කෙලි වදන් නුඹෙ මුතු සිනා මුදු පහස රහසේ සඟවලා ... කොහොම ඉන්නද කල්පයක් වන් දිවිය දින දින ගැට ගසා ... උණුහුමට සිසිලසට සිටි සඳ ගිලන් නොවනුය මෙය අසා ... සසරෙ මතු මතු නුඹෙම වන්නට පතමි හද ගැහෙනා තුරා ... . ගෙවුණු කාලය නුඹේ තුරුලේ යලිදු හිමි වෙන්නට පතා ... එන්න යන්නට වෙහෙර වෙහෙරක් ගානෙ නිල් මල් පුද පුදා ... දකින දකිනා බුදු රුවක් පාසාම නුඹටම සෙත් පතා ... පින් කරන්නම් රත්තරන් මතු භවේ නුඹෙ වෙන්නම කියා ... . ආදරෙයි මගෙ රත්තරන් මම මගේ පණ කෙන්දට වඩා ... කොහොම ඉන්නද සිතා ගන්නත් බැරිව හද මගෙ ගොලු වෙලා ... මගෙත් නුඹගෙත් කඳුලු අප්පච්චිගෙ සිනාවට යට වෙලා ... ඉවසගමු දුක රත්තරන් ඒ හිනාවෙම හැඩ බල බලා ... |
Monday, March 2, 2015
...::: ගොළු :::...
Subscribe to:
Posts (Atom)