Pages

Saturday, February 27, 2016

ප්‍රබෝධය - ජී. තිලකාවති, දුම්මලදෙණිය.


පිළිගන්න මිනිස්කම රැකදෙන දහමක් 
සිනාසෙන්න සමච්චලයට නොව අංවක හදවතින් 
කරන්න අවශ්‍ය හොඳ දේ පමණක් 
කියන්න කේලාම් හා ඕපදූප නොවන දේ 
ඉන්න කිසිවිටෙක කිසි කෙනෙකුට කරදරයක් නොවන ලෙසින් 
ලියන්න දැනුමත් වින්දනයත් ලබාගත හැකි නිර්මාණයක් 
කරන්න තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක් 
ඉතිරි කරන්න ටිකින් ටික – ශතෙන් ශත අනාගතය වෙනුවෙන් 
ඉදගන්න තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින් 
ඈත්වෙන්න වැරදි හා පාප කි්‍රයාවලින් 
රකින්න ආත්මගරුත්වය දිවි නොදෙවෙනි කොට 
මැරෙන්න ලොව තුළ යහපත් මෙහෙවරක් ඉටු කළ සැබෑ උතුම් මිනිසෙකු ලෙසින් 
.
ජී. තිලකාවති, දුම්මලදෙණිය.
ප්‍රබෝධය