Pages

Sunday, January 8, 2017

නුඹ හැර ගොසින් තෙමසක් විය නොදැනීම!

':( නුඹ හැර ගොසින් තෙමසක් විය නොදැනීම!
.
පිරිතකි පිරිත් නූලෙන් වට දන රැසකි...
සවසකි සකි නිවස  පිය තුම නැති දිනකි...
තෙමසකි සියවසකි හෝරා කිහිපයකි... 
දවසකි නුඹව සැම මතකෙට ගත් රැයකි...
.
නුඹ හැර ගොසින් බැව් නාඳුනනා සිතට...
නුඹ යලි නොඑන බැව් පිළි නොමගත් සිතට...
කොයි හරි නුඹ ඇතැයි අදහන මේ සිතට...
නුඹ නැති අඩුව මිස අන් සිතුමක් කුමට...
.
නුඹෙ රූ පුරා ඇයි මේ සුදු මල් මාලා...
නුඹ නැති තැනක ඇයි නුඹෙ ගුණ කවි මාලා...
යන්නට ගියත් තෙමසට පෙර මා හැරලා...
නුඹ ඇති හිතේ සුපුරුදු සිනහව පාලා...'


.
පිරිතකි පිරිත් නූලෙන් වට දන රැසකි...
සවසකි සකි නිවස පිය තුම නැති දිනකි...
තෙමසකි සියවසකි හෝරා කිහිපයකි...
දවසකි නුඹව සැම මතකෙට ගත් රැයකි...
.
නුඹ හැර ගොසින් බැව් නාඳුනනා සිතට...
නුඹ යලි නොඑන බැව් පිළි නොමගත් සිතට...
කොයි හරි නුඹ ඇතැයි අදහන මේ සිතට...
නුඹ නැති අඩුව මිස අන් සිතුමක් කුමට...
.
නුඹෙ රූ පුරා ඇයි මේ සුදු මල් මාලා...
නුඹ නැති තැනක ඇයි නුඹෙ ගුණ කවි මාලා...
යන්නට ගියත් තෙමසට පෙර මා හැරලා...
නුඹ ඇති හිතේ සුපුරුදු සිනහව පාලා...