Pages

Tuesday, May 18, 2021

Queen | A movie to change your mood !


👑 Queen කියන්නෙ 2013 එළි දැක්වුණ චිත්රපටයක්. සදාචාරාත්මක සංස්කෘතික ආදී විවිධ හේතු මත ඇතැම් දේවල් තෝරලා බේරලා ගන්න වුණත් මේ චිත්රපටය පුරාවටම හිතට අමුතු chill එකක් දැනුනා.
.
කංගනාගෙ සැබෑ චරිතෙට හාත්පසම වෙනස් සාම්ප්රදායික චරිතයක් තමා කංගනා මේ චිත්ර පටයෙදි රඟපාන්නෙ. චිත්රපටයේ ඇගේ නම රාණි. විජේනම් වූ ඇගේ පෙම්වතා ඇයට Queen කියලා ආදරේට කතා කරනවා. විවාහ වෙන්න සියල්ල සූදානමින් තිබියදී, ඇගේ පෙම්වතා නොගැලපීම් සහ ව්යාපාර නිසා ඇති කාර්යබහුලත්වය ආදී හේතු කියලා හදිසියේ විවාහයට තිත තියනවා.
අධික ලෙස මෙයින් කම්පණයට පත්වෙන ඇය, කාලයක් මුලුගැන්විලා ඉඳලා එක සැරේම තීරණය කරනවා තමන් මධුසමය ගත කරන්න සැලසුම් කල ගමන තනියම හරි යන්න. කොහෙ ගියත් තමන්ගෙ මල්ලි එක්ක යන කංගනා පියාගෙන් අවසර ඉල්ලන්නෙ මේ ගමන තනියම යන්න. ඇගේ මානසික තත්වය ගැන හිතලා පියා ඇයට අවසර දෙනවා.
මධුසමය ගතකරන්න පැරීසියේ ඒ වෙනුවෙන් කලින්ම වෙන් කල හෝටලේ කාමරයට ඇය තනියම යනවා. එහිදී හෝටලයේ කාර්යමණ්ඩලයේ විජයලක්ශිමි නොහොත් විජේ නම් සුරූපී යුවතියක් ඇයට පැරිස් ජීවිතේට හුරුවෙන්න උපකාර කරනවා. ඇය අතිශය සරාගී කාන්තාවක්. මත්පැන්, club, පිරිමි, සහ සරාගී ඇඳුම් විලාසිතා ඇයව බැලූ බැල්මට අපොයි කියලා හිතෙන තරම් ටිකක් සදාචාරයක් නැති කෙනෙක් වගෙ පෙණුනට ඇය සුන්දර හදවතක් හිමි ගැහැණියක්. පොඩි පුතෙකුට මවක්.
පෙම්වතා නිසා විජේ කියන නම වේදනාවක් වුණ ඇයට, විජේ කියන මේ කාන්තාව නිසා.. විජේ කියන නමින් ම නව ජීවයක්... අභියෝග භාරගන්න ශක්තියක් එක්ක සුන්දර මතක ගොඩක් එකතු වෙනවා.
විජේ රාණි එක්ක shopping කරන්න ගිය වෙලාවක විජේ තෝරලා දුන්න ඇඳුමක් ඇඳලා fiton room එකේදි පින්තූරයක් ගහලා රාණි තමන්ගෙ හැර ගිය පෙම්වතාට යවනවා. මේ වෙනස් ඡායාරූපය පෙම්වතාගෙ හිත කොච්චර සෙලවූවාද කිව්වොත් ඔහු ඇයව හොයාගෙන පැරිසියට එනවා.
මේ අතර පැරිසියේදි ඇය විවිධ අකරතැබ්බි වලට මුහුණ දෙනවා. හැබැයි ඇගේ සුන්දර ඉන්ඳියානු ගති පැවතුම් නිසා පැරිස් ජනතාව ඇයට ආකර්ශනය වෙනවා. ඇය සැනෙකින් මිතුරන් ඇති කරගන්නවා. පැරිස් ජීවිතේට හුරු වෙනවා.
.
විජේ නම් තරුණිය ඇයව Amsterdam වල ඇවිදින්න තනියම පිටත් කර හරින්නෙ ඇයට තනියම දැන් මේ ජීවිතේ handle කරගන්න පුලුවන් කියන විශ්වාසය තදින් ඇති කරවලා.
.
Amsterdam වලදි ඇයට නවතින්න තනි කාමරයක් වෙනුවට ලැබෙන්නෙ පිරිමි ළමුන් තුන්දෙනෙක් ඉන්න hostel එකක්. මුලදි නුරුස්සන ගතියක් තිබ්බත් මේ තරුණයො තුන්දෙනා පසුව ඇයට තමන්ගෙම සහෝදරයෝ තරම් සමීප වෙනවා.
.
මේ අතර පෙම්වතා මොන තරම් රාණිව මුණගැහෙන්න උත්සහ කලත් රාණි එය ප්රතික්ෂේප කරනවා. දවසක් ඇගේ roommates ලා 3 දෙනා එක්ක පාරෙ යද්දි අහම්බෙන් පෙම්වතා ඇයව දකිනවා. පෙම්වතා දකිනවා ඇය පැරිසියට ඇවිත් සම්පූර්ණයෙන් වෙනස් වෙලා කියලා.
පෙම්වතා ඉල්ලීමක් කරනවා නැවත ඔහු ළඟට එන්න කියලා. ඒත් ඇය එය දිල්ලියට ගිහාම බලමු, දැන් මට roommates ලා එක්ක Rock Show එකක් බලන්න තියෙනවා කියලා පිටත් වෙනවා. Show එක අතරදි මේ roommates ලා තුන්දෙනාටත් flight එකට වෙලාව හරි නිසා show එක අතරමග ඇයගෙන් සමුගෙන යන්න වෙනවා. ඇය මෙතනදි තරමක් කම්පා වුණත්... සැනෙකින් හිත හදාගෙන දිගටම show එක enjoy කරනවා.
එපමණක් නෙවේ, ඉන්දියාවට ගිහිං airport එකේ ඉඳන් ගෙදර යන අතර මග තම පෙම්වතාගෙ නිවසට ගිහිං, මංගල මුද්ද නැවත ඔහුට දීලා ඔහුට ස්තූති කරලා ඔහුගෙන් වෙන්වෙලා යන්න යනවා.
ඇය ස්තුති කරන්නෙ ඔහු ඇයව ප්රතික්ෂේප කර සිටි දින ගණන තුළ ඇය ඇය ගැනම බොහෝ දේ ඉගෙන ගන්නවා. ඇය ආසාවෙන් හිටියත් පෙම්වතා හෝ සමාජය සංස්කෘතිය ගැන හිතලා ඇය නොකර සිටි සියල්ල ඇය කිසි තහනමක් නැතුව ක්රියාත්මක කරනවා. අම්මලා තනියම කොහෙවත් යැව්වෙ නැති ඇය තනියම සියලුම දේවල් කරන්න ඉගෙන ගන්නවා. ඒ දින ටික ඇයට නොලැබුණා නම්... ඇයට සිද්ධ වෙන්නෙ... ගෙදරට වෙලා හැමෝටම හිස නවාගෙන සිරගත වෙලා ඉන්න.
මේ කතාව ඇතුලෙ breakup එකකින් ගොඩ එන්න හරි සියුම් පාරක් පෙන්වනවා. ඒ කරන දේවල් සියල්ල අනුමත කරන්න බෑ. අපෙ සංස්කෘතියට ඒවා හරි යන්නෙ නෑනෙ. ඒ වගේමයි සමහර බැඳීම් අහිමි වෙන්නෙ හොඳට කියන දේ මොනවට තේරුම් යනවා මේ කතාව බැලුවාම.
ජීවිතේදි පමණට වඩා සමහර දේවල් වලට අපි වටිනාකමක් දුන්නම අපි ඒ මවාගත්ත වටිනාකමට යට වෙනවා. ඒ උවමනා අස්සෙ කොටුවෙනවා. අපිටම ඕන වුණත් පස්සෙ ඒ කොටුවෙන් එළියට එන්න බෑ.
සමහර ආශ්රයන් නිසා පුලුවන් දේවල් බෑ කියලා හිතෙනවා... බෑ කියලා හිතවනවා... කංගනා අන්තිමට රැජිණක් විදිහටම කතාව අවසානයේ තම මානසික පීඩනයෙන් එළියට එනවා 😍 මේ කියනවට වඩා චිත්රපටය රසවත් 💛 පුලුවන් වෙලාවක බලන්න 💛