
.
© විලෝචනා අබේකෝන්





2019/12/8  -10:51 AM













මම: අප්පච්චි ... මට ගිටාර් එකක් ගන්න ආසයි ... කැම්පස් ඉන්න කාලෙම ඉගෙන ගත්ත නම් හොඳයි ...
අප්පච්චි: ඉතිං ගමු එකක්.කීයක් වෙයිද?
මම: එක එක ගණන් වලට තියෙනවා,මට එච්චර හොඳ එකක් ඕන නෑ ... 11ක් විතර තිබුණොත් ඇති.
අප්පච්චි: හා ඉතිං අපි එකක් ගමු...

අප්පච්චි 15 000ක් දුන්නා.ඒත් එතනට ගියාම 13 000 කට තිබුණා Crusader එක.හිත ගියෙම ඒකට. මම අප්පච්චිට කඩේදි කෝල් කලා, කිව්වා 13 කට එකක් තියෙනවා, ඒකට තමයි ආස කියලා. අප්පච්චි කිව්වා හා කමක් නෑ ඉතිං ඒක ගන්න කියලා... ඉල්ලපු කිසිම දේකට නෑ බෑ කියලා නෑ ... අපිත් ඉතිං කවදාවත් එයාලට අනං මනං ඉල්ලලා කරදර කරලත් නෑ.ගෙදරදි Cover Song එකක් Record කරන වෙලාවට හැමෝටම නිවේදනය කරනවා සද්ද කරන්න එපා කියලා ... අප්පච්චිට කියනවා දොරට තට්ටු කරන්නත් එපා කියලා ... Sound Proof නෑ ... Mic නෑ ... අහිංසක Phone එකෙන් කරපු Covers අප්පච්චිට අම්මි FB එකෙන්ම පෙන්නලා ඇති. මොන දේ උනත් ...අප්පච්චි ගිටාර් එක අරන් දුන්න නිසයි දෙයියනේ කියලා නිවාඩු පාඩු වෙලාවක හිත නිවාගන්න ක්‍රමයක් ලැබුණේ.අප්පච්චි හරිම කලාත්මක හදවතක් තිබුණ සුන්දර මනුස්සයෙක් ...
.
උසස් පෙළ විභාගෙ ලියන්න යද්දි පිරිත් කරපු සඳුන් තෙල් කුප්පියකුයි පිරිත් නුලකුයි එයාම ළඟ තියාන පිරිත් කල Atlas පෑන් ටිකකුයි ගෙනත් දුන්නා... අප්පච්චි හරිම පිනවත් ධර්මානුකූල මනුස්සයෙක් ...
.
කැම්පස් ඉඳන් කෝච්චියෙන් ගෙදර යන දවසට නුවරට යද්දි රෑ 8.50 විතර වෙනවා ... දවසක් මම ගෙදර යද්දි චූටි‍අයියත් නිවාඩු ඇවිත් ... එයා මගේ කාමරේ අරන් ... මම අයියා එක්ක රණ්ඩු වුණා ... මට වැඩ තියෙනවා ... මේක මගෙ කාමරේ ඔයා ඔයාගේ කාමරේට යන්න කියලා ... අයියගෙ කාමරේ ඒ වෙද්දි සුදු අම්මි(අපෙ නංගි) අරන්. ඒත් එයා ඒකෙ නිදා ගන්නෙ නෑ.අයියා ඒත් ඒකට යන්නම බෑ කිව්වා... මමත් අත ඇරියෙ නෑ ... අන්තිමට රණ්ඩුව දුර දිග ගිහින් අයියා ලෑස්ති වුණා මම යනවා කොළඹ කියලා ... අනේ අප්පච්චි ඇත්තටම අඬන්න පටන් ගත්තා ... මෙච්චර ලොකුවට ගෙවල් හදලා ඇයි මේ එක කාමරේකට රණ්ඩු වෙන්නේ...යන්න එපා සුදු පුතේ ... කී දවසකින්ද ඔයාලා ගෙදර එන්නේ. කිය කියා අප්පච්චි හයියෙන් ඇඬුවා...ඒත් අපෙ හැටි හොඳට දන්න අම්මි පැත්තකට වෙලා හිනා වෙනවා...අප්පච්චි තවමත් අඬනවා...අයියා යනවා කියලා ගියාට ගියෙ නෑ...හමුදාවෙ බොහොම තදටම නීති දාගෙන කොල්ලෝ දාස් ගණන් හදපු අප්පච්චිට අපි ළගදි එහෙම ඉන්න බෑ ... පහු වෙනිදා චූටි අයියා මට කතා කරලා චීස් ටින් එකක් දුන්නා ... අප්පච්චි හිනා වෙනවා...අප්පච්චි හරිම මෘදු හිතක් තිබුණ මනුස්සයෙක්...
.
අප්පච්චි යන්න ගියත්, අප්පච්චිගෙ මේ මතකයන් හැමදාද තියෙයි ... මෙහෙම ඉද්දි එක පාරටම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ අප්පච්චිගෙ කඩුවයි පීක් එකයි ... පින්තූරෙයි ... මල් වඩමයි මතක් වෙනවා ... ගියාද? ඇත්තක්ද? හීනයක්ද? ඉන්නවා නේද? එහෙම යන්නෙ කොහොමද හිතෙනවා ... දිග හුස්මක් අරන් කඳුලු පිහගන්නවා ...
 — feeling missing.

'<3 
මම: අප්පච්චි ... මට ගිටාර් එකක් ගන්න ආසයි ... කැම්පස් ඉන්න කාලෙම ඉගෙන ගත්ත නම් හොඳයි ... 
අප්පච්චි: ඉතිං ගමු එකක්.කීයක් වෙයිද? 
මම: එක එක ගණන් වලට තියෙනවා,මට එච්චර හොඳ එකක් ඕන නෑ ... 11ක් විතර තිබුණොත් ඇති.
අප්පච්චි: හා ඉතිං අපි එකක් ගමු... 

අප්පච්චි 15 000ක් දුන්නා.ඒත් එතනට ගියාම 13 000 කට තිබුණා Crusader එක.හිත ගියෙම ඒකට. මම අප්පච්චිට කඩේදි කෝල් කලා, කිව්වා 13 කට එකක් තියෙනවා, ඒකට තමයි ආස කියලා. අප්පච්චි කිව්වා හා කමක් නෑ ඉතිං ඒක ගන්න කියලා... ඉල්ලපු කිසිම දේකට නෑ බෑ කියලා නෑ ... අපිත් ඉතිං කවදාවත් එයාලට අනං මනං ඉල්ලලා කරදර කරලත් නෑ.ගෙදරදි Cover Song එකක් Record කරන වෙලාවට හැමෝටම නිවේදනය කරනවා සද්ද කරන්න එපා කියලා ... අප්පච්චිට කියනවා දොරට තට්ටු කරන්නත් එපා කියලා ... Sound Proof නෑ ... Mic නෑ ... අහිංසක Phone එකෙන් කරපු Covers අප්පච්චිට අම්මි FB එකෙන්ම පෙන්නලා ඇති. මොන දේ උනත් ...අප්පච්චි ගිටාර් එක අරන් දුන්න නිසයි දෙයියනේ කියලා නිවාඩු පාඩු වෙලාවක හිත නිවාගන්න ක්‍රමයක් ලැබුණේ.අප්පච්චි හරිම කලාත්මක හදවතක් තිබුණ සුන්දර මනුස්සයෙක් ...
.
උසස් පෙළ විභාගෙ ලියන්න යද්දි පිරිත් කරපු සඳුන් තෙල් කුප්පියකුයි පිරිත් නුලකුයි එයාම ළඟ තියාන පිරිත් කල Atlas පෑන් ටිකකුයි ගෙනත් දුන්නා... අප්පච්චි හරිම පිනවත් ධර්මානුකූල මනුස්සයෙක් ...
.
කැම්පස් ඉඳන්  කෝච්චියෙන් ගෙදර යන දවසට නුවරට යද්දි රෑ 8.50 විතර වෙනවා ... දවසක් මම ගෙදර යද්දි චූටි‍අයියත් නිවාඩු ඇවිත් ... එයා මගේ කාමරේ අරන් ... මම අයියා එක්ක රණ්ඩු වුණා ... මට වැඩ තියෙනවා ... මේක මගෙ කාමරේ ඔයා ඔයාගේ කාමරේට යන්න කියලා ... අයියගෙ කාමරේ ඒ වෙද්දි සුදු අම්මි(අපෙ නංගි) අරන්. ඒත් එයා ඒකෙ නිදා ගන්නෙ නෑ.අයියා ඒත් ඒකට යන්නම බෑ කිව්වා... මමත් අත ඇරියෙ නෑ ... අන්තිමට රණ්ඩුව දුර දිග ගිහින් අයියා ලෑස්ති වුණා මම යනවා කොළඹ කියලා ... අනේ අප්පච්චි ඇත්තටම අඬන්න පටන් ගත්තා ... මෙච්චර ලොකුවට ගෙවල් හදලා ඇයි මේ එක කාමරේකට රණ්ඩු වෙන්නේ...යන්න එපා සුදු පුතේ ... කී දවසකින්ද ඔයාලා ගෙදර එන්නේ. කිය කියා අප්පච්චි හයියෙන් ඇඬුවා...ඒත් අපෙ හැටි හොඳට දන්න අම්මි පැත්තකට වෙලා හිනා වෙනවා...අප්පච්චි තවමත් අඬනවා...අයියා යනවා කියලා ගියාට ගියෙ නෑ...හමුදාවෙ බොහොම තදටම නීති දාගෙන කොල්ලෝ දාස් ගණන් හදපු අප්පච්චිට අපි ළගදි එහෙම ඉන්න බෑ ... පහු වෙනිදා චූටි අයියා මට කතා කරලා චීස් ටින් එකක් දුන්නා ... අප්පච්චි හිනා වෙනවා...අප්පච්චි හරිම මෘදු හිතක් තිබුණ මනුස්සයෙක්...
.
අප්පච්චි යන්න ගියත්, අප්පච්චිගෙ මේ මතකයන් හැමදාද තියෙයි ... මෙහෙම ඉද්දි එක පාරටම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ අප්පච්චිගෙ කඩුවයි පීක් එකයි ... පින්තූරෙයි ... මල් වඩමයි මතක් වෙනවා ...  ගියාද? ඇත්තක්ද? හීනයක්ද? ඉන්නවා නේද? එහෙම යන්නෙ කොහොමද හිතෙනවා ... දිග හුස්මක් අරන් කඳුලු පිහගන්නවා ...'

Dec 17, 2016, 7:30 PM














😍අම්මි??? මේ අපෙ අම්මි??? අපෙ අම්මි ඉගැන්නුවා ඉටි ගෙඩියක්... 😂
.
බස් එකේ විනාඩි 10ක් යන්න බෑ ඉස්සර... කොළඹ තියා දුර ට්රිප් එකක් වත් යන්න බෑ... උදේ නැගිටින්නත් බෑ... පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ... ගෙයින් පිට තනියම එක රැයක් ඉඳලා නෑ... කොටින්ම යාලුවෙක්ගෙ ගෙදරක වත් ජොලියට නතර වෙන්න දුන්නෙ නෑ...
.
ඔන්න ඊට පස්සෙ තමයි මාව එක පාරම ගිහින් දැම්මෙ විස්ස විද්යාලේ කියලා මහා භයංකාර තැනකට...
.
මං දැනගෙන හිටියෙ ඒකෙ උපාධියක් දෙන එක තමයි කරන්නෙ කියලා... භයානක සින්නො ඇවිත් නවක වදය දෙනවා කියලා...
.
පට්ට පල් බොරු... ගෙදර නැතුවට උදෙන් නැගිටින්න වුණා... හම්මේ බස් වල කට්ට කන්න වුණා... ඕන කරන කෑම හදන්න බැරි වුණාට... කෑම හදලා ඊට පස්සෙ නම් දැම්මා... අන්තිමට හොඳට උයන්නත් ඉගෙන ගත්තා හැබැයි... ඕන දිහාවක තනියම හරි ගිහිං වැඩක් කරන්න ඉගෙන ගත්තා... මේ හසරක් නැති රටේ එක එක පැති වලින් ආව විවිධාකාර විෂමාකාර මිනිස්සු අඳුන ගත්තා... රැවටුණා... පැරදුණා... රිදුණා... හිනාවුණා... සතුටු වුණා... බස් වල කැට අරං ගියා... කෝච්චි වල සින්දු කිව්වා... මහ රෑ පවා වැඩ වලට දුව දුව කට්ට කෑවා... ජීවිතේට පුස්තකාලෙකට ගිහිං විභාගෙකට වත් පොතක් අරන් පාඩම් කර්න්නෙ නැති මං ඉඳලා හිටලා හරි විභාගෙ කිට්ටු වුණාම පුස්තකාලෙට ගිහින් පොතුත් කියෙව්වා... පාන්දර එකට දෙකටත් නයි සර්ප විමණෙ practises ඉවර වෙලා ගිහින් නෑවා... ලෙඩ දුක තනියම දරාගත්තා... කන්න නැතුව හාල් ටිකක් ලිපේ තියලා පිටි කල පොල් කිරි දාලා කිරි බතුත් කෑවා... සමහර දවසට බෝඩිමට යද්දි නිදියන ඇඳ ඇරෙන්න වටේ සේරම තෙමිලා... හම්මේ ඒ ජීවිතේ... ඒත් ආසයි තවමත්... 😍
.
අන්තිමට එක දෙයක් තේරුම් ගත්තා... ඒ ලොකු අයියා කියපු කතාව ඇත්ත කියලා...

"ලොකු නංගි ඔයාට හොඳම විසඳුම තමයි කැම්පස් යන එක"

"අනේ මට උපාධියක් එපා"

"මේ අහනවකො, කැම්පස් යන්නෙ උපාධිය ගන්න විතරක් නෙවේ... එතන වෙනම දේවල් සෙට් එකක් ඔයා ඉගෙන ගනියි... ඔතන degree යට අමතරව තව තව දේවල් ඉගෙන ගන්න පුලුවන්... සමාජෙ ඉන්නව එක එක මිනිස්සු... ඔතනට එනවා ඔය හැම වර්ගෙම එවුන්... ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්නවා... හැමෝම මහමායා එකේ වගේ නෑනෙ... තමන්ගෙ දේවල් ටික තමන්ම කරගන්න හුරු වෙනවා... කටු කන්න හුරු වෙනවා... එක එක විදිහෙ එවුන් සෙට් එකක් එක බෝඩිමක ඉද්දි ප්රශ්න එනවා... අනික රැග් කරන සෙට් එකක් වෙනම ඉන්නවා... උපාධිය නෙවේ ඔන්න ඔය අත්දැකීම ටික අරං එනවකො... "
.
ඔව්! ඒ සේරම ඇත්ත... 😂 ඉගෙන ගත්තා සෑහෙන දේවල් ගොඩක්...හැබැයි... මැරෙනකල්ම මිනිස්සුන්ව නම් තෙරුම් අරගන්න බෑ... මැරෙනකල්ම ඉගෙන ගෙන ඉවරයක් කරන්න බෑ... හැබැයි අයියා කියපු දේවල් ඒ විදිහටම අත් දුටුවා... ඒත් මේ පෝස්ට් එකේ වගේ අම්මා එක්ක ගෙදරම හිටියා නම් මහත්තයො... ඔයාට take away සරණ තමයි 😂

'😍අම්මි??? මේ අපෙ අම්මි??? අපෙ අම්මි ඉගැන්නුවා ඉටි ගෙඩියක්... 😂 
.
බස් එකේ විනාඩි 10ක් යන්න බෑ ඉස්සර... කොළඹ තියා දුර ට්‍රිප් එකක් වත් යන්න බෑ... උදේ නැගිටින්නත් බෑ... පාඩුවේ කාමරේට වෙලා ඉන්නෙ... ගෙයින් පිට තනියම එක රැයක් ඉඳලා නෑ... කොටින්ම යාලුවෙක්ගෙ ගෙදරක වත් ජොලියට නතර වෙන්න දුන්නෙ නෑ... 
.
ඔන්න ඊට පස්සෙ තමයි මාව එක පාරම ගිහින් දැම්මෙ විස්ස විද්‍යාලේ කියලා මහා භයංකාර තැනකට... 
.
මං දැනගෙන හිටියෙ ඒකෙ උපාධියක් දෙන එක තමයි කරන්නෙ කියලා... භයානක සින්නො ඇවිත් නවක වදය දෙනවා කියලා...
.
පට්ට පල් බොරු...  ගෙදර නැතුවට උදෙන් නැගිටින්න වුණා... හම්මේ බස් වල කට්ට කන්න වුණා... ඕන කරන කෑම හදන්න බැරි වුණාට... කෑම හදලා ඊට පස්සෙ නම් දැම්මා... අන්තිමට හොඳට උයන්නත් ඉගෙන ගත්තා හැබැයි... ඕන දිහාවක තනියම හරි ගිහිං වැඩක් කරන්න ඉගෙන ගත්තා... මේ හසරක් නැති රටේ එක එක පැති වලින් ආව විවිධාකාර විෂමාකාර මිනිස්සු අඳුන ගත්තා... රැවටුණා... පැරදුණා... රිදුණා... හිනාවුණා... සතුටු වුණා... බස් වල කැට අරං ගියා... කෝච්චි වල සින්දු කිව්වා... මහ රෑ පවා වැඩ වලට දුව දුව කට්ට කෑවා... ජීවිතේට පුස්තකාලෙකට ගිහිං විභාගෙකට වත් පොතක් අරන් පාඩම් කර්න්නෙ නැති මං ඉඳලා හිටලා හරි විභාගෙ කිට්ටු වුණාම පුස්තකාලෙට ගිහින් පොතුත් කියෙව්වා... පාන්දර එකට දෙකටත් නයි සර්ප විමණෙ practises ඉවර වෙලා ගිහින්  නෑවා... ලෙඩ දුක තනියම දරාගත්තා... කන්න නැතුව හාල් ටිකක් ලිපේ තියලා පිටි කල පොල් කිරි දාලා කිරි බතුත් කෑවා... සමහර දවසට බෝඩිමට යද්දි නිදියන ඇඳ ඇරෙන්න වටේ සේරම තෙමිලා... හම්මේ ඒ ජීවිතේ... ඒත් ආසයි තවමත්... 😍 
.
අන්තිමට එක දෙයක් තේරුම් ගත්තා... ඒ ලොකු අයියා කියපු කතාව ඇත්ත කියලා... 

"ලොකු නංගි ඔයාට හොඳම විසඳුම තමයි කැම්පස් යන එක"

"අනේ මට උපාධියක් එපා"

"මේ අහනවකො, කැම්පස් යන්නෙ උපාධිය ගන්න විතරක් නෙවේ... එතන වෙනම දේවල් සෙට් එකක් ඔයා ඉගෙන ගනියි... ඔතන degree යට අමතරව තව තව දේවල් ඉගෙන ගන්න පුලුවන්... සමාජෙ ඉන්නව එක එක මිනිස්සු... ඔතනට එනවා ඔය හැම වර්ගෙම එවුන්... ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්නවා... හැමෝම මහමායා එකේ වගේ නෑනෙ... තමන්ගෙ දේවල් ටික තමන්ම කරගන්න හුරු වෙනවා... කටු කන්න හුරු වෙනවා... එක එක විදිහෙ එවුන් සෙට් එකක් එක බෝඩිමක ඉද්දි ප්‍රශ්න එනවා... අනික රැග් කරන සෙට් එකක් වෙනම ඉන්නවා... උපාධිය නෙවේ ඔන්න ඔය අත්දැකීම ටික අරං එනවකො... "
.
ඔව්! ඒ සේරම ඇත්ත... 😂  ඉගෙන ගත්තා සෑහෙන දේවල් ගොඩක්...හැබැයි... මැරෙනකල්ම මිනිස්සුන්ව නම් තෙරුම් අරගන්න බෑ... මැරෙනකල්ම ඉගෙන ගෙන ඉවරයක් කරන්න බෑ...  හැබැයි අයියා කියපු දේවල් ඒ විදිහටම අත් දුටුවා... ඒත් මේ පෝස්ට් එකේ වගේ අම්මා එක්ක ගෙදරම හිටියා නම් මහත්තයො... ඔයාට take away සරණ තමයි 😂
.
...::: © විලෝචනා :::...'
.
...::: © විලෝචනා :::...
 — feeling hyper.

2018/10/15 - 5:27 PM
________________________________________________________________________

 රොටී හදන්න පටන් ගත්තා.කෝ,ඕන කලමණා නෑනෙ ...  මම හෙමීට මිමිණුවා... මේක ඇහුණා සක්‍ර දේවේන්ද්‍රයාට.ටික මොහොතකින් බෝඩිමේ ඇන්ටි "අමු මිරිස් "ටිකක් දුන්නා කියහන්කෝ  මම වික්ෂිප්ත වී ඇය දෙස බැලීමි ... අම්මේ ඉතිං බෝඩිමේ ගෙහිමියා ඇතුළු සෙසු පිරිසට කොහොම පින් දෙන්නද මන්දා ... 
.
Dec 18, 2015 2:15pm
________________________________________________________________________

 "කෙල්ලෙක්ගෙන් කම්මුල් පාරක් කාපු නැති කොල්ලෙක්ගෙන් වැඩක් නෑ" 
.
ඒක අහපු ගමන් මට මාර චූන්  එතකොට මම හිටියේ 1st Year එකේ ... Preparation වලට තිබුණ Lecture එකේ... අරුන්දතියෙ බිම ඉඳගෙන.....හ්ම්ම්ම් ... බෝඩිං ජීවිතෙයි පැය 4ක බස් ගමනයි එක්ක Campus එක අත්භූත අත්දැකීමක් වුණ මොහොතක ...  සර් එහෙම කිව්වම මට ඒකට සතුටු හිතුණා ...  සර් කියන වචන හරි අමුතුයි ... සිත් ගන්නා සුළුයි ... හරිම විවෘත මනුස්සයෙක් ...ඉන් එහාට සර් ව එක Subject එකකදි විතරයි මුණගැහුනෙ ... මචං එකේදි දැක්ක චරිතෙ වගේම ඒ හඬෙත් මම හොඳ රසිකාවියක් වුණා ... ඒත් මම සර් ගැන ඊට එහා දෙයක් දන්නේ නෑ ...
.
ඔන්න ඔහොම කාලය ගෙවුණා ... කසුන් කල්හාරගේ Romantic Opera එකේ සින්ඳු ඇහුවානේ කට්ටිය ... (y) මාත් ඇහුවා ඉතිං ... සඳ ඕනා , රෑ අහසින් ,ලෙයිලා , ඇරඹුමම කඳුලක් වෙලා ,හෙට අලුත් අළුයමක් වගේ සින්දු අස්සෙන් ... මට මාරටම වැදුණ සින්දුවක් තිබුණා ...  " අඳුරේ මැදියමේ "  කසුන්ගේ Voice , Melody , Lyrics ඇහෙද්දි අනේ මන්දා කියා ගන්න බැරි මොනවදෝ සිතුවිලි ගොඩක් හැදෙනවා ...  හරි කොටින්ම කිව්වොත් සින්ඳුව මට නම් වැදුනා සුපිරියටම... ඉතිං මේ පිස්සු හදෙන Lyrics කාගෙද?හ්ම්! අහලා තියෙන නමක් ... ඔව් දන්න කියන නමක් ... ඒත් මේ මම දන්න කෙනාමද?  මම විශ්වාස කල දේ ඇත්තටම දැන් චන්දුට ගත්ත කෝල් එකට පින්සිද්ද වෙන්න දැනගත්තා ... සර් වගේම ළමයි මේ වෙලාවෙත් Drama Practices ... අපෙ චන්දු , සර්ගෙන් අහලා ඒ සින්දුව ලිව්වෙ සර්ම කියලා සනාථ කලා ... ඒත් මට තාමත් හිතාගන්න බෑ ... එදා 1st Year ඉද්දි දැක්ක මනුස්සයාව, පස්සෙ මම දැක්කෙ Lyrics වලින් ... මේ මිනිස්සුන්ගෙ Identity එකට බලන් යද්දි මූණක් ඕනෙත් නෑ ...  කලා කාරයා කියන්නෙත්  අනේ මන්දා පුදුම Character එකක් ...  
.
අඳුරේ මැදියමේ
නිදි වරා
වැපිරූ සිහිනේ
කඳුළු අතුරා
පුළිඟු සැඟවූ සිහිනේ

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සිහින අතැර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමග තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සොඳුරු ලෝකාන්තය මුදුනතේ
මතක භශ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා
නොඑනා සෘතුවක බර දරා
අහිමි හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න
.
ගායනය - කසුන් කල්හාර
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - නාමල් ජයසිංහ
.
෴.ලෝචි.෴
.
Oct 21, 2015 9:55pm
______________________________________________________


 10K 
.
ඔන්න අම්මිගෙයි අප්පච්චිගෙයි පින්තූරයක් දැම්මා FB එකට ...
අම්මි කාමරේට ආව වෙලාවක මම අම්මිට කතා කරලා පෙන්නුවා ...
මෙන්න ඔයාලගේ පින්තූරෙට 800 ගාණක් Likes දාලා කියලා ...
ඒ බලන අතරේ ඊට පහළින් මගේ පින්තූරෙකුත් තිබුණා ...
අම්මි ඒක බලලා...
කෝ ... 
අපෝ වැඩක් නෑ... 
ඔයාට 10ක් නෙ ලයික් තියෙන්නේ කිව්වා ... (10K ).





Aug 05, 2015 1:29pm








__________________________________________________________________


ගිටාරයේ තත් පිරිමදින්න ...  
ගහට මලට ආදරේ කරන්න ...  
වැස්සට තෙමෙන්න ...  
සිනාසෙන්න ...  
එන්න,  
ආදරේ කරන්න ...  
තව දවස් තුනයි ... 
.
Jul 12, 2015 10:16am
________________________________________________________


ළමයා -දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද?
සීයා -මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
.
ළමයා -තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරේ මට
සීයා - පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස
................................................................ 

මේ වගේ ආදරණීය සීයා කෙනෙක් සින්දු වල පොත් වල දැක්කට පස්සෙ
පළමු වතාවට මට මුණ ගැහෙන්නේ කැම්පස් ආවාම...
ඔව් ! ඒ තමයි බෝඩිමේ සීයා ...
මෛත්‍රී මාවතේ පහල ඉඳන් උඩට හෙමින් හෙමින්
දවසට දෙතුන් පාරක් පිය මනින අපේ සීයට
කම්මැලිකම මොකද්ද කියලා වත් තේරෙන්නෑ ...
ඔන්න ඊයෙත් වැස්සට ගහක් කඩන් වැටිලා හරි හරියට ඒක සුද්ද කරා ...
අද උල්පත් වතුර වැලි වලට හිර වෙලා ඒක හදලා ආවා ...
බැලින්නම් කකුල පුරා පොඩි පොඩි කූඩැල්ලෝ හත අටක්
සීයට පෙන්නෙත් නෑ මම කියද්දි කියද්දි අනුමානෙට අතින් එක එකා අයින් කලා ...
පෙරේදා කැම්පස් එකෙන් උඳු වඩයකුයි පෑන් කේක් එකකුයි ගෙනත් දුන්නා සීයට ...
සීයා හරිම ආසාවෙන් ඒවා ගත්තා ...
ඒ එක්කම සීයා අඬ ගහලා මට සුවඳ හඳුන් කූරු කීපයක් දුන්නා ...
බුදු පහන තියද්දි ඒවා පත්තු කළා හරිම පින්වන්ත සුවඳක් තිබුණෙ
මම බඩගින්නෙ වේලි වේලි ඉද්දි
සීයා ගෙනත් දෙන පාන් කෑල්ලයි ඉඳි ආප්ප මුලයි මට දිව්‍ය භෝජනයක් වුණා ...
ඉඳලා හිටලා කයියට වැටුණම හරි වටිනා දේවල් කියනවා ...
විභාගෙ ඉවර වුන ගමන් එයාට මාව එක්කන් යන්න ඕන කියලා හිතෙන විහාරස්ථාන කීපයක්ම කිව්වා ...
සීයා දීපු බණ පොත් වල තිබුණ දේවල් ගොඩක් වෙලාවට
මම මූණු පොතේ සාරංශ කරලා පල කලා ...පෙරේදා මට කියනවා
" කොහෙ යන්න ගියත් පුතේ ඉතිපිසෝ ගාථාව කියලා යන්න ...අත්දැකීමෙන් කියන්නෙ හරිම බලගතුයි..."
.
Jun 18, 2015 7:03pm
____________________________________________


හදිසියෙම දුරකතනය නාද වුණා ...
නිදි මතේ පළවෙනි පාර අහක බලා ගත්තා ...
මෙන්න ආයෙත් පාරක් ... 
හ්ම් !
අම්මි ...
" ඔහොමත් නිදියනවද ලොකු නැන්දිලා ? "
එතකොටයි මට සිද්ධිය තේරුණේ ... 
අයියගේ ප්‍රියාවිය...
මගේ පළවෙනි නෑනා...
අප්පච්චිගෙයි අම්මිගෙයි පළවෙනි ලේලි ...
මේ පොසොන් පෝය දවසේ පාන්දර ...
පළවෙනි මුණුබුරා/මිණිබිරිය ...
අපිට දායාද කරලා ...
ඔව් ! 
තවම දන්නෙ නෑනේ ,
එයා දුවෙක්ද පුතෙක්ද කියලා ...
කවුරු උනත් ... ඇස් වහක් කට වහක් නෑ ... 
අක්කි අයියා වගේම ලස්සනට ඉඳියි ...
ජේසු පිහිටත් ... තෙරුවන් සරණත් ...
එක ලෙස ලැබේවි ...
අක්කිට අයියට වගේම ...
අලුත් පැටියාටත් ... .
Jun 02, 2015 9:30am

___________________________________________



හිනා වෙයන් ඉතින්, 
ඇස් දෙක පුංචි කරගෙන .... 
වශී කරපන් සංහතියක් ,
නැති කරපන් ඒ අස්සේ ,
මට මාවත් ....
ඔය හිනාවක්ද 
නැත්තන් මායාවක්ද ?
මේ ඇහෙන්නෙ සින්දුවක්ද
නැත්තන් මන්ත්‍රයක්ද ?
.
May 19, 2015 11:32am
______________________________________
 හිස ගොඩපර ගල්වා
මුහුණ සුදු හඳුන්,කස්තුරි කහ,කොකුම් ද
ගත දෙහි,මී පැණි ද ගල්වා ...
දොවා පේවී ...
නෙලුවෙමි කහ මල් ...
ඒ උතුම් පැතුම පතන්නට ...
.
ඒ පිනට එක් වෙන්න
මලසුනේ වැතිරෙන්න
පේ වෙලා පෙරුම් පිරු සුපුල් සත් මල් අතර
දැඟලුවා කැකුළකුත් ...
සමිඳු ළඟ මියැදෙන්න ...
කණගාටු පින් මදිව හැකිලිච්ච මල් ගැනය ..
.
කහමල් ගිලන් පස පුදා ...
සුවඳ කුරු,දීප දල්වා ...
තෙරුවන් නමැද ...
පැතූ ඒ පැතුම ...
මගේ මුල්ම ලෝකෝත්තර පැතුමයි ... 
සාදු ! සාදු ! සාදු !
.
May 16, 2015 8:44pm_________________________________________________

 හදීසියේ මතක් වුණා ...
.
ඉරිදා දහම් පාසලට ගියේ ගොඩක් කැමැත්තෙන් ... සමහර දවස් වලට මම යද්දි කවුරුත් ඇවිත් නෑ ...හාමුදුරුවෝ පහල අතුගාන කොට මම විහාරය වටේට අතුගානවා ... අපිට උගන්නන්න කවුරුත් නැති වෙලාවට සහ Interval එකේදි ලොකු පන්ති වල ළමයි කල්ලි ගැහෙද්දි ... මම ඉන්නෙ පුංචි නංගිලා මල්ලිලා එක්ක ... අක්කිගෙ කොණ්ඩෙ ලස්සනයි කිය කිය කොණ්ඩෙ අතගාන මූණ මිරිකන චූටි කෙලි පැටික්කියෝ අස්සේ කරේ එල්ලිලා කොණ්ඩෙ අදින නසරානි කොලු පැටව් මැද්දේ මට දහම් පාසල පෙණුනෙ දිව්‍යෙලා්කයක් වගේ ... පොඩි එවුන් එක්ක දුවලා පැනලා සෙල්ලම් කරන මේ ජවනිකාව බලන්න විවේක කාලෙදි දහම් පාසලට ආගන්තුකයෙක් එන්න පටන් ගත්තා ... මමත් නොදැන ... දවසක් හදීසියෙම මේ ආගන්තුකයගෙන් ආදර පණිවිඩයක් මට ලැබුණා ... කිසිම අදහසක් නොතිබ්බ මම මුණිවත රැක්කා ... මේ ආගන්තුකයා කවදාවත් මගේ මූණට හමුබුණත් කතා කලේ නෑ ... ජීවිතේ පළවෙනි සහ අන්තිම වතාවට දවසක් මම හවස Cadeting Practices ඉවර වෙලා එද්දි හදිසියේම මේ ආගන්තුකයා මම යන මගට වැටිලා යන ගමන් හිනා වෙලා ඇහුවා "ආ නංගි ... ඉස්කෝලෙ ඇරිලා දැන්ද එන්නෙ ? " කියලා ... මම කිව්වා ..." නෑ අයියා Practices" තිබ්බා කියලා ... අනේ දැන් ඉන්න පිරිමි ළමයි එක්ක බලද්දි දාහෙන් සම්පතයි කිසි කරදරයක් තිබුණෙ නෑ ... ඒත් කොහෙන් හරි ඕක අයියට ආරන්චිවෙලා අයියා වගේම Driver ට බයේ මෙයාගෙ සද්දයක් නැතුවම ගියා ... අන්තිමටම දැක්කේ නුවර ලාදුරු හොල්ට් එකේදි ... කාලෙකින් ආරන්චි වුණා ගමේ මරණයක් ගැන ... මම හීනෙකින් වත් හිතුවෙ නෑ ...එහෙම දෙයක්... එයා හොඳ කරන්න බැරි ලෙඩකින් මේ ලෝකේ දාලා ගිහින් තිබුණා ... ජීවිතේ හරි පුදුමයි ...

May 13, 2015 9:15pm
_______________________________________________

 ලොකු නිවාඩුවකට පසසේ බෝඩිමට ආවෙ පෙරේදා ...
එනකොට සීයට වගේම බෝඩිමේ හැමෝටම යෝගට් අරන් ආවා ... ටිකකින් සීයා ගෙට ගොඩ වුණා තෑගි පාර්සලේකුත් අතින් අරන් ... සීයා අවුරුදු උත්සවේ හොඳම බොරුව කියලා දිනලා ...  කියපු බොරුව පස්සේ කියන්නම් කිව්වා ...  ෆ්‍රිජ් එකේ තිබ්බ සීයගෙ යෝගට් එක ගෙනත් සීයට ඒ වෙලාවෙ දුන්නා ...
........................ ඊයෙ උදේ වරුවෙ උයන්න බැරි වුණා කියලා සීයට කිව්වම සීයා පාන් බාගෙයි කෙසෙල් ගෙඩියයි ගෙනත් දුන්නා ... එතකොටයි මට මතක් වුණේ සීයට අවුරුද්දට ගෙනාව සරම දෙන්න ... සීයට මම සරමක් ගෙනාවා කියලා අතට දෙද්දි සීයගේ මූණේ සතුටත් එක්ක පිපුණ හිනාව හරිම පින් පාටයි ... ඔලුව අතගාලා බුදුසරණයි පුතේ කියලා මෙන්න අවුරුද්දට මගෙන් කියලා රස කේක් කෑල්ලකුත් ගෙනත් දුන්නා ... 
................. ඔන්න අදත් මට කතා කරලා පාන් පෙති කීපයක් දුන්නා ...
මගේ කාමරේ පැත්තක ගොඩ ගහලා තිබුණ මලු ටික දිහා සීයා බලද්දි තමයි මට මතක් වුණේ මැයි මාසෙ දෙන්න ඉන්න දානෙ ගැන සීයට කියන්න ...කෑගල්ලේ ළමා නිවාසයට දෙන්න ඉන්න දානෙ ගැන විස්තර කලාම සීයා කිව්වා මමත් මොනවා හරි අරන් දෙන්නම් කියලා ... පින් කටයුතු තනියම කරලා බෑ ... තව අය හවුල් කරගන්න කිව්වා ... සීයා කිව්වත් වගේ දන්න කියන අයට දානෙ ගැන කියලා ආධාරත් ලැබුණා ... රෙදි සහ දෙන්න තියෙන බඩුත් සේරම ගත්තා ... සීයට මම කිව්වා එහෙනම් සීයා රු.100ක් දෙන්න මට ඇඳුම් වලට ගෙවන්න කියලා ... සීයා හරි පුතේ මම හවසට දෙන්නම් කියලා යන්න ගියා ... 
................ සීයා හැමදාම සීයාගෙම දරුවෙක්ට වගේ මට සැලකුවා ! සීයට මාව තවත් බෝඩිං කාරියක් වුනේ නෑ ... සීයට දීර්ඝායු වේවා! 
-------- --------- -------- ----- ------- --- ------ ---- ------ ------- ---- ----
ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා
.
"මා විසින් කරන ලද පින්කම්
හේතු කොට ගෙන....
නිවන් දක්නා ජාති දක්වා
අසත්පුරුෂ ජනී ජනයා
ඇසුරට නොලැබේවා...!
සත්පුරුෂ කල්‍යාණ මිතුරන්ම
ඇසුරට ලැබේවා...!"
ඔබ සැමට තෙරුවන් සරණයි...!

Apr 29, 2015 12:14pm
_______________________________________________________________

 ගෙදරින් ආදරේට බර බරේ දාද්දි ... අනිකත් එක්ක ගිහින් දිය ඇලිවලින්,ලෝකාන්තෙන් පැනලා එහෙම නැත්තන් කෝච්චියට පැනලා,එක්කො එල්ලිලා මරෙන ඒවා දැක්කම මම හිතලා බැලුවා මට එහෙම පුළුවන්ද කියලා ...  දන්නේ නෑ අනික් අයට කොහොම හිතෙයිද කියලා ... 
.
අම්මෝ ඒ හිනාව ...  ඒ ලස්සන හිනාවට මොනවා වෙයිද ...
හුරතල් කතා කියන ඒ කඩහඬට පුළුවන් වෙයිද කවදාවත්
ඒ වෙලාවට දැනෙන වේදනාව කියාගන්න... 
පොඩි සීරීමක් දැක්කත් හිතට කොච්චර නම් වද දෙනවද...
එහෙව් එකේ ඔහොම වෙලාවක ආදරෙන් අතගාන ඔලුව
කොහෙ හරි වැදිලා ඔලු කට්ට පිපිරුණොත් ... 
ලස්සන ඇස්දෙකේ මොනවා හරි ඇණුනොත් ... 
සිනිදු අත පය කොහෙ හරි වැදිලා කැඩිලා බිඳිලා ගියොත් ... 
ඔක්කෝමත් හරි මම මැරිලා එයා අබ්බගාත වෙලා ඉතිරි වුණොත් ???
කව්ද අම්මා නැති කාලෙක එයාව බලාගන්නේ ...
අම්මෝ ! බෑ බෑ ... මට නම් බෑ ... 
සංසාරෙ කළ පව් එයත් එක්ක ගෙවන්න බෑ ... 
මගෙ පව් ඒ අහිංසක ජීවිතේ පිටින් යවන්න බෑ ... 
ඒ රත්තරං අම්ම අවුරුදු විසි ගානක් තිස්සෙ දුක් විඳලා හැදුව ... 
අහිංසක පැටියව මට උදුරගන්න බෑ ... 
හැබැයි කවදා හරි මැරෙන්න කලින් ...
ඒ අත් දෙකෙන් කරවන්න පුළුවන් තරම් උපරිම පින් කරනවනවා ... 
මේ කරලා තියෙන පව් එක්ක අපි ආයෙ සංසාරෙ කවදා මුණගැහෙයිද දන්නේ නෑ ...
ඔහොම ලෝකෙ අතඇරලා ගිහින් එයා සංසාරෙ අතරමං වුනොත් ... 
අපිට පුංචි පිනකින් අපිව මුණ ගැහුණා ... 
ඒ පිනෙන් උපරිම ප්‍රයෝජන අරන් ජාති ජාතිත් එකට ඉන්න පින් කරගන්නවා ඇරෙන්න එයාට එහෙම මනුස්ස ආත්මෙ නාස්ති කරගන්න දෙන්න බෑ ... 
මොකද මං එයාට ආදරෙයි ! 
.
෴ලෝචි.෴

Apr 28, 2015 8:31pm

__________________________________________________________

මල් කැඩුවට ...
බුදු පහන දැල්ලුවට ...
සුවඳ කූරු පත්තු කරලා ...
පැන් පූජා කලාට ...
හිතේ නොසන්සුන් ගතියට පන්සිල් ගන්න අමතක වුණා ... :/
හදිසියෙම මතක් වුණත් පහනෙ තිරේ හොඳටම ඇවිලිලා නිවෙන්න
පණ ඇද ඇද හිටියේ ...
හිතට ආවා මහ පුදුම හැඟීමක් ... :O
"ඒ පහනට නිවෙන්න නොදි රැකගන්න පුළුවන් උනොත්
හුස්ම ගන්න ආයෙත් අවස්ථාවක් ලැබෙයි "
දුවගෙන ගිහින් නිවෙන්න ගැහි ගැහි දඟලපු පහනට තෙල් වත් කලා ... o.O
තෙල් වල තෙතට පහන් තිරේ එක කොනක ඉඳන් නිවීගෙන යන එක වේගවත් වුණා...
හිතා ගන්න බැරි විදිහට තිරය අග්ගිස්සේ දැල්ල ගැහි ගැහී නිවෙන්න ගිහින් ... :O
ආයෙත් දැල්වෙන්න ගත්තා... ^_^
අනේ මන්දා මේ පහන මට මොනවද කියන්න උත්සහ කරන්නේ කියලා ...
සමහර විට ...
"එක පාරක් උත්සහ කරන්න ... සමහර විට හරියයි " කියල වෙන්න ඇති :/
මම හිතා ගත්තා ...
ඔව් !!!
මම දෙයක් හිතා ගත්තා ... :)
ඒ ...
එක පාරක් මම උඹ වෙනුවෙන් කතා කරනවා ...
ඔව් !
මම කතා කරනවා ... :)
.


2015-03-03  9.18 PM
------------------------------------------------------

ආදරණීය නුඹ ... :(

මගෙ තුරුල්ලටම වී මේ උණුහුම වින්දා උඹට මතකද?උඹව පරිස්සම් කලා මම මගේ පණටත් වඩා ...උඹව අල්ලන්න දුන්නේ නෑ මං කාටවත්... මට මතකයි උඹව දුන්නේ නෑ කියලා කැම්පස් එකේ කොල්ලෙක් මට සද්දයක් දැම්මා ...ඉස්සෙල්ලම උඹේ පොඩි සීරිල්ලක් දැක්කම මට සංසාරෙ කල කිරුණා ... ඊයේ Covering එක කරන්න බලද්දි උඹේ Bridge එක ළඟින් ඉස්සිලා ... Box එකෙන් ඈත් වෙලා ... අම්මෝ මගේ රත්තරං Crusader ... උඹ මට දෙන්නේ මාර වේදනාවක් :( මට ගිටාර් එපා වුණා ...

To my loving Guitar - De France Crusader ♥

2015-01-08  10.14 PM
------------------------------------------------------

- බෝඩිමේ සීයා -

ඊයෙ හෝදපු රෙදි ටික වනන්න කියලා එළියට යද්දි බෝඩිමේ සීයා එනවා දැක්කේ නැතුව මම ගැස්සුනා ... :O  ... :v සීයත් හිනා වෙලා ඇහුවා ... "පුතේ කෑවද?" කියලා ... මම කිව්වා "ඊයේ රෑ බත් චුට්ටක් තිබිලා කෑවා සීයෙ " කියලා ... මම එළියෙ රෙදි වන වන ඉද්දි සීයා ඇවිත් පාර්සලයක් දුන්නා ... :/

ඔව් ... සීයා මොනවා ගෙනාවත් මට දෙනවා ...කෙසෙල් ගෙඩියක් වත් නොදී නම් ඉන්නේ නෑ ... මම සීයාට කිව්වා ... " අනේ සීයේ ! සීයාට කන්න ගෙනාපු එකනෙ සීයා කන්න,සීයා පව්" කියලා... සියා කිව්වා ... "නෑ පුතේ මම කාලා ආවේ... ඩිංගක් ඔතන් ආවා"කියලා... කාමරේට ඇවිත් බලද්දි ... කිරි බත් කැට දෙකක් එක්ක කෙසෙල් ගෙඩියක්... අසනීප වෙලා උයා ගන්න වත් හයියක් නොතිබ්බ වෙලේ සීයා නම් කරගත්තේ ලේසි පිනක් නෙවේ ... ^_^

හවසට මල් පූජා කරන්න මල් කඩන්න යද්දි... සීයත් එනවා ටෝච් එක හරි අල්ලගෙන ...අතු පාත් කරලා දෙනවා මල් කඩන්න... ඊයේ හිසේ කැක්කුමයි කිව්ව පාර "අද නාන්න එපා පුතේ ...ඉන්න මම තෙල් ඩිංගක් ගෙනත් දෙන්නම් " කියාලා තෙල් ගෙනත් දීලා ඉස් මුදුණට දාන්න කිව්වා ... :)

සීයා කියලා පුරුද්දක් නෑ මට ... අපි කියන්නේ අත්තා කියලා ... ඒත් හැමෝගෙම සීයා නිසා කාලයක් යද්දි මමත් සීයා කිව්වා ... සීයා හොඳ ළමයින්ට හරිම ආදරෙයි ... සීයට ලබන පාර නිවාඩු ගිහින් එද්දි ගේනන හොඳ මොනවද කියලයි මම කල්පනා කලේ :/

2014-12-20  1.30 PM
------------------------------------------------------



♥ ...::: අළුත් බෝඩිම :::... ♥

" අන්න බලන්න අර අළු කොබෙයියගේ ලස්සන"
හැමෝම උදේ පාන්දර මේ කතාවෙන්නේ ගේ පිටි පස්සේ කුරුළු පාරාදීසේ ගැන ...
කිචි බිචියේ කෙලවරක් නෑ ... මමත් ගිහින් බැලුවා ... :O
...
හත් දෙයියනේ ... Black-hooded Oriole(කහ කුරුල්ලා),Common Mynah(මයිනා),Red-vented bulbul(කොණ්ඩ කුරුල්ලා),Yellow-billed babbler(දෙමලිච්චා),Spotted Dove(අළු කොබෙයියා),Oriental magpie-robin(පොල්කිච්චා),brown headed barbet(පොලොස් කොට්ටෝරුවා) මේ ඔක්කොම තැනින් තැන කුරුළු අභය භූමියක් වගේ ... පොඩි නංගි කිව්වා සැරෙන් සැරේට ඇවිත් යන සුදු රෙදි හොරෙක් සහ සිවුරු හොරෙක්(Asian paradise flycatcher) ඉන්නවා කියලා ... සැරින් සැරේට සමනල්ලුත් ගොඩක් දැක්කා ... ඇත්තටම මම ඉස්සෙල්ලම Common birdwing දැක්කේ මෙහෙදි ... ^_^
...
මෙහෙ ඉන්න සුදු සීයා හැමදාම හවසට පන්සිල් ගන්නවා මම කලින් බෝඩිමේ ඉඳන් හරි ආසාවෙන් අහන් හිටියා ... සීයා මෙහෙ නිසා වැඩි කල් නොගොස් මට පුළුවන් උනා තවත් කිට්ටුවෙන් පන්සිල්,පිරිත් අහන්න ... උදේ හවස බුදුන් වහන්සේට පූජා කරන්න ඇති තරම් ගෙදරක මල් පිපෙන්නේ පිනට ... හැම ගෙදරකම එහෙම වැහි වහින්න මල් පිපෙන්නේ නෑ ... සීයා කවදත් ළමයින්ට ආදරෙයි ... කෙසෙල් කෑවත් එක ගෙඩියක් මටත් ගෙනත් දෙනවා ...පහන තියන්න මල් කඩද්දි සීයා ඉද්ද ගහේ අතු පාත් කරලා දෙනවා... ^_^
...
වෙලාවකට හිතෙනවා පතිරූප දේස වාසෝච (සුදුසු පෙදෙසක විසීම) වගේම ඉමිනා පුඤ්ඤ කම්මේන (නිවනට හේතුවන සත්පුරුෂයන් ඇසුරට ලැබේවා) යන ගාථා කියලා මම ප්‍රාර්ථනා කල දේ මට ලැබුණා ... ඉතිං ඔව් මම නිසැකවම මේ බෝඩිමට කැමතියි ... ^_^

2014-12-08  10.38 AM
------------------------------------------------------

"පුතේ ඔන්න මගෙ අතින්ම තුන පහ කෙටුවා ඔයාට ගෙනත් දෙන්න"
හති ඇර ඇර අප්පච්චි ඊයේ එහෙම කිව්වෙ,
"කඩෙන් ගන්න තුන පහ දැම්මම කෑම මෙලෝ රසක් නෑ"
කියලා මම අප්පච්චිට කියපු එක ගැන හිතලයි ... ^_^

අද ආවා හා හා පුරා කියලා අලුත් බෝඩිමට,
අප්පච්චියි,අම්මයි ලොකු අයියයි ...
සුදු නංගි අක්කිට දෙන්න කියලා පුංචි තෑග්ගක් එවලා ... :*
චාන්දනි අක්කි කැවිලි එවලා තිබුණා ...
ඒ වගේම අම්මිලා අනම් මනං බඩු ගොඩක් එක්ක...
හොඳ කෙහෙල් කොලේ ඔතපු බත් පාර්සලයකුත් ‍ගෙනත් තිබුණා ... :D
එනකල් කියලා උදේ ඉඳන් බඩගින්නේ හිටිය මම ,
එයාලා ඉද්දිම බත් පාර්සලේ දිග ඇරලා කෑවා ...
" කොහොමද?කෑම රසද දන්නේ නෑ ..." :/
අම්මි තමයි එහෙම ඇහුවෙ...
කියන්නත් දෙයක්ද ඉතින් ...එයාලා අත තිබ්බත් කෑම රසයි ... ^_^

බෝඩිමේ අන්කල් සහ ආන්ටි එක්ක කතා කරලා ...
"හරි පුතේ එහෙනම් අපි යන්නම් "
කියලා අප්පච්චි අම්මයි ලොකු අයියයි වාහනේට නැගින්න යද්දි,
මම එයාලට වැන්ඳා ...
එයාලත් පරිස්සමෙන් ඉන්න කියලා ඔලුව ඉම්බා ...
අයියා ආයෙත් දොර ඇරලා සල්ලි තියෙනවද ඇහුවා... :v
ඔව් කිව්වත් අයියා එපා එපා කියද්දි රු.1000ක් අතට දීලා ගමන ආරම්භ කලා ...
අම්මි යනකල් මං දිහාම හිනා වෙලා බලන් හිටියා ... :)

තනියෙම පාඩුවෙ ඉන්න කැමති කෙනෙක් වුණත් ...
වාහනේ දුර නොපෙනී යන්න ඔන්න මෙන්න තියෙද්දි,
කාර් එක පිටි පස්සෙන් දුවගෙන දුවගෙන යන්න මට හිතුණා ... o.O

2014-12-06  03.05 PM
------------------------------------------------------


එයා මම දන්න කෙනෙක් ...
කතා බහ කරල තිබුණත් වැඩි සම්බන්ධයක් නෑ ...
පොඩි ප්‍රශ්නයක් තියෙනවා වක්‍රාකාරව නමුත් ඒකෙ අවුලක් නෑ ...
ප්‍රශ්නෙ වුණත් පස්සෙ දවසක හොඳට හිනාවුණා ... :v
හදිසියේම පෙරේදා මම හිනාවුණාට මෙයා හිනාවුණේ නෑ ...
හිතේ චකිතයක් විචිකිච්චාවක් තිබුණා තදටම මේ නිසා ...
මෙන්න අද මෙයා මම හිනාවුණාම මටත් හිනාවුණා ...
අනේ මන්දා ... :D
අපිත් නිකං බොරුවට අවුල් යන්නේ බලන් යද්දි ...
අනික් මිනිස්සුන්ගෙ හිත් වල මොනවා තියෙනවා ඇතිද
කිය කිය ඥානය පහල කරගන්න වෙර දරණ වෙලේ ...
ඒ ඒ ප්‍රතිචාරය ගැන එතරම් නොහිතා
පාඩුවේ මම හැමදාම හිනාවෙනවා
කියලා අද හිතාගත්තා ...
කවදාවත් වෙන කෙනෙක්ගේ ප්‍රතිචාරයක් හෝ හැඟීම් මත
අපි වෙනස් වෙන්න නරකයි ... :)



2014-12-03  12.55 PM
------------------------------------------------------


"ගෙදර කවුද? ගෙදර කවුද? "
එහා ගෙදරට කවුදෝ ඇවිත් ...
පොඩි ගෑණු ළමයෙක් ...
එහා ගෙදර Aunty ඇහුවා ...
අපේ බෝඩිම දිහා බලාගෙන ...
"ළමයි ... කිතුල් හකුරු තියෙනවා ගන්නවද? " කියලා ...
හ්ම් ... මමත් නැගිටලා එළියට ගිහින් විපරම් කලා ...
"කහට එක්ක බොන්න නම් නියමයි ..."
Aunty හකුරු Market කරා ටිකක් විතර ...
කීයද අහලා මටත් හිතුණා එකක් ගන්න ...
ඒ ... හකුරු ඕන නිසා නම් නෙවේ ...ඒ ගෑණු ළමයා අන්ධයි ...
අපි කොච්චර නම් සුකුරුත්තම් ගන්නවද සල්ලි වලින්...
එක හකුරු මුලක් සල්ලි දීලා අරන්
එයාගේ බෑග් එකේ තිබ්බ අනික් හකුරු පාර්සලෙත්
මගේ අතින්ම එයාගේ අතට අරන් දුන්නා ...
ඒ ළමයා ආයෙත් පොළොව මැන මැන යන්න ගියා ...

එහා ගෙදර Aunty කිව්වා ...
" ඔයාට පින් ජයේ " කියලා ...

අතට පයට කිසි අඩුවත් නැතිව
අපෙ අම්මලා අපිව හදපු නිසයි අපි මෙහෙම ලස්සනට ඉන්නේ ...
ඒ පින අත් වෙන්න ඕන එයාලට ...



2014-11-26  4.33 PM
------------------------------------------------------



කටු කටු කටු ... :O
පොඩි කාලේ මාළු කද්දි කටු හිරවෙලා ,
මාළු සහ කරෝල වර්ග කෑම නවත්තලයි තිබුණේ ...
ඔන්න මේ පාර අප්පච්චි වදෙන් පොරෙන් දාපු
වේලපු හුරුල්ලෝ පාර්සලේන්,
කීපයක් අරන් අද ඉව්වා ...
ජීවිතේ පළවෙනි වතාවට...
හැබැයි කටු ඔක්කෝම ගලවලා :p
ඔව් ඇත්තටම හොඳයි
කටු තිබ්බට නරකමත් නෑ
දැන් දෙයියනේ කියලා මාලු එහෙමත් උයන්න පුළුවන් වෙයි ... :D
මම දස අතේ කල්පනා කර කර හිටියේ
මොනවද දරුවන්ටයි මනුස්සයටයි දවසක කන්න දෙන්නේ කියලා ... :v


2014-11-16  2.31 PM
------------------------------------------------------



Requests 650 ක් Delete කලා ...
ඒ ඇරෙන්න සමහරු Accept කලා ...
නමුත් ...
නුඹ ඉන්නේ මගේ Friend List එකේ මිස
Enemy List එකේ නොව ...
පින්තූර වලට ඔබ දාන අදහස් වලින්
මම මිතුරන් කව්දැයි හොඳින් හඳුනගන්නවා ...
සංවාදයේ යෙදෙන්නට දක්වන මැලිකමට
හේතු බොහොමය ...
"එහෙම නොකරනවා නම් මොකටද යාළුවෝ වගේ පෙන්නන්නේ "
කියන ප්‍රශ්නේ ...
ඔබ සොහොයුරියක් මවක් බිරිඳක් යන තිදෙනාගෙන්
කාගේ හෝ ඇසුරේ ඉන්න අයෙක් නම් ...
ඒ අයගෙන් අහන්න ...
ඔබ මොන අදහසෙන් එක වචනයක් පැවසූවත්
ප්‍රතිචාර නොදක්වන්නේ නම් ...
එ් හේතුවක් ඇතිවමය ...
ඔබ මොන පසුබිමක් ඇති අයෙක් වුවද ...
දැන් මගේ මිතුරෙක් හෝ මිතුරියක්ය ....
රැඳෙන්න හැමදාම ... ඒ ලෙසටම ...
අවංකව අනතිමානීව රැඳෙන්නට නොහැකිනම් ...
සතුටින් ඉවත්වන්න ...
කෙනෙක් මට ඉගැන්නුවා ...
හිත රිද්දන නරක දෑ පවසන අය
මිතුරන් හෝ රසිකයන් නොවන බැවින්
ඔවුන් ඉවත් කරන ලෙස...
නමුත් විවේචන භාරගැනීමට කාරුණික වන ලෙස ...
සොහොයුරියක් සේ සලකා ...
මේ වදනට ගරු කරන්න ...
එමෙන්ම හිත නොරිදූ ඔබට තුති ...

මීට ...
විලෝචනා :)
2014-11-06  9.29 PM
------------------------------------------------------



අයියෝ ... BL 2693 :D

එදා හරිම ජයග්‍රාහී දවසක් ...
ලස්සනට Ceremonial Kit ඇඳලා ...
Parade Ground එකේ ...
Kingswood එකයි අපියි එදා සුවිශේෂි වුණා ...
උත්තමාචාර අවි අස්සේ weapon එකත් උස්සන් ...
කර අව්වේ අපි හිටගෙන ...
Maj Gen ගාමිණි ජයසුන්දර මහතා ආවා
ඇවිදගෙන ඇවිදගෙන ... බලාගෙන shakehand කලා...
President Platoon දෙකට medal පළඳලා ඉවර වෙනකල්
බොහොම අමාරුවෙන් හිටගෙන හිටියා ...
මට ඇහැරෙන කොට මම හිටියෙ MI room එකේ ... :D :v ;)
ඒ 2005 දි ...

හදිස්සියේම මට අද Phone එකට Message එකක් ආවා ...
අද Lecture එකට අනිවා වරෙන් කියලා ...
මම ඉතින් 9 Lecture එකට 11 ට ගියා ... :D
පැය එකහමාරකින් විතර තුමිඳු සර් කිව්වා ...
ඔයාලා Lunch අරන් පැයකින් එන්න කියලා ...
අද Lectures තිබ්බට මොකද ,
Campus එකේ Canteen වහලා ... >:(
අනූපමයි මමයි කෑම කන්න පහලට එද්දි ...
මට පේනවා පාර පාවෙනවා වගේ ...
අනම් මනං ඇහෙනවා ...
කැරකිල්ල වගේ ...
මට අමාරුයි කිව්ව පාර අනූපමා හයියෙන් මාව අල්ලගත්තා ...
පාරේ බැම්මක ඉඳගත්තා...
එතකොටම ආපු Threewheeler එකට ගොඩ වුණා ...
මට ප්‍රංශ භාෂාව ඇහුණා ...
වේදිකාවේ රඟපානවා දැණුනා ...
Blackout එකක් දුන්නද කොහෙද ???
අම්මෝ ... Out of Control :D
ටිකකින් ...
ජයේ ...
ජයේ ??? නංගි ...
හිටියේ බෝඩිම ළඟ ...

අවුරුදු 9 කට පස්සේ Parad Ground එකේ ලබපු අත්දැකීම අද ලැබුණා ...
:D :D :D

November 5

2014-11-06  6.34 PM
------------------------------------------------------



ඕනම තැනකදි තමන් පරිස්සම් වෙන්න ...
තමන්ගෙ බඩු පරිසසම් කරගන්න,
තමන්ගෙ දේ තමන්ට වටින නිසා ...
කා ගැනවත් සැකේට නෙවේ ...
කව්රුත් සැකේට ලක් වුණාට පස්සෙත් නෙවේ ...
මුල ඉඳලම පුරුදු වෙන්න ...
අනික් අයට...
තමන්ට වරදක් කරන්න තියෙන හැම අවස්ථාවක්ම...
අඩු කරන්න පුළුවන්
තමන් තමන්වයි තමන්ගේ බඩුයි
පරිස්සම් කරගත්තම ...
උඹ මට ලොකු උදව්වක් කළේ ...
මේ ටික මට ඒත්තු ගන්නලා ...
ඒකට ගොඩක් පින් ...
තමන් කා එක්ක හරි ගණුදෙනුවක් කලොත්
සටහන් කරගන්න ...
තමන්ගෙ වියදම් රුපියලේ ඉඳලා සටහන් කරගන්න ...
ඒ ලෝබ කමට නෙවේ...
දවසක ඒක තමන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...
කව්රු හරි තමන්ට දෙයක් දුන්නොත් ඒක මතක තියා ගන්න ...
බැරි නම් ලියලා තියා ගන්න ...
තමන් කාගෙන් හරි ණයක් ගත්තොත්
ඒක සටහන් කරගෙන අනිවාර්යයෙන් ඒක නැවත දෙන්න ...
අනික් මින්ස්සු කරන කල් බලා නොඉඳ තමන් මුලින් පටන් ගන්න ...
ඒත් ...
අනික් අය ඒ විදිහට වෙනස් වෙන්නේ නැත්තන් ...
අනික් අය කව්ද කියලා අවබෝධ කරගන්න ...
ඒකයි තමන්ට වැදගත් වෙන්නේ ...
අනික් කාට හරි තමන්ගෙන් අපහසුතාවයක් සිදු වෙනවා නම්,
ඒවා මග හැර ගන්න ...
කාගෙන් හරි මේ දේවල් තමන්ට වෙනවා නම්
හිතේ තියන් නොඉඳ කෙලින්ම ඒ බව දන්වන්න ...
ඒත් ප්‍රතිපලයක් නොවේ නම් ...
ඉවසන්න ...
ඉවසන්න බැරි නම් ඉවත් වෙන්න ...
උඹයි මට මේ සියල්ල කියා දුන්නේ ...
උඹට පින් ...
මගේ දයාබර සරසවිය ...
උඹ ...
දිනෙන් දින ඔප මට්ටම් කරනුයේ ...
මගේ දැනුම නොව ...
මගේ අනාගතය ...
මගේ ජීවිතය ...
තුති !!!


2014-11-02  8.013 AM

------------------------------------------------------

ෆොටෝ එකකට කෙනෙක් දාන එක කමෙන්ට් එකකින් කොහොමද ඒ තරම් අපිට කමෙන්ට් කරන කෙනාගේ තත්වය තේරෙන්නේ ??? ඒ මනුස්සයා About එකේ වත් දාපු නැති තරම් ??? Profile picture එකක් උඩ ඉඳන් පහලට බලන් යද්දි ... අනේ මන්දා :/ :O

2014-10-31  8.02 PM

------------------------------------------------------


ඇත්ත අය බොරු අය අතරේ ...
හොඳ අය නරක අය අතරේ ...
ඇත්ත අයත්,
හොඳ අයත් ,
වෙන්කර හැඳිනීමට,
ඇති නොහැකියාවෙන් ,
සංවාදයේ යෙදීමට සිත දක්වන මැලිකම ,
සාධාරණ යැයි මට සිතේ :/

2014-10-26 2.38 PM

------------------------------------------------------

තේරුණා මට හොඳටම
ඔය එන්නේ නම් හොඳ දේකට නෙවේ කියලා ...
කිසිම හේතුවක් නැතුව අහනවා මොකද කරන්නේ කියලා ...
මම වැඩ කියලා මග ඇරියා
එත් පස්සෙන් ඇවිත් අහනවා
අයියා Facebook එකට Message එකක් දාලා ඇති කියලා ...
Link එක කොහේ පේන්නද 
මම කලින්ම එයාව Block කලානෙ
අපෝ කනක් ඇහෙන්න නෑ
මම ආයෙ Unblock කලා
බොරුවට කලින් දැකලම නෑ වගේ බලනවා අම්මිත්
අපෝ ...
මට මගුලක් කතා කරලා කියන්නේ
එයාව පෙන්නන්න තමයි ඔක්කොම
අනේ කොල්ලගේ වරදක් නෑ ඒත් ,
අම්මෝ උස :O
පෝරුවෙන් බැහැලා කඩු අස්සෙන් යන්න කියලා කියනවා ඔන්න මට :/
අනේ ... :(
ඒත් ... o.O


2014-10-20 8:25 AM


------------------------------------------------------



එක තත්පරේකට ...
අපිට කිසිම දෙයක් නැනේ කියලා හිතලා ...
එකින් එක තියෙන දේවල් ගණින කොට හිතෙනවා ...
අපිට ගොඩාක් දේවල් තියෙනවනෙ දෙයියනේ කියලා ...

2014-10-10 1:12 AM


------------------------------------------------------
:( :( :( :( :( :( :( :( :( :( :(

සිනාවයි සිත් සුව පත් කලේ...
මනාවයි බෝ මන ගෙන ගියේ...
ඉනාවයි මට පරහට ගියේ...
මුලාවයි මගෙ උරුමය හැඟේ :(

තත්පරක් නුඹ නොමැතිව බැරී...
මහමෙරක් සිත සෙනෙහස දැරී...
හද පෙරත් නුඹ වැන්නන් පිරී...
නුඹත් උන් මෙනැ දැක කලකිරී :(

මට නොවිය මිතුරිය සම උවන්...
මට නොවිය නුඹ පැරදූ සුරන්...
එකම හැලියේ බත් කා උයන්...
නුඹයි විමසුවෙ සිත මග බලන් :/

කබායට මදි ඇඟ පත නුඹේ...
සීනුවට උස මදි විය නුඹේ...
අමතකද නෑ පුවතක් නුඹේ...
කෙලෙස නම් අදහමි ගති නුඹේ :(

පිරිමි නම් හිත සැනසිය හැකි...
වෙනෙකු නම් ඒ වුව දැරි හැකී...
නුඹත් එලෙසය මුහුණට නොකී...
නුඹයි අවසන් කත සිත රැකී (y)

2014-9-22 12:13 AM

------------------------------------------------------


අපි තුන්දෙනයි...
අකුරු තුනයි...තුන්දෙනාට තුන්දෙනා ආදරෙයි...
ඒකත් මාර ආදරයක්...
මං කැව්වා ඔයාලා දෙන්නටම...
අපි තුන්දෙනාම එකම ටී ෂර්ට් මාරු කරන් ඇන්ඳා...
කැලේ ගියා ... ගඟට ගියා ...ඇවිද්දා ...
සින්දු කිව්වා ...

තුන් දෙනාගෙන් දෙන්නෙක් දැක්කා අළුත් හීනයක්...
දෙන්නට දැන් අනිකා හිටියද වත් මතක නෑ ...
එකෙක් වැස්සේ තෙමෙනවා ... අනික් දෙන්න කුඩේ අස්සේ ...
නිකං මොකටද උදැල්ල දාන්නේ ?
වැස්සේම කඳුළු හංගන්
පණ වගේ අනික් උන් දෙන්නට පාඩුවේ ඉන්න දීලා ...
එකෙක් කැපුණා ...

ඒත් දවසක් එක කුඩේ අස්සේ බද වැස්සේ හවස කලුවරේ ඉස්සරහින් එකෙක් එක අතක් අල්ලන් පිටි පස්සෙන් මැද්දට නොපෙනෙන්න අනික් අත අල්ලන් ගිය තුන් කොන් ආදරේ දැකලා එකෙක් හිතාගත්තා ...
මං කැම්පස් යනවා කොහොමහරි කියලා ...
ඔව් මං හිතාගත්තෙ එහෙම ...
ඒත්,
ඔයාලා දෙන්නට දෙන්න අද මූණ වත් නොබලන තරම් වෛරක්කාරයෝ ...
"ඔයාගේ උපන් දිනේට එයා එනවා නම් මම එන්නෑ " කියන්න තරම්...

එක්කෙනෙක් හම්බුණේ Chemistry Class එකේදි ...
ලස්සන කෙල්ල ... දැක්ක කොල්ලෙක් දෙපරෙක් නොබැලුවෙ නෑ ...
ඒ මගේ ජීවිතේ දෙවෙනි සහ අන්තිම විස්වාස කිරීම ...
කෙල්ලන්ව ...

අනිකා මගේ හොඳම යාළුවා ...
ලස්සන කොල්ලා ...
කාටත් හිත යන සින්දු කියන,Instrument Play කරන,නටන මගේ ටයිප් කොල්ලා ...
පුදුම කටක්... හැබැයි පාරෙ යන කෙල්ලෙක් වත් එයා විහිළු කලාම බනින්නෑ...
කොල්ලා හැඩයි ...එයා මට කිව්වේ නංගි කියලා ...
කොල්ලගේ Photo එක අතේ තියන් මං ගණන් හැදුවේ...
සංඛ ්‍යා රසායනය ...
ස්ටොයිකියෝමිතිය නෙවේ ...

දෙන්නටම මං ආදරෙයි ...පණ වගේ ...
කොල්ලගේ Photo එක දැකලා යාළුවා එයාට ආදරේ කරන්න ගත්තා ...
දෙන්නා සෙට් වුණා මං නිසා ...

ටික කාලයයි ගියේ ...

කෙල්ල වෙනම මාව හොයන් ගෙදර ආවා ...
කොල්ලා වෙනම මාව හොයන් ගෙදර ආවා...

ආයෙත් අමාරුවෙන් සෙට් කලා ...
ඔන්න ටික කාලෙකින් කලින්ටත් වඩා මාව හැළුවා ...
තදටම ...
මං ඇඬුව තරම් , මම වැටුණ තරම් දන්නේ නෑ ඔයාලා දෙන්නම ...
ඒත් වැඩි කල් හිටියේ නෑ ඔයාලා එකට ...
කාලෙ ගත වුණා... මං ආවා කැම්පස් ... :)


2014-9-2 3:04 PM

------------------------------------------------------

එන්න සඳැස් නිසඳැස් කරනට ... ^_^

රූරා වැටෙන කඳුලැල් තනිකම් විඳලා :'(
තනියෙන් වැලපෙනා සිත උණුසුම් කරලා o.O
මුහුණු පොතේ මුහුණු එකින් එක බලලා B|
සිතු සිතු දේ ලියන්නට මං හෙළි කරලා :(

මිතුර පසමිතුර ලියනුය එක් වදනක් :)
හිතට හිතෙන සරිලන එක හෝ වදනක් ^_^
මේ තනි කම නිවන්නනට හැකි එක වදනක් ♥
නුඹට හැඟෙන දනවන ඕනම වදනක් :*

2014-8-1  11:04 AM

------------------------------------------------------


ආයේ කවදාවත් බලන්න වෙන්නේ නැති වෙයි හිතෙනවා
මේ හැම දේ දිහාම හොඳින් බලන්න හිතෙනවා
ආයේ කවදාවත් අහන්න වෙන්නේ නැති වෙයි හිතෙනවා
මේ හැම දේම හොඳින් අහන්න හිතෙනවා
ආයේ කවදාවත් විඳින්න වෙන්නේ නැති වෙයි හිතෙනවා
මේ හැම දේම හොඳින් විඳින්න හිතෙනවා

2014-7-23 9:00 AM


------------------------------------------------------

මගේ අතට Guitar එක දීලා
මගේ අතට Camera එක දීලා
මගේ අතට Harrison Guide එක දීලා
මගේ අතට පින්සල් ටිකයි පැන්සල් ටිකයි දීලා
මගේ අතට Laptop එක දීලා
මට Rock උණ හදවලා
මට Phone එක එපා කරවලා
ඔයා යන්න ගියා
දරුවෙක් ඉන්න අම්මෙක් ළඟට...

2014-6-29 7:16 PM