අපි ඇස් හා
පටක දන් දෙන්න හරියටම Online Register වෙන්නේ කොහොමද?
https://htb.mobitel.lk/ 👈👈👈 මේක තමයි Online
Register වෙන Link
එක.
ඒත් ගොඩක් අයට
මේකෙන් Register වුණාම සහතිකේ PDF
එක එවෙලෙම ගන්න බැරි
වෙනවා! මොකක් හෝ තාක්ෂණික ගැටලුවක් නිසා එහෙම වුණත් පළවෙනි පාර හරියටම මේ Form
එක මේ විදියටම
පිරෙව්වොත් එවෙලෙම Certificate එකේ PDF
එක ගන්න පුලුවන්.
👇එවෙලෙම ගන්න බැරි වුණ අයටත් පසුව සහතිකේ
ගන්න ක්‍රමේ මම අවසානයට 7 වෙනි අංකය
යටතේ දාලා තියෙනවා! 😊
1. විශේෂම දේ තමා
ඔබ මේ සඳහා Laptop හෝ Desktop
පරිගණකයක් පාවිච්චි
කරන එක වඩා සුදුසුයි! ජංගම දුරකථනයකින් මේ වැඩේ අපහසුයි!
2. ඔබ පරිගණකයේ Notepad
එකක හෝ Word
Document එකක හරියටම මේ
විස්තර ඉස්සෙල්ලා Type කරන් ඉන්න.
Name (නම් දෙකක් වගේ
දැම්මොත් සහතිකයේ ඉඩට ප්‍රමාණවත්)
NIC
Mobile (මේ අංකයට තමා
සියලුම විස්තර ලැබෙන්නෙ. එක අංකෙන් එක දායකයයි රෙජිස්ටර් කරන්න පුලුවන්. ඒ අංකය
දීර්ඝ කාලීනව තමන් ළඟ රැඳෙන තමන්ගෙම අංකයක් විය යුතුයි)
Gender
Address
Date of Birth (මාසය
/දිනය/අවුරුද්ද යන පිළිවෙලට)
District
Nominee (සාක්ෂිකරුගේ
නම සහතිකයට වැටෙනවා, ඒ නිසා හොඳට
හිතලා බලලා දීර්ඝ කාලීනව ළඟ රැඳෙන සුදුසු කෙනෙක් දාන්න)
Nominee-Mobile
*Type (Eyes/Tissues/ Eyes & Tissues) මේක ටයිප් කරන්න අවශ්‍ය නෑ Form එකේ තෝරන්න පුලුවන් ඔබ
දන් දෙන්නෙ ඇස්/පටක හෝ ඒ දෙකමද කියලා.
3. දැන් ඔබ ළඟ
විස්තර සියල්ල තියෙනවා Type කරලා. ඊළඟට
හොඳට අන්තර්ජාල සබඳතාවට සිග්නල් ලැබෙන තැනක පරිගණකය තියාගෙන https://htb.mobitel.lk/
මේ ලින්ක් එකට ගිහින් New
Donor කියන Button එක ඔබලා පත්‍රිකාව Load
වුණාම පත්‍රිකාව
පුරවන්න පටන් ගන්න. එකින් එක අර කලින් ටයිප් කරගත්ත Notepad එකෙන් Copy කරලා Paste කරන්න. විනාඩි දෙක
තුනෙන් මේක සම්පූර්ණ කරලා Submit කරන්න ඕන.
4. හැබැයි මතක
තියාගන්න..... සේරම පුරවලා ඉවර වෙලා හරිද බලලා අන්තිමටම තමා Phone Number එක සහ ID
Number පුරවන්න ඕන.
මොකද, මේ දෙකම ටයිප්
වෙලා තියෙද්දි එක පාරක් හරි වැරදිලා Enter වෙලා පත්‍රිකාව සම්පූර්ණ වෙන්න කලින් Submit
වුණොත් ආය ඔයාට ඒ එක Number
1ක් වත් නැවත Online
Register වෙන්න
පාවිච්චි කරන්න බෑ, කලින් Register
වෙලා ඉන්නෙ කියලා
වැටෙනවා! මොකද මේ Form එකේ දායකයෙක්
විදිහට ඔබව හඳුන ගන්න Unique Values (අනන්‍ය අගයන්)දෙක තමා ඒ. එක වගේ නම් ගොඩක් තිබුණත් ID
Number එකත් Phone
Number එකත් තියෙන්නෙ
එක් පුද්ගලයෙක් නමට පමණයි. ඒ නිසා සේරම හරිද බලලා අන්තිමට ඒ දෙක පිරෙව්වම මගදි
වැරදුණත් අවුලක් නෑ.
5. දැන් සේරම
පුරවලා ඉවරයි. කලින් ටයිප් කරන් හිටිය නිසා විනාඩි 2න් 3න් පුරවන්න පුලුවන්.දැන් Submit කියන Button එක මත Click කරන්න ඕන!
6. ඒ ගමන්ම තප්පර
3ක් 4ක් ඇතුලත වෙනම Tab
එකක් Open වෙලා හෝ ඔබ දැන් ටයිප්
කර කර හිටපු තිරයම සුදු පාට වෙලා වම් පැත්තේ පහත අයිනේ පෙන්නයි Downloading
Certificate කියලා. එතන Certificate
එකේ PDF එක Download වෙලා ඉවර වෙනකල් ඉඳලා
ඒක පරිස්සමට Save කරගෙන
තියාගන්න. ඒ PDF එකේ Print
Out එකක් ගත්තම හරි! මෙන්න
මේ කරුණ සම්පූර්ණ වෙන්නෙ පරිගණකයෙන් මේ වැඩේ කලොත් තමා. ජංගම දුරකථනයක් භාවිතා
කලොත් මේ PDF එක Download
වෙන වැඩේ එවෙලෙම සිද්ධ
වෙන්නෙ කලාතුරකින්.
7. හරි දැන් මේ
විදිහටම කරලත් සහතිකේ ආවේ නැතිනම් මොකද කරන්නෙ? 🤔
පහසුයි! 👌
A. +94719366060 මේ අංකයට
සතියෙ දිනක උදේ 9.00ත් හවස 4.00 ත් අතර Eye
donation certificate එකේ pdf
එක ලබා දෙන්න කියලා
ඔයාගෙ register number එකයි ID
number එකයි whatsapp
කරන්න 😊🙏 එයාල PDF එක whatsapp කරයි. ඒක download
කරලා printout එකක් ගත්තා නම් හරි. 😊
B. Whatsapp වැඩේ 90% ක්ම හරියනවා. එහෙම
නොවුණොත් tissuebanksl@gmail.com කියන email එකට register number එකයි ID number එකයි යවලා PDF එක email හරහා ගෙන්න ගන්න!
C. ඒ ක්‍රම දෙකම
අසාර්ථක වුණොත් පමණක් 112 698 040 මේ Number එකට call කරලා දැනුම් දෙන්න Register වුණා Certificate එක download වුණේ නෑ email කරන්න පුලුවන්ද කියලා 😊 එතකොට Form එක පුරවන වෙලාවෙදි
දාපු ID number එක phone
number එක email
එක වගේ ඉල්ලන විස්තර
දෙන්න. ඊට පස්සෙ අවදානෙන් ඉන්න දවසකින් දෙකකින් Certificate එකේ pdf එකක් email කරයි. ඒක download
කරලා printout එකක් ගත්තා නම් හරි. 😊
මට මුලින්ම
මගේ සහතිකේ ගන්න අපහසු වුණා. හරි අමාරුවෙන් ගෙන්න ගත්තෙ. ඒත් ඊට පස්සේ මේ ක්‍රමය
දැනගත්ත නිසා යාලුවො නෑදෑයො 20 දෙනෙක්ට විතර
මම සහතිකේ හරියට අරන් දුන්නා. ඒ වගේමයි ඔබේ තොරතුරු නොදන්න අයට දීලා පුරවගන්න එපා
දන්න හඳුනන කෙනෙක්ට පමණක් පුද්ගලික තොරතුරු ලබා දෙන්න!
මේ මම
පුද්ගලික අත්දැකීමෙන් ලිව්ව විස්තරයක්. මේ තොරතුරු වල වැරදි අඩු පාඩු තියෙනවා නම්
මාව දැනුවත් කරන්න.
තෙරුවන්
සරණයි! 😊🙏