Pages

Sunday, May 30, 2021

දිය රොටී / පාන් පිටි තෝසෙ කමුද?

 

💛 අම්මි මේ මොනවද මේ ? 🤔
.
ඇයි චූටි දුව කාලා නැද්ද මෙහෙම? 😂
.
නෑනෙ. 🙄
.
මේ පාන්පිටි තෝසේ 🤦😂😁
.
උඳු රසට මං වැඩි ආසාවක් නෑ. ඒ නිසා තෝසෙ කන්නෙ හරිම අඩුවෙන්. ඒත් තෝසෙ වගේ තියෙන මේ කෑමට නම් මට කැමැත්තක් ඇති වුණා 😍 ඒ දවස් වල මං කැම්පස් ඉන්න කාලෙ නිවාඩුවකට ගෙදර ආවමයි අම්මි මේ පාන් පිටි තෝසෙ හදලා දුන්නෙ. විනාඩි 5න් හදාගන්න පුලුවන් රස කෑමක් 😍
.
පාන්පිටි වලට පිරිසිදු සීතල ජලය, ලුණු, දිය කල මාගරින් ස්වල්පයක් එකතු කරලා තෝසෙ වගේ උකු මිශ්රණයක් හදාගන්න ඕන. අවශ්ය නම් බී ලූණු, වියලි මිරිස් ටිකක් බැදලා මේ මිශ්රණයට තෙල් එක්කම කලවම් කලොත් තෝසෙ වගේම ගතියක් ගන්න පුලුවන් 😍 වතුර වෙනුවට පොල් කිරි දාන්න පුලුවන් ඒකෙන් රසය වැඩිවෙනව. හැබැයි pan එකෙන් ගලවන්න අමාරු වෙන්න පුලුවන්.
ටික ටික අරන් ගාණට රත් කල Non - stick Pan එකක සාමාන්ය ක්රමයට අතුරලා ටික වෙලාවක් තියන කොට තෝසෙ වගේ හොඳට හැදිලා එනවා. සාමාන්ය රස්නෙක දෙපැත්තෙ දාලා අවශ්ය පමණට කර වුණාම මොනවම හරි හොද්දක් එක්ක කන්න පුලුවන් හොඳට 😍
.
කැම්පස් ගිය කාලෙ හදිසියට බඩගිණි ආවම කන්න මොකුත්ම නොතිබුණ වෙලාවට පොඩි curry එකක් එක්ක කෑවා. දන්නවනෙ ඒ කාලෙ නම් ඒ වගේ ක්ෂණිකව හදාගන්න පුලුවන් කෑම ගොඩක් වටිනවා. හදිසි බඩගින්නට කියාපු කෑමක්. අම්මි තමා හදන විදිහ කියලා දුන්නෙ. 😍 අදටත් හදිසි බඩගින්නක් නම් හදාගන්න දෙපාරක් හිතන්නෙනෑ. මේක මං නැන්දම්මටත් හදන විදිහ කියලා දුන්නා 😁
.
මේ තෝසෙ එකම ඔයාලට ශවර්මා එකක් හදාගන්නත් පාවිච්චි කරන්න පුලුවන්.
Ma's Kitchen Pasta Sauce
Edinborough Thousand Island Salad Dressing
Edinborough Tomato Ketchup
Highland Butter
Richlife Cheese spread
ලූණු, බෙල්පෙපර්, ගෝවා, සලාද කොල (තම්බපු Sweet Corn, Button Mushroom අවශ්ය නම් පමණක්)
මේ එළවලු ඉහත සඳහන් නිෂ්පාදන වලින් අවශ්ය ප්රමාණයට එකතු කරලා මිශ්රණයක් හදාගෙන අර පාන්පිටි තෝසෙ එක මැද්දට පුරවලා තෝසෙ එක රෝල් කරලා ඔතලා (දිගඇරෙනවා නම් තාවකාලිකව toothpick එකක් ගහන්න පුලුවන් ) Non-stick pan එකක පොඩි වෙලාවක් තියලා හෝ Oven එකක විනාඩි කීපයක් bake කරගෙන රසවත් Shawarma එකක් සකස් කරගන්න පුලුවන්. (මේ මිශ්රණය Submarine එකක filling එකටත් හොඳයි 😍)
.
අපි Lacto-Vegetarian නිසා එළවලු සහ කිරි ආහාර පමණයි මෙතන සඳහන් කලේ. ආස ඕනම දෙයක් එක්ක මේ තිරිඟු පිටි තෝසේ එක ආහාරයට ගන්න පුලුවන්. ඔයාලත් Try කරලා බලන්න 😍
.
~ විලෝචනා ~
Chathura Danuska Bandara Konara, Niranjala Dilini Konara and 9 others

💛 මගුල් සාරිය

 

❤️
.
විවාහ මංගලෝත්සවය කියන්නෙ ඕනම යුවතියකගෙ හිතේ ඇඳෙන සුන්දර හීනයක්. එදාට තමන් ආසම විදිහට ලස්සනම විදිහට හැමදේම තියෙනවට යුවතියො කොයි තරම් උනන්දුද කිව්වොත් මංගල දිනය මුල් කරගෙන මොන තරම් ක්ෂේත්ර ඇතිවෙලා තියෙනවද කියලා දැකගන්න පුලුවන්නෙ. 😍 රූපලාවණ්යය, ඡායාරූපකරණය, හෝටල් ක්ශෙත්රය, මල් පෝරු ආදි සැරසිලි ක්ෂේත්රය, වෙඩින් කේක්, Cards වගේ හැම ව්යාපාරයක්ම ගොඩනැගෙන්නෙ මේ එක දවසක් ලස්සන කරන්නනෙ. 😍
.
Wedding Saree එකක් බලන්න කියලා මමයි විශ්වයි යනකොට, තිබුණ සාරි මොන තරම් බරද කියනවා නම් මටම හිතාගන්න බැරි වුණා මොකද දෙයියනේ කරන්නෙ කියලා. 😒🙄🤦 වැඩිය ඇඟට හිරට තදට බර ඇඳුම් අඳින්නෙ නැති මම කොහොම පැය ගාණක් මේ වගේ ඇඳුමක් ඇඳන් ඉන්නද කියලා හිතුණා 😁
💎 Stones අල්ලලා දිලිසි දිලිසි තියෙද්දි 💎💎💎 ගොඩක් ලස්සනයි තමයි. ඒත් ඒ නිසාම ඒකට එකතු වෙන්නෙ කිලෝ ගාණක බරක්.😒 ඔය සාරියෙ බර එක්ක මාල හතයි, ඔලුවට දාන බරයි එකතු වුණාම මංගල දිනය කියන්නෙ පීඩනයක් කියල හිතෙන තැනට මට දැනුනෙ ලොකු අපහසුතාවක්. මේක අනික් අයට වෙනස් වෙන්න පුලුවන් 😁 මං මේ සඳහන් කරන්නෙ මගේ අත්දැකීම.
ඒ වගේමයි ටිකක් පෙනුමට තියෙන මංගල සාරියක් සාමන්යයෙන් ආරම්භ වෙන්නෙ මිල 60,000/= න් වගේ. ඊට අඩුවෙන් සාරි තිබුණත් අපි බලාපොරොත්තු වන ලස්සන අඩුයි.
.
තමන්ගෙ wedding එකට ගන්න සාරි එක ගොඩක් ගෑණු ළමයි මතක සටහනක් විදිහට ළඟ තියාගන්නවා. කොච්චර ගාණක් දීලා ගත්තත් විකුණන්න කැමති නෑ. හැබැයි ගල් අල්ලලා සැරසිලි වැඩි නිසා ආය තමන්ටම මේ ඇඳුම කොහෙටවත් අඳින්න වෙන්නෙ නෑ 😒
.
ඉතිං මේ නිසාම මම හිතුවා ගල් අල්ලපු බර සාරියක් ගන්නවට වඩා රෙදි අරන් සැහැල්ලු සාරියක් මහගන්න එක හොඳයි කියලා. ඉතිං මම නුවර තිලකවර්ධන එකෙන් මේ material එකෙන් මීටර් 6ක් ගත්තා. කෝකටත් වැඩියෙන් ගත්තා. නැත්තං madeup එකකට 5ක් ඇති. 😊 Cut work එක තියෙන මේ සාරි Material එකෙන් මීටර් 6ක් සහ Line-in ආදී පොප්ලින්, raw -silk රෙදි ඔක්කොටමත් එක්ක මට වියදම් වුණේ 13,000/= ක් . සාරි එක මහන්න ගියේ 7000/= ක්. සම්පූර්ණ වියදම 20,000/= ක්.
ඉතිං වැඩිය සැරසිලි නැති නිසා මේ සාරිය ඕන නම් වෙන සාමාන්ය අවස්ථාවකට වුණත් අඳින්න පුලුවන්. 😍 ඉතිං wedding Saree එක මෙහෙමත් අඳින්න පුලුවන්නෙ. සල්ලි හොඳට වියදම් කරලා කරන්න පුලුවන් අයට මිල ගැටලුවක් නැති වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම එහෙම වියදම් කරන්න අමාරු අයට වුණත් මෙහෙම ඇන්ඳා කියලා ලස්සනින් නම් අඩුවක් නොවෙන බව ඔයාලට තේරුම් ගන්න පුලුවන්නෙ 😍
.
අදටත් මේ සාරිය දකිනකොට එන්නෙ හරිම පහන් හැඟීමක්. 💛 ඒ තරමට ඒ සාරිය චාම්😍 Wedding එකේ දේවල් යන රැල්ලටම කරන්න යනවට වඩා ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුලුවන් නම් ඒ දවස ජීවිතයේ ඔයාට ලස්සනම දවස කරගන්න පුලුවන් 💛
.
~ විලෝචනා අබේකෝන්~
You, Melaka Weerasinghe, Lilan Kavindu Nanayakkara and 153 others
26 Comments
15 Shares