
.
රෝස පෙති තෙත් හීන් දිගැටිය,
සයක් අඩි සුදු හැඩැති සිරුරය,
දෙව් ලොවින් බට සුර කුමරුවනි,
කිම්ද තට මනු ලෝ සැපා...
.
සඳේ රිදිමුව ලියවැලක සිරි,
මැදිව දිලෙනා තරු යුගල් සරි,
නයන යුග මා සසල කල,
උවනට උවම් මිහිපිට නැතා...
.
අසුර නිර්දය නුඹව පෙලුමට,
සත්වනක් පර්වත හෙලූවද,
මහාමෙරුවත් වසා මතුවූ,
පෙම් කඳක් නුඹ සුරකිනා...
.
පියනු නෙතු නිදි මරත් ම නයන,
වෙමින් හිප් කඩු රකිත් තුන් යම,
නුඹට නුඹවත් නොමැති මොහොතක,
ඇදෙමි සෙංකඩගල ඉරා...
.
දහස් බල පිරි දෙයත් යුග මත,
මටත් මා බර නොදී ඉසිලුව,
විඳත් බෝ දුක් වෙහෙස පැහැරිය,
නුඹට දිවියම වෙමි කැපා...
.


No comments:
Post a Comment
leave your comment here...