Tuesday, June 4, 2019
...::: කෙල්ල :::...
![]() | ![]() |
.
මුදු අත් දෙපා හිස තාලෙට සොලවන්නී
මං සොය සොයා උඩු මහලට පිය මැන්නී
තුරුලට ගත් සැනින් රස්නෙට දොයියන්නී
මෙච්චර ආදරේ ඇයි පුංචිට දෝණී
.
මං නැති දාට වුව මා දැකගනුව නියා
ඇය විත් බලයි කුටියේ ඉන්නවද කියා
මං නැති වුණත් උපාධි පින්තූරෙ සොයා
සතුටින් ඉපිලේවී ඈ මල් හතයි කියා
.
අද මං වැඩ කන්දෙ හිරවී ඉවත බලා
ඇය ආ නමුත් හිටියෙමි තුරුලකට නොලා
ගියමුත් දොරෙන් එළියට ඈ නිහඬ වෙලා
හැඬුවා පෙරළි පෙරළී බෝ කඳුලු සලා
.
සැනකින් දිව ගියෙමි ඇය තුරුලට ගනුව
ගත් සැනෙකින්ම දෑතින් බැදුවා මාව
අර දුක් කඳුලු කොහෙන් ගියාවද ඉනුව
මේ උණුහුමද ඔසු පැන නුඹෙ දුක නිව්ව
.
© විලෝචනා අබේකෝන්
Subscribe to:
Posts (Atom)