දිනක් දෙදිනක් පැත්තෙ නොගියොත් කැලෑ වෙනවා වලව්ව 

විළුඹ පහුකර තණකොලත් උස වැඩී පොහොරට දිරව්ව 

ඉදල් කතුරුද තල මැශින් අත් පුපුරු යයි මල ඉලව්ව 

සුන්දරයි මුත් නඩත්තුව ගැන කිසිවෙකුට නෑ නිනව්ව 

.
විලෝචනා අබේකෝන්
ගැටලු ප්රශ්න කම්කටොලු වල ජීවත් වෙලා සෑහෙන කලක් ගත වුණත්... ඇතැමුන්ට ඒ තත්වයෙන් ගොඩ එන්න අපහසුයි... එක අතකින් මිනිස්සු දුකට, ප්රශ්න වලට ආස කරනවා... වේදනාව රසයක්... ඔවුන්ට ඒ වේදනාවෙන් මිදිලා සතුටින් ඉන්න පුරුදු නෑ... හුරුවෙලා ඉන්නෙ දුක කියන රසයට... ඉතිං ප්රශ්න දුක් නැතත්... ප්රශ්න හොයාගෙන දුක් වෙනවා නිකරුණේ...