Pages

Monday, September 17, 2018

...::: රස්සාව :::...

'❤
මට ඕනෙ 
උඹ ගැනම හිත හිත ඉන්න පුළුවං,
රස්සාවක්... 🤔
පුටුවක ඉඳං,
මේසයක් උඩ...
උඹෙ පින්‍තූර කඩදහි පුරෝගෙන... 
උඹ ගැන ම,
ඔලුවෙ අත ගහගෙන, 🙄
කල්පනා කර කර ඉන්න පුලුවන් රස්සාවක්... 
උදෙන් ම වැඩට ඇවිත්,
පුලුවං උපරිම ඕ.ටී කරලා... 🤭
පරක්කු ම වෙලා ගෙදර යන්න... 
ගෙදර ගිහිනුත්... 
ඒ ලිපිගොනු ම බදන් ඉන්න...

වේතන නැතුව හරි,
මගෙ හිතේ,
ස්වේච්ඡාවෙන්ම,
විශ්‍රාම ගිහිනුත්... 😂
ආයෙ ආයෙ ඇවිත්,
වැරදි හදලා යන්න... 

කොච්චර වැඩ කලත්,
මහන්සි බිඳක් නොදැනෙන... 
උඹෙ මතක පොදි ගැහුණු...
මේ ලෝකෙ මෙතෙක් බිහි නොවුණු,
සුන්දර ම රස්සාව කරන්න... 😍

ඉල්ලන්නෙ මෙච්චරයි... 
සුදුසුකම් ෆයිල් වල ගැටගහලා,
මුතු අකුරෙන් ලියලා ගෙනාවෙ නැතුවට... 
කමක් නෑ... 
ඉන්ටර්වීව් පාස් කරන්න... 😘
ප්‍රොබේෂන් පීරියඩ් එකේ 
අඩුවක් වුණොත්...
ඉල්ලා අස් වෙලා...
පාඩුවෙ යන්නම්,
දෝෂාරෝපණය නැතුවම... 🤭
.
...::: විලෝචනා :::...'


මට ඕනෙ
උඹ ගැනම හිත හිත ඉන්න පුළුවං,
රස්සාවක්... 🤔
පුටුවක ඉඳං,
මේසයක් උඩ...
උඹෙ පින්තූර කඩදහි පුරෝගෙන...
උඹ ගැන ම,
ඔලුවෙ අත ගහගෙන, 🙄
කල්පනා කර කර ඉන්න පුලුවන් රස්සාවක්...
උදෙන් ම වැඩට ඇවිත්,
පුලුවං උපරිම ඕ.ටී කරලා... 🤭
පරක්කු ම වෙලා ගෙදර යන්න...
ගෙදර ගිහිනුත්...
ඒ ලිපිගොනු ම බදන් ඉන්න...

වේතන නැතුව හරි,
මගෙ හිතේ,
ස්වේච්ඡාවෙන්ම,
විශ්රාම ගිහිනුත්... 😂
ආයෙ ආයෙ ඇවිත්,
වැරදි හදලා යන්න...

කොච්චර වැඩ කලත්,
මහන්සි බිඳක් නොදැනෙන...
උඹෙ මතක පොදි ගැහුණු...
මේ ලෝකෙ මෙතෙක් බිහි නොවුණු,
සුන්දර ම රස්සාව කරන්න... 😍

ඉල්ලන්නෙ මෙච්චරයි...
සුදුසුකම් ෆයිල් වල ගැටගහලා,
මුතු අකුරෙන් ලියලා ගෙනාවෙ නැතුවට...
කමක් නෑ...
ඉන්ටර්වීව් පාස් කරන්න... 😘
ප්රොබේෂන් පීරියඩ් එකේ
අඩුවක් වුණොත්...
ඉල්ලා අස් වෙලා...
පාඩුවෙ යන්නම්,
දෝෂාරෝපණය නැතුවම... 🤭
.
...::: විලෝචනා :::...