Pages

Thursday, November 13, 2014

...:::ළඳුනේ :::...

ඔහු මගේ කිසිවෙකුත් නොවේ ...
මට වඩා ඔහු දන්නා දකිනා නුඹලා ...
පුන පුනා කුහුලෙන් විමසන දේ
අරුත් බර නොවේ ...
මූණු පොතේ,
දුරකතනේ ,
විටින් විට නද දිදී ...
අසන එකම පැනයට පිළිතුර මම නොවේ ...
මා කිසිවකුගේ නොවේ ...
මම ඔබේ පුරාණේ සිහින කුමරාගේ
වත්මන් සිහින කුමරිය නොවේ ...