😍 ඊයෙ වැස්ස නිසා පරිසරය හරිම ලස්සනයි. නිස්කලංකයි. කොළ පාට මතුවෙලා. පොඩි සීතල හුළඟකුත් හමනවා. පිච්ච පඳුරෙත් වෙනදට වඩා මල් පිපිලා තිබුණා. වෙනදා වගේම උදේම නැගිටලා මූණ කට හෝදලා මල් කඩලා පහන තියලා පන්සිල් සමාදන් වුණා.
.
පහන තියන්න කලින් පොඩ්ඩක් අවට අතුගාලා පිරිසිදු කලා. ඊයෙ වැස්ස වෙලේ Verandah එකේ තිබුණ පුටු ටික ගෙට ගත්තා තෙමෙන නිසා. 😊 හරිම සරළ දෙයක් හිතුණා ඒ වෙලාවෙ. වෙනදට පුටු ටිකයි carpet ටිකයි තියෙද්දි එහෙන් මෙහෙන් කොස්ස දදා අමාරුවෙන් අතුගාන වැරැන්ඩා එක අද පුටු ටික නැති හින්ඳා හරිම ලේසියෙන් ඉක්මණට අතුගෑවා. පුටු එහෙට මෙහෙට කරකර දඟලන්න අවශ්‍ය වුණේ නෑ...
.
මට හිතුණේ භාණ්ඩ අඩු වෙන තරමට ජීවිතේ කොච්චර පහසු වෙනවද, සැහැල්ලු වෙනවද කියලා. පිරිසිදු කරන්න කොච්චර පහසු වෙනවද? හිතන්නකො වැරැන්ඩා එකක් තිබ්බෙ නැත්තං පිරිසිදු කරන්න අවශ්‍යම නෑනෙ.
.
අපෙ සිතත් මේ වගේමයිනෙ. බැඳීම්, සිතිවිලි, ආසාවල්, ලෝබය, ද්වේශය, මෝහය, සැකය, දුක, ඊර්ශ්‍යාව වගේ දහසක් දේවල් හිතේපුරවන් ඉද්දි අපිට අවශ්‍ය වුණත් පහසුවෙන් සිත පිරිසිදු කරගන්න බෑනෙ. හිත එක තැනක විවේක කරලා තියාගන්න බෑනෙ. හිතෙන හිතෙන දේ පස්සෙ දුවනවා.
.
හොඳම දේ භෞතිකව පුද්ගලයින්ගෙන් සහ වස්තූන්ගෙන්, අනවශ්‍ය ලොකූ බලාපොරොත්තු වලින් දුරස් වෙලා අත්‍යාවශ්‍යම දේවල් පමණක් ළඟට අරන් පුලුවන් තරම සරල සැහැල්ලු ජීවිතයක් ගෙවන එකයි. එතකොට වගකීම් අඩුයි. ලෝකෙට පේන්න නෙවෙයි, ලෝකෙ තවත් අපි වගේම මනුස්සයෙක් හදපු නීතියකට අනුව නෙවේ, අපි අපිටම ආවේණික සරළ ක්‍රමයකට ජීවත් වෙනවා. තව කෙනෙක් කරන නිසා හෝ, තව කෙනෙක්ගෙන් නින්දාවට ලක් වෙයි කියලා බයෙන් නෙවෙයි, අපිට අවශ්‍යම දේවල් එක්ක යහපත් විදිහට හිටියම ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා.
.
භාහිර පරිසරයේ මේ ජාලයෙන් මිදුන කෙනෙක්ට අර මං කිව්ව දහසක් හැඟීම්, සිතිවිලි, බැඳීම් වලින් අවිවේකී වෙලා තියෙන හිත විවේක කරගන්න පුලුවන්! ඉක්මණට පිරිසිදු කරගන්න පුලුවන්... 😊🙏 හරියට අපේ වැරැන්ඩා එක වගේ... ඔයත් අද ඉඳන් උත්සහ කරන්න මුල ඉඳන්ම තමා අවට සහ හිත පිරිසිදු කරන්න බාධා වෙන දේවල් ටික ටික දුරස් කරන් සරළව සැහැල්ලුවෙන් සිත විවේක කරගන්න 😊 තෙරුවන් සරණයි! 🙏
.
© විලෝචනා අබේකෝන්