
ඉකි ගසා හඬන එක්
මූසලම මැදියමක,
මාරයට වෙර බඳිමි
නුඹෙ හුස්ම ගත් සෙයින්...
.
බුර බුරා නැගෙන දුක්
වේදනා දරාගෙන,
මාරයට පෙම් බඳිමි
මට කෙරූ ඇරයුමෙන්...
.
කිසා ගෝතමිය සෙවු
නොමළ ගෙයි අබ මිටම,
සොයා යනු සිතෙයි මට
යළිඳු පණ ගනු රිසින්...
.
අප්පච්චිගේ හුස්ම
නොසිතු විට ගත් මරුට,
පෙනේ නම් මෙ හිස් දිවි
ගණු ඔහුට පණ දෙමින් ...
.
...:::විලෝචනා:::...