
මිත්රයා...
ඔබ දැන් වත්
සොයා යා යුතුයි
ඔබේ ප්රේමණීය ආත්මය...
නොඑසේනම්...
ඔබ,
මේ...
සදාකාලික මිත්රත්වය ළඟ,
නතර විය යුතුයි !!!
මා සන්තකයේ,
නුඹට දෙන්නට නැති ම දෙයයි,
ප්රේමය... 

.
© Vilochana Abeykoon
මා අදහස් කල අර්ථය -
තමන් ආදරේ කරන පිරිමියා තුළ තමන්ගෙ Crush එක, Love එක, සහෝදරයා, හොඳම යාලුවා සහ සැමියා යන සියලුම චරිත අත්විඳින කාන්තාවක්... එක මොහොතකදි ඒ පිරිමියාගෙ හොඳම යෙහෙලියගෙ ඇහෙන් ඔහු දෙස බලලා ඔහුට පහදලා දෙන්න උත්සහ කරනවා, මේ ලෝකය තුළ ඔහුට තවත් ප්රේමය උරුම විය යුතු බව.
ඇය විශ්වාස කරනවා ඒ උතුම් මිනිසාට මේ ලොවේ දී උරුම විය යුතු ප්රේමයට සාපේක්ශව තමන් ඔහුට දෙන ප්රේමය ගිණිය නොහැකි තරම් අඩුයි කියලා. ඇයට ඔහු කෙරේ කොච්චර ආදරේ කලත් ප්රමාණවත් නෑ. ඒකයි එයා දෙන්න තමන් සන්තකයේ නැතිම දේ ප්රේමය කියලා කියන්නෙ. දෙන්න තියෙන ප්රේමය සියල්ල ඔහුට දී අවසන් නිසා... 

.
පෙම්වතිය විදිහට සියල්ලම දුන්න කාන්තාවට, යෙහෙලියක් විදිහට ඉටු කරන්න කාර්යභාරයක් ඉතිරි වෙලා තියෙනවා. ඔවුන් අතර බොහොම ශක්තිමත් මිත්රත්වයක් තියෙනවා. සමහර විට ප්රේමයෙන් නොවිසඳෙන කරුණු ඔවුන් විසඳගන්නෙ යාලුවො විදිහට කතා කරලා. අර ප්රේමයට වඩා මිත්රත්වයේදී ඒ නිසා සදාකාලික ඉඩක් තමන් ගාව තියෙන බව ඇය කියනවා.
යාලුකම ඒ තරම් ප්රභලයි ... එකම මනස තුළ චරිත කීපයක් පමණයි. පුද්ගලයින් කීපයක් ගැන නොව!