Pages

Thursday, March 31, 2022

අපි දඟයා ගැන හිතං හිටියා වැරදී ! වත්තට එන වස්සා!

 

😁 අපි දඟයා ගැන හිතං හිටියා වැරදී 😁 ඒක ලෙඩක් නෙවේ උගෙ හැටියි කියන්නෙ මේ 😁🤣
එහා වත්තෙ ධර්මෙගෙ හරක් පැටියා... ඌට තියෙන්නෙ මාර දහංගලයක්. ඒ නිසාම ධර්මෙ ඌට මොන නම කිව්වත් අපි ඌට නම දැම්මෙ දඟයා කියලා. තද දුඹුරු පාටයි.
දවසක් මං බලද්දි බල්ලෙක් දුවනවා වගේ උඩ පැන පැන නියර උඩින් දුවනවා කුරුල්ලො පස්සෙ. බය නැතුව අපි ළඟටම එනවා. ගඟ වැරැල්ල වැට කපන්න වත්තෙ වැඩට ආව මනුස්සයා ළඟට ගිහිං කොලොප්පම් කරනවා. බලු පැටව් වගේ හුරතල් වෙන්න හදනවා 😁🤣 ඒ මනුස්සයා කෝටුවක් පෙන්නලා පන්නන්න හැදුවත් ආය එනවා.
පහුගිය කාලෙම වතුර නැති නිසා වතුර බොන්න එන්නෙ අපෙ ටැප් එක ළඟට. සෝ... සො+ සො+ සො+ සෝ.... සො+ සො+ සො කියලා වතුර බාල්දියක් විතර එක උගුරට ඇදලා දාලා නිකං යන්නෙ නෑ. කුරුල්ලන්නට කෑම දාන ලෑල්ලෙ එල්ලිලා ඒකෙ තියෙන පාං කාලා ලෑල්ල කඩලා හොඳ පැල වල ගෑවිලා ඇඟ කහන්න ගිහින් ඒවත් කඩලා අන්තිමට ආහාර වල අවසාන ඵලය තෑග්ගක් විදිහට දාලා යන්නෙ ලස්සනට කපපු තණකොල පිට්ටනිය මැදටම ඇවිත්.

https://fb.watch/cR0D17Egt5/ - මේ වීඩියෝවෙන් මතක් වුනේ දඟයව!