
ඔවුනට නැති මටත් නොමැති,
දෙදහස් පන්සිය ගණනක්,
ඉවත් කලත් මූණූ පොතෙන්,
ඉතිරියි තව පන්සියයක්...

.
කාර් පූසෝ මල් නළු නිළි,
මූණූ අතරෙ අමාරුවෙන්,
සොයා බලා ඉතිරි කළෙමි,
දැකලා පුරුදු මුහූණු ටිකක්...

.
දැකලා නැතත් මුණු මෙතෙක්,
ගස් වල වුව දුටු හොඳ හිත,
ඉබේ අතින් ඉතිරි වුණා,
මටත් නොකියා සුපුරුදු ලෙස...

.
හදීසියට දන්න ඈයො,
යන්නත් ඇති මග හැරිලා,
දැන් ඇති නොවැ අපි වයසයි,
උන් සොයාවි තවත් කෙනෙක්...
