සුරතල් වදන් ඔබේ
පිනවා මගේ සවන් සුසුමෙන් තෙමෙයි ඔබේ වෙව්ලා මගේ ලවන් මුල් හාදුවෙන් ඔබේ හඬවා මගේ නුවන් උන්නා ළඟින් ඔබේ පපුවට තුරුල් කරන් හැම තැන මැවෙයි ඔබේ රුව සම වෙලා උවන් සිහිනයෙ පවා ඔබේ හඬ මා සින්න කරන් උමතුව වෙලා ඔබේ මාවත් උමතු කරන් මට නොදැනීම ඔබේ නෙතු එයි මාව සොයන් අමතක කරන් ඔබේ මත් බර තුසර නුවන් කොයිබට යම්ද ඔබේ සුවඳට වෛර බැඳන් මතු භවයකදි ඔබේ වන්නත් නොමැත වරම් පිදු තැන මතුත් ඔබේ සිත පිරිසිදුව තියන් |