Pages

Tuesday, May 26, 2015

...::: ආ මග :::...

ගිය මිනිසුන් මල මිනිසුන්
පපුව ගැහෙන මුත් මලවුන්
කියුම් කෙරුම් හැඬුම් දෙඩුම්
දිනු මුත් අහිමිවු පැසසුම්
.
පසුකර දුර ආ ගමනේ
ආ මග දෙස නෙතු යෙමුවිට
සතුටුයි නැති වූ දෑ ගැන
සතුටුයි නැති වූ උන් ගැන
.
නියාමයන් පරදනු බැරි
පව් පින් දැන් සමබර වී
බැරි නෑ මට වග කියන්ට
අද මට හිමි සැම දේටම
.
෴ ලෝචි ෴