Pages

Tuesday, January 21, 2020

❤️ "හයිකු කවිය" ❤️

රෙංකුවක,
හොක්කුවක් සේ දිසි මුත්,
කිරෙජි, ඔන්, කිගො,
තෙයිකෙයි නීති පරදා,
ජියුරිත්සු හැඩයෙන්,
එක් සොඳුරු සන්ධ්යාවක,
මා සිත ඒකාග්ර කරවමින්,
අනිච්ඡානුගවම ලියවුණු...
"හයිකු කවියකි"
❤️ නුඹ ❤️
.
© විලෝචනා අබේකෝන්