Pages

Monday, May 9, 2016

වැසි බරව සිත ගිගුම් දුන්නා


වැසි බරව සිත ගිගුම් දුන්නා,
නැවුම් සුවඳක් හදට දැණුනා,
මල් ද වරුසා ලෙසින් ගිලිහිය,
නුඹව දුටු ඒ මුල් සැනේ...
.
අව් රැසින් වූ රිදුම් නිවුණා,
සෙනග අතරේ නුඹම දැණුනා,
පළමු බැල්මට එහා බැල්මක්,
යදින්නැති යටි හිත් කොනේ...
.
නිවුන හසරැල් නිවුන වදනින්,
නිවී යෙන්නට පෙරුම් පිරුවා,
හැරෙන්නත් වූ අනවකාශෙක,
රඟන්නැති මම නුඹ වටේ...
.
කොහෙන්දෝ ආ කඳුලු බිඳුවක,
ගිලී සිනහව නෙතු පියෙව්වා,
තත්පරක දුටු සොඳුරු සිහිනෙට,
මියෙන්නට විය සිතු සැනේ...
.
෴. විලෝචනා .෴

සිනා ගෙන දුර යන්න

ගත සිඹින නල රැල්ල
හොරෙන් තුරුලට වෙන්න
කොහෙන්දෝ සොරා ගත්
උණුහුමක් මට දෙන්න
.
නෙතු අගට කඳුලක්ව
වැටෙන්නට පෙරාතුව
සිනා දුන් සිහිනයට
යලි වරක් ගෙන යන්න
.
කඳුලටම හුරු හිතට
සිනා අරුමයක්මය
කල් ගතව ටිකෙන් ටික
සිනා ගෙන දුර යන්න